• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

නාමල් රාජපක්ෂ

එක්සත් ජනතා නිදහස් සන්ධානය

අද 560,000 ක් සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. 340,000 ක් උසස් පෙළ විභාගයට ලියනවා. 65,000 - 1,00,000 ත් අතර විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලයට යන්නේ 28,000 ක වගේ පිරිසක්.

මව්බිම: 11 Jul 2019

False

Statement

අද 560,000 ක් සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. 340,000 ක් උසස් පෙළ විභාගයට ලියනවා. 65,000 - 1,00,000 ත් අතර විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලයට යන්නේ 28,000 ක වගේ පිරිසක්.

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් සදොස් දත්ත, සදොස් ලෙසින් භාවිත කරයි

2019 මැයි මස 11 වෙනි දින මව්බිම පුවත්පත මගින් වාර්තා කළ ආකාරයට, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඉහත දැක්වෙන ප්‍රකාශය සිදුකර ඇත. එහිදී ඔහු විසින් අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 560,000 දෙනෙකු සහභාගී වන බවටත්, එයින් 28,000 ක් (ආසන්න වශයෙන් උක්ත සංඛ්‍යාවෙන් 5% ක ප්‍රතිශතයක්) සරසවි වරම් ලබාගන්නා බවත් නිශ්චිත අංකයන් දක්වා ඇත.

FactCheck මගින් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාවන් මෙන්ම ප්‍රකාශයේ හරයද, විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ (G.C.E. O/L) හා අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ (G.C.E. A/L) විභාගයන්ගේ දත්ත සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් (UGC) ලබාගත් සරසවි ප්‍රවේශ දත්ත ඇසුරු කරගනිමින් විමසුමට බඳුන් කොට ඇත.

1 වගුවේ පෙන්නුම් කරන ආකාරයට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් උපුටා දක්වා ඇති නිශ්චිත දත්ත අඩු තරමින් අවස්ථා තුනකදී සදොස්ව ඇත. එනම් (අ) අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින ප්‍රමාණය; (ආ) අ.පො.ස. උසස් පෙළ සමත් වන ප්‍රමාණය; සහ සරසවි ප්‍රවේශය ලබන ප්‍රමාණයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ හරයද සදොස් වන අතර, එසේ වන්නේ ඔහු විසින් භාවිතා කළ අගයන්ගේ සදොස් බව මත පමණක් නොවේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් ප්‍රමාණය දැක්වීමේදී, මන්ත්‍රීවරයා දැක්වූ සංඛ්‍යාව මගින් දක්වන්නේ පළමු වතාවට සාමාන්‍ය පෙළ සඳහා අසුන් ගන්නා සිසුන් පමණක් නොවන අතර; ඉන් පෙර වසර වලට අයත් වන, අඩු තරමින් එක් විෂයයක් සඳහා හෝ නැවත පෙනී සිටිනා සිසුන්ද ඊට අයත් වේ. 2018 වසරේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පළමු වතාවට පෙනී සිටි (විෂයයන් 5 ක් හෝ ඊට වැඩි ගණනක් සඳහා) පාසැල් අයදුම්කරුවන් සංඛ්‍යාව 296,029 ක් පමණක් විණි. එසේම 2018 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පුද්ගලික අයදුම්කරුවන් 139,129 ක ප්‍රමාණයක්ද පෙනී සිටි අතර, ඉන් 19,621 ක් පමණක් අඩු තරමින් විෂයයන් පහකට හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා අසුන් ගෙන ඇත. කෙසේ වුවත් ලබාගැනීමට ඇති දත්ත තුළ, පුද්ගලික අයදුම්කරුවන් පළමු වතාවට විභාගයට පෙනී සිටින්නේද නැද්ද යන්න විශේෂයෙන් සඳහන් නොවේ. මෙහි අරුත වන්නේ, සාමාන්‍ය එක් වසරකට අයත් අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ පාසැල් අයදුම්කරුවන් කණ්ඩායමකින් සරසවි වරම් ලබාගන්නේ 9.6% ක පමණ පිරිසක් බවයි. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත සංඛ්‍යාලේඛනයන්හි දැක්වෙන 5% ක ප්‍රමාණයට වඩා වැඩි පිරිසකි.

මෙසේ සදොස් දත්ත සදොස් ආකාරයෙන් භාවිතා කිරීම නිසා, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රගමනයේ තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මගින් සදොස් තොරතුරු සහ සදොස් අර්ථයක් ලබාදී ඇත. එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය සාවද්‍ය බව අපි ප්‍රකාශ කරමු.

*FactCheck හි විනිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අයදුම්කරුවන්ගේ සාධනය (2016-2018)


Sources

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය– අපේක්ෂකයින්ගේ සාධන වාර්තාව, පිටුව 3: https://doenets.lk/documents/statistics/G.C.E.(O.L.)2018.pdf

අ.පො.ස. (උසස් පෙළ) විභාගය– අපේක්ෂකයින්ගේ සාධන වාර්තාව, පිටුව 3: https://doenets.lk/documents/statistics/2018ALAnalysisBook.pdf

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන වාර්තාව, පරිච්ඡේදය 2, පිටුව 19: https://www.ugc.ac.lk/en/component/content/article/2029-sri-lanka-university-statistics-2017.html

https://www.ugc.ac.lk/downloads/statistics/stat_2018/Chapter2.pdf

උපුටා දක්වා ඇති ප්‍රවෘත්ති වාර්තාව සඳහා මෙතැනින් (පිටුව 10):                       https://mawbima.lk/backend/uploads/e_paper/11-07-2019-Main-mawbima-city.pdf


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION