Claim

මුජිබර් රහ්මාන්
එක්සත් ජාතික පක්ෂ
අපි දන්නවා විශාල මුදලක් මේ [කොවිඩ්-19 වසංගත] ව්‍යසනය පාලනය කරන්න අපේ රටට විදේශයෙන් ලැබිලා තියෙනවා....සාමාන්‍යයෙන් ඔක්කොම එකතුතරලා බැලුවහම [ශ්‍රී ලංකාවට] රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර ලැබිලා තියෙනවා....
ලංකාදීප: 28 Apr 2020
Statement
අපි දන්නවා විශාල මුදලක් මේ [කොවිඩ්-19 වසංගත] ව්‍යසනය පාලනය කරන්න අපේ රටට විදේශයෙන් ලැබිලා තියෙනවා....සාමාන්‍යයෙන් ඔක්කොම එකතුතරලා බැලුවහම [ශ්‍රී ලංකාවට] රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර ලැබිලා තියෙනවා....
Fact check
කොවිඩ්-19 වෙත ලැබුණු විදෙස් මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුජිබර් රහ්මාන් සාමාන්‍යයෙන් වන වැරදි වැටහීමක
2020 අප්‍රේල් 28 වැනි දින ලංකාදීප පුවත්පතේ උපුටා දැක්වුණු ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් විසින් ප්‍රකාශ කරන ලද්දේ, කොරෝනාවෛරස වසංගතය සම්බන්ධව කටයුතු කිරීම සඳහා රජයට විදෙස් ආයතන සංවිධාන වලින් “රුපියල් බිලියන 200 කට ආසන්න මුදලක් ලැබී ඇති” බවයි. මෙහිදී ලංකාදීප පුවත්පතේ වූ ලිපියෙන් රහ්මාන්ගේ ප්‍රකාශය දක්වා තිබුණේ ඔහු ප්‍රදානයන් සැපයීම් සම්බන්ධයෙන් සඳහන් කරන ලෙසින් වුවත්, FactCheck මගින් ඔහුගේ පැවසූ දෙය සම්පූර්ණයෙන්ම පුවත් පත මගින් උපුටා දක්වා ඇති ප්‍රකාශය මත පදනම්ව අර්ථනිරූපණය කොට ඇත. ඒ අනුව FactCheck මගින් රහ්මාන්ගේ ප්‍රකාශය අර්ථනිරූපණය කොට ඇත්තේ, ප්‍රදානයන්ට සීමා නොවූ, වියදම් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන (එනම් පරිත්‍යාග, ප්‍රදානයන්, යම් ක්‍රියාකාරකමකට සෘජුව යෙදවිය හැකි අරමුදල් යනාදිය) සඳහා වන බැඳීම් සම්බන්ධව ඔහු සඳහන් කරන බව ගනිමිනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කරනා සංඛ්‍යාවට එළැඹුනේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා, FactCheck මගින් ශ්‍රී ලංකාව විදෙස් රටවල් හා එළැඹුණු මූල්‍ය විධිවිධානයන් සම්බන්ධ පුවත් වාර්තාවන් පරීක්ෂා කර බලන්නට යෙදිණි. පළමු නිදර්ශකයෙන් දක්වන ආකාරයට, 2020 අප්‍රේල් 28 වන විට රුපියල් බිලියන 203.4 ක මුදලක් එවැනි විධිවිධානයන්ගේ ආකාරයෙන් වාර්තා වී තිබිණි. (සැලකිය යුතුයි: මෙම සංඛ්‍යාවන් පැමිණ ඇත්තේ වාර්තාවන් තුළ සඳහන් ප්‍රතිඥා ලබාදුන් අගයයන් පදනම් වෙමින් වේ. මෙම විශ්ලේෂණය සිදුකරන මොහොත වන විට, ගෙවා ඇති මුදල් ප්‍රමාණයන් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට නොතිබුණි. එසේම වෛද්‍ය උපකරණ හෝ වෙනත් සහන ලෙසින් ලැබුණු කාරුණික ආධාර මෙහිදී ගණන් නොගැනුණි.)
කෙසේ වුවත්, හිටපු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ ආකාරයට මෙම සියලුම මූල්‍ය විධිවිධානයන් වියදම් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන ලෙසින් ගණන් ගත නොහේ. කොවිඩ්-19 හා සම්බන්ධ සහාය සඳහා අදාළ වන ආකාර තුනක මූල්‍ය විධිවිධානයන් ප්‍රසිද්ධ කෙරී ඇත.
1. ප්‍රදානයන්:
මෙම ආකාරයේ මූල්‍ය ප්‍රතිපාදනයන් කොවිඩ්-19 පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා වියදම් කළ හැකි අතර, එය නැවත ගෙවිය යුතු නොවේ. ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.4 ක මුදලක් ප්‍රදානයන් ලෙසින් ලැබී ඇත.
2. ණය:
මේ ආකාරයේ ප්‍රතිපාදනයන්ද වියදම් කළ හැකි මූල්‍ය ලෙසින් සැලකිය හැකි වුවත්, එය අනාගතයේදී ගෙවිය යුතු වේ. මෙම ණය ප්‍රමාණය (ලෝක බැංකුවෙන් ලැබුණු විවෘත ණය මාර්ගයද ඇතුළත්ව) ශ්‍රී ලංකා රුපියල් බිලියන 121.0 ක් වේ.
3. විනිමය හුවමාරු එකඟතා (Currency swap):
මෙම ආකාරය වියදම් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන වෙත අයත් නොවන අතර, එයින් ශ්‍රී ලංකා රජය අත ඇති මුදල් ප්‍රමාණයට හෝ කොවිඩ්-19 සඳහා මුදල් වියදම් කිරීමට ඇති හැකියාවට මෙයින් වෙනස්කමක් සිදු නොකරයි. එය රුපියල් ප‍්‍රමාණයට සමාන ඩොලර් ප‍්‍රමාණයක් ලබාගැනීමට කෙරෙන හුදු සාමාන්‍ය හුවමාරුවක් පමණකි.
කොවිඩ්-19 වසංගතය පැතිර යෑම හමුවේ තමන්ගේ සංචිත වැඩි කරගැනීමත්, කෙටිකාලීන ජාත්‍යන්තර ද්‍රවශීලතා අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් සඳහා, ශ්‍රී ලංකාව ඉන්දීය සංචිත බැංකුව හා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වන (ශ්‍රී ලංකා රුපියල් බිලියන 77 කට සමාන ප්‍රමාණයක්) විනිමය හුවමාරු එකඟතාවයකට පැමිනුණි. මෙවැනි විනිමය හුවමාරු ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට නම් හැඟවෙන්නේ දේශීය කටයුතු සඳහා මුදල් යෙදවීමට මෙම ලැබුණු ඩොලර් භාවිතා කළ හැකි බවයි. මෙය සාමාන්‍යයෙන් වන වරදවා වටහාගැනීමකි. මෙවන් විනිමය හුවමාරු ඔස්සේ ලැබෙනා මුදල් යැවෙන්නේ මහ බැංකු සංචිත වෙත වන අතර, ඒවා රජයට වියදම් කිරීම සඳහා ලබාගත නොහැක. එකඟ වූ කාල සීමාව අවසානයේදී මෙසේ කළ විනිමය හුවමාරුව, අනෙක් පසට, එනම් මුදල් නැවත අනෙක් පාර්ශවය සමග හුවමාරු කරගැනීමට හැකිය. මේ අනුව, කොවිඩ්-19 හා සම්බන්ධ කටයුතු සඳහා වියදම් කළ හැක්කේ විදෙස් ආයතන සංවිධාන මගින් ලබාදුන් මූල්‍ය ප්‍රතිඥාවන්ගෙන් රුපියල් බිලියන 126.4 ක් (නැතිනම් 62.1% ක්) පමණි. මෙනිසා මන්තී‍්‍රවරයා ලැබුණු මුදලේ වටිනාකම සම්බන්ධයෙන් නිවැරදිය.නමුත් ඔහු විනිමය හුමවාරුවක් හරහා ඉන්දියාවෙන් ලැබුණු මුදල, වියදම් කළ හැකි මුදලක් යැයි මෙවන් අවස්ථාවක සාමාන්‍යයෙන් වන වැරදි වැටහීමට නතුව ඇත.
එනිසා ඔහුගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
https://www.adb.org/news/adb-provides-assistance-combat-covid-19-sri-lanka
https://srilanka.embassy.gov.au/clmb/0.html
https://www.who.int/srilanka/news/detail/20-03-2020-government-of-australia-and-who-partner-to-support-covid-19-preparedness-and-response-in-sri-lanka
https://www.adb.org/news/adb-unicef-join-forces-supply-emergency-medical-equipment-support-sri-lanka-s-covid-19-response
https://lk.usembassy.gov/u-s-assistance-will-protect-sri-lankas-healthcare-workers-and-improve-covid-19-tracking-and-testing/
https://eeas.europa.eu/delegations/sri-lanka/77364/covid-19-european-union-provides-eur-22-million-grant-sri-lanka_en
https://www.newsfirst.lk/2020/04/22/japan-grants-usd-1-2-million-to-combat-covid-19-in-srilanka/
http://lk.china-embassy.org/eng/xwdt/t1758013.htm
https://www.worldbank.org/en/news/press-release/2020/04/01/world-bank-fast-track-support-covid19-corona
http://www.erd.gov.lk/index.php?option=com_content&view=category&layout=blog&id=29&Itemid=226&lang=en#
https://www.worldbank.org/en/news/press-release/2020/04/01/world-bank-fast-track-support-covid19-corona
http://www.erd.gov.lk/index.php?option=com_content&view=category&layout=blog&id=29&Itemid=226&lang=en#
https://economynext.com/sri-lanka-cabinet-approves-us400mn-currency-swap-from-india-67835/
https://economictimes.indiatimes.com/news/economy/finance/sri-lanka-to-seek-400-million-financial-facility-from-rbi-to-meet-short-term-needs/articleshow/75347534.cms?from=mdr