Claim

නිමල් සිරිපාල ද සිල්වා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
2020 වසරේ තේ කොළ අපනයන ධාරිතාව ඉන් පෙර වසරේ [අපනයන ධාරිතාව වූ] කිලෝ මිලියන 265.5ක ප්‍රමාණයෙන් 9.2% කින්, එනම් කිලෝ මිලියන 27 කින් අඩුවී ඇත. අගය අතින් ගත් විට එය 2019 වසරේ [තේ අපනයන] ආදායම වූ රුපියල් බිලියන 230.1 ක අගයෙන් 4.3% කින් එනම් රුපියල් බිලියන 10.4 කින් පහත වැටී ඇත... එම ආදායම අඩුවී ඇත්තේ, තේ කොළ ඒකකයක FOඹ් වටිනාකම (නැව තෙක් නොමිලේ මිල) කිලෝවකට රුපියල් 866.70 ක් ලෙසින් එතෙක් මෙතෙක් වූ වැඩිම මිල දක්වා ඉහළ නැග ඇති අතරේදීයි. එනම් එය 2019 වසරේ මිලෙන් 5.4% ක වැඩිවීමකි.
ඩෙයිලි ඒෆ්ට්: 9 Feb 2021
Statement

Fact check
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා: තේ අපනයන ගැටළුව ගැන කරන විස්තරයේ කිසි කහටක් නැත
උක්ත ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සෙවීම සඳහා, FactCheck මගින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පරිශීලනය කරන්නට යෙදිණි.
අමාත්‍යවරයා විසින් මෙහිදී කරුණු තුනක් සංඛ්‍යාලේඛනද සමගින් පෙන්වා දෙයි. ඒවා නම්, (අ) තේ අපනයන ධාරිතාව පහළ වැටී ඇති බවත්, (ආ) තේ වෙළඳාමෙන් වන ඉපැයීම පහත වැටී ඇති බවත්, ඒසේ සිදු වී ඇත්තේ(ඇ) තේ කොළ වල මිළද ඉහළ ගොස් ඇති පසුබිමකදී වන බවත් වේ.
ඔහු විසින් ප්‍රකාශිත (ඇ) කරුණ සම්බන්ධයෙන් ගත් විට දත්ත මගින් පෙනී යන්නේ 2019 දී අපනයනය කළ තේ කොළ කිලෝවක් සඳහා වූ සාමාන්‍ය FOB වටිනාකම (නැව තෙක් නොමිලේ මිල) රුපියල් 822.25 ක් වූ බවයි. 2020 වසරේදී මෙම වටිනාකම රුපියල් 866.72 දක්වා ඉහළ නැග තිබිණි. එනම් අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයටම 5.4% ක වැඩිවීමකි.
එමෙන්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන (අ) කරුණ සම්බන්ධයෙන් ගත් විට, තේ කොළ අපනයන ධාරිතාව 2019 දී කිලෝග්‍රෑම් මිලියන 292.7 ක් වුවත් එය 2020 වන විට කිලෝග්‍රෑම් මිලියන 265.6 ක් දක්වා පහත වැටී ඇති බව දත්ත මගින් පෙනී යයි. එනම්, අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිශතයට ඉතා ආසන්නව තේ අපනයන ධාරිතාව 9.3% කින් පහත වැටී ඇත.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ (ආ) කරුණෙන් දැක්වෙන පසු ප්‍රතිඵලයද නිවැරදි බව කිව හැක. අපනයනය කළ තේ කොළ වල ඒකක මිල ඉහළ ගියද, අපනයන ධාරිතාව සෑහෙන ප්‍රමාණයකින් අඩු වීම හේතු කොටගෙන, අපනයනිත තේ කොළ වල සමස්ත ආදායම පහත වැටී ඇත. එනම් සමස්ත තේ අපනයන අගය 2019 දී රුපියල් බිලියන 240.6 ක් වූ අතර, 2020 දී එය රුපියල් බිලියන 230.2 ක් දක්වා පහත බැස ඇත. එය අමාත්‍යවරයා පැවසූ ලෙසටම රුපියල් බිලියන 10.4 ක නැතිනම් 4.3% ක පහත වැටීමකි.
මෙසේ උක්ත සඳහන් දත්ත අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රකාශය හා සැසඳෙන බැවින්, ඔහුගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
නිදර්ශකය 1: තේ අපනයනය (2019 – 2020)
Sources
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වෙළඳ සංඛ්‍යාලේඛන, ප්‍රවේශය: https://stat.edb.gov.lk/index.php