• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මංගල සමරවීර

එක්සත් ජාතික පක්ෂය

"සිගරට් අලෙවිය වටීමෙන් කෝටි 1800 ක බදු ආදායමක් අහිමි වෙලා"

ලංකාදීප: 12 Sep 2018

Blatantly False

Statement

"සිගරට් අලෙවිය වටීමෙන් කෝටි 1800 ක බදු ආදායමක් අහිමි වෙලා"

Fact check

මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නට යෙදුණේ සිගරට් අලෙවිය අඩු වීම නිසා, සිගරට් මගින් ලැබෙනා බදු ආදායම රුපියල් බිලියන 18 කින් අඩුවී ඇති බවයි.

කෙසේ නමුත් දත්ත දෙස බලන විට ඔහු වැරදි බව වැටහී යයි.

මෙම දැක්වෙන ප්‍රකාශය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් සැප්තැම්බර් 11 කැබිනට් ‍රැස්වීමේදී කළ කථාවේදී සිදුකරන්නට යෙදිණි. එම ප්‍රකාශය මෙසේ විණි: අඩුවූ සිගරට් අලෙවිය හේතුවෙන් රුපියල් කෝටි 1,800 ක (රුපියල් බිලියන 18 ක) බදු ආදායමක් අහිමි වී ඇත. මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ 2016 නොවැම්බර් මස සිදුවූ බදු සංශෝධනය සම්බන්ධයෙන් විය හැකි යැයි තේරුම් ගත හැක්කේ, ඉන් පසුව වූ 2018 ජූලි 31 බදු සංශෝධනයෙන් සිදු විය හැකි බලපෑමක් නොතිබුණු තරම් බැවිණි.

බදු/මිල සංශෝධන තොරතුරු:

මෙම සංශෝධනයෙන් බදු දෙකක් පැනවේ. පළමුවැන්න වන්නේ 2016 ඔක්තෝබර් 4 බලපැවැත්වුණු සිගරට් සඳහා වන නිෂ්පාදන බදු වැඩිකිරීමයි. දෙවැන්න නම් මින් පෙර ඉවත් කොට තිබූ සිගරට් සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) 2016 නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත පැනවීමයි. මෙයට ප්‍රතිචාර ලෙසින් ලංකා දුම්කොළ සමාගම මගින් සිගරට් මිල මෙම බදු ද්විත්වයේ වැඩිවීමේ එකතුවටද වඩා වැඩි අගයකින් ඉහළ දමන්නට යෙදිණි.

කරුණු පිරික්සුම:

සිගරට් වල ඉහළ ගිය මිල නිසා සිගරට් අලෙවියේ අඩු වීමක් සිදුවී තිබේ. නමුත් උක්ත ප්‍රකාශයේ ආකාරයට මෙම සිගරට් අලෙවිය අඩුවීම, බදු ආදායමද රුපියල් බිලියන 18 කින් අඩු වීමට හේතු වී ඇත්ද?

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව කරුණු පිරික්සීම සඳහා, 2017 සිගරට් අලෙවිය හා බදු ආදායම, 2016 සිගරට් අලෙවිය හා බදු ආදායම හා සංසන්දනය කිරීම කළ හැක. මෙම සංසන්දනය වගු අංක 1 හි දක්වා ඇත.

සිගරට් අලෙවිය: මෙම දත්ත මගින් පෙන්වා දෙන පරිදි බදු සහ මිල සංශෝධනයෙන් පසුව සිගරට් අලෙවිය පහත වැටී ඇත. 2016 සහ 2017 වසර අතර සිගරට්‍ටු අලෙවිය බිලියන 3.79 සිට බිලියන 3.15 දක්වා පහත වැටී ඇත. එනම් සිගරට් අලෙවිය බිලියන 0.64 කින් නැතිනම් 16.9% කින් පහත වැටී ඇත.

බදු ආදායම: දත්ත මගින් පෙන්වා දෙන පරිදි බදු සංශෝධනයෙන් පසුව බදු ආදායමේ වැඩිවීමක් දක්නට ඇත. 2016 සහ 2017 වසර අතර බදු ආදායම රුපියල් බිලියන 89.7 ක සිට රුපියල් බිලියන 107.4 දක්වා ඉහළ ගොස් ඇත. මේ රුපියල් බිලියන 17.7 ක වැඩිවීමකි. (සැබවින්ම මෙම සංසන්දය, බදු නිසා ආදායම් වැඩිවීම අඩු ඇස්තමේන්තුකින් දක්වයි. මන්දයත්, බදු වැඩිවීම නොවැම්බර් 1 සිදුවූ බැවින් ආදායමේ යම් වැඩිවීමක් 2016 අවසන් මාස දෙක තුල සිදුවූ බැවිනි.)

සමස්තයක් ලෙසින් බැලූ විට, 2016 බදු සහ මිල වැඩිවීමෙන් පසුව සිගරට් අලෙවිය පහත වැ‍ටුණද බදු ආදායම උක්ත ප්‍රකාශයේ කියැවෙන ආකාරයට රුපියල් බිලියන 18 කින් පහත වැටෙනු වෙනුවට, රුපියල් මිලියන 18 කින් ඉහළ නැග ඇත.

තීරණය:

දත්ත මගින් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය, සැබෑ තත්වය හා බැලූ විට පරස්පර විරෝධී වන බවයි. එනිසා මෙම ප්‍රකාශය නිසැකවම සාවද්‍ය යැයි වර්ගීකරණය කළ හැක.

වගුව 1: 2015 සිට 2017 දක්වා බදු ආදායම සහ සිගරට් අලෙවිය සංසන්දනය



Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION