Claim

මංගල සමරවීර
එක්සත් ජාතික පක්ෂය
...මාස 4ක ආනයන වියදම ආවරණය කිරීමට සමත් ඩොලර් බිලියන 7.6ක විදෙස් සංචිතයන් පැවතීම, වසර 5කට පසු අඩුම වෙළඳ හිඟය පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වීම, වසර 60කට පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතීම, යන කාරණා හමුවේ ආර්ථික දර්ශකයන්වල ධනාත්මක ප්‍රවණතාවයක් දැකගත හැකිවිය.
ඩේලි නිව්ස්: 6 May 2019
Statement
...මාස 4ක ආනයන වියදම ආවරණය කිරීමට සමත් ඩොලර් බිලියන 7.6ක විදෙස් සංචිතයන් පැවතීම, වසර 5කට පසු අඩුම වෙළඳ හිඟය පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වීම, වසර 60කට පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතීම, යන කාරණා හමුවේ ආර්ථික දර්ශකයන්වල ධනාත්මක ප්‍රවණතාවයක් දැකගත හැකිවිය.
Fact check
ආර්ථික දර්ශකයන් පිළිබඳව මුදල් අමාත්‍යවරයා බොහෝ දුරට නිවැරදිය
2019 මැයි 6 වන දින ඩේලි නිව්ස් පුවත්පත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලබා දුන් පහත ප්‍රකාශයන් වාර්තා කරන ලදී:
- විදේශ සංචිත ඩොලර් බිලියන 7.6 ක් වූ අතර, මෙය ආනයනික මාස 4 කට සමාන වේ;
- පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය වසර පහක් තුළ වාර්තා කළ අඩුම අගය පෙන්නුම් කර ඇත; සහ
- ශ්‍රී ලංකාව අවුරුදු හැටකින් පසු ප්‍රථම වතාවට ප්‍රාථමික ශේෂයෙහි අතිරික්තයක් ලබා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ පුවත්පත් නිවේදන සහ 2018 වාර්ෂික වාර්තාව මගින් පහත තොරතුරු ලබා දී තිබුණි:
පළමු ප්‍රකාශය සඳහා: මාර්තු මස අවසානය වන විට රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.6 ක් වූ අතර, එය ආනයනික මාස 4.3 ට සමාන විය (විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ පුවත්පත් නිවේදනය, 2019 මාර්තු).
දෙවන ප්‍රකාශය සඳහා: 2019 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය ඩොලර් මිලියන 451 ක් දක්වා අඩුවිය. මෙය වසර පහකට වැඩි කාලයක් ඇතුළත ලැබූ අඩුම වෙළඳ හිඟය වේ (විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ පුවත්පත් නිවේදනය, 2019 පෙබරවාරි).
තෙවන ප්‍රකාශය සඳහා: ශ්‍රී ලංකාව 1954, 1955, 1992, 2017 සහ 2018 වසරවලද ප්‍රාථමික ශේෂයෙහි අතිරික්තයක් ලබා ඇත (මහ බැංකු වාර්තාව, 2018). මේ අනුව 2017 වසර යනු ශ්‍රී ලංකාව වසර 60 ක් තුළ ප්‍රාථමික ශේෂයෙහි අතිරික්තයක් ලැබූ දෙවන වතාව වන අතර, පළමු වතාව නොවේ. එය වසර 25 කින් ප්‍රාථමික ශේෂයෙහි අතිරික්තයක් ලැබූ පළමු වතාව වන අතර, වසර 60 කින් ප්‍රාථමික ශේෂයෙහි අතිරික්තයක් ලැබූ පළමු වතාව නොවේ.
මංගල සමරවීර අමාත්‍යවරයා පළමු ප්‍රකාශ දෙක පිළිබඳව නිවැරදි වුවත් තෙවන ප්‍රකාශය පිළිබඳව වැරදිය. මේ අනුව අපි ඔහුගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙස නම් කෙරුවෙමු.
*FactCheck හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අපි සුදානම්.
අමතර සටහන
මෙම ප්‍රකාශය ඔස්සේ අමාත්‍යවරයා ඉදිරිපත් කරන සමස්ත තර්කය නම් ආර්ථික දර්ශකයන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.මේ අනුව, තෙවන ප්‍රකාශයෙහි අමාත්‍යවරයාගේ දත්ත වැරදි වුවත්, නිවැරදි දත්ත සලකා බැලූ විට ඔහුගේ සමස්ත තර්කය නිවැරදිය.
Sources
පළමු ප්‍රකාශය සඳහා: ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ පුවත්පත් නිවේදනය, 2019 මාර්තු: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20190528_External_Sector_Performance_March_2019_s.pdf
දෙවන ප්‍රකාශය සඳහා: ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ පුවත්පත් නිවේදනය, 2019 පෙබරවාරි: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20190422_External_Sector_Performance_February_2019_s.pdf
තෙවන ප්‍රකාශය සඳහා: ශ්‍රී ලංකා මහා බැංකුව, වාර්ෂික වාර්තාව 2018, විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, 6 වැනි සංඛ්‍යා සටහන: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/si/15_S_Appendix.pdf