• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මහින්ද රාජපක්ෂ

එක්සත් ජනතා නිදහස් සන්ධානය

අද වන විට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය 50% ට වඩා වැඩියි.

දිවයින: 2 Sep 2019

True

Statement

අද වන විට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය 50% ට වඩා වැඩියි.

Fact check

කාන්තාවන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවැරදියි.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍ය භාවය සොයා බැලීම සඳහා, අප විසින් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයන් හි 2018 වසරේ උපාධි අපේක්ෂකයින් ලෙසින් ලියාපදිංචි වීම් වල සංඛ්‍යාලේඛනයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් (UGC) විමසුම් කළෙමු. මෙහිදී අපට ලබාගැනීමට හැකිවූ සංඛ්‍යාලේඛනයන් මගින් ආවරණය කෙරෙන්නේ 1978 වසරේ අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපනය කෙරුණු ආයතනයන් පමණි. මෙම පනත යටතට නොගැනෙන රාජ්‍ය සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන් ගණනාවක් පවතී.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2018 වසරේ උසස් අධ්‍යාපන ආයතනයන්හි ලියාපදිංචි වූ අයවලුන් 97,815 දෙනෙකුගෙන් 62,907 දෙනෙකු කාන්තාවන් වේ. එනම් ප්‍රතිශතයක් ලෙසින් එය 64.3% කි.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය (මෙය ආරක්ෂක අමාත්‍යාංශය මගින් පාලනය වේ) හෝ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා ලබාදෙන, පෞද්ගලිකව පාලනය වන ආයතනයකි) වැනි විශ්වවිද්‍යාල පනත යටතට නොගැනෙන සරසවි/උසස් අධ්‍යාපන ආයතනයන් මගින් ප්‍රකාශිත සංඛ්‍යාලේඛන සොයා ගැනීමට FactCheck කණ්ඩායම අසමත් වුණි. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගත් සංඛ්‍යාලේඛන තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම උදෙසා, FactCheck කණ්ඩායම ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේ (LFS) සංඛ්‍යාලේඛන භාවිතා කොට ඇත. 2014 වසරේ ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ දත්ත ඔස්සේ කළ අපගේ විශ්ලේෂණයෙන්, කාන්තාවන්ගෙන් 57% කට වැඩි ප්‍රමාණයක් තමන් විශ්වවිද්‍යාල වල ලියාපදිංචි වූවන් ලෙසින් වාර්තා කොට ඇති බව හෙළි විණි. 2018 වසර සඳහා විශ්වවිද්‍යාල පනත මගින් ආවරණය වන සහ නොවන සියලුම ආයතනයන්හි අවසාන දත්ත ලබාගැනීමට නොහැකි වුවත්, අප ඉහතින් සඳහන් කර ඇති ආකාරයට විමසුමට ලක් කළ දත්ත වල සං‍යෝජනය තුළින් ලබාගත හැකි නිර්ණය වන්නේ, අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකළ මෙම ප්‍රකාශය නිවැරදි බවයි.

එම නිසා අපි, අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සත්‍ය වේ යැයි ප්‍රකාශ කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

Sources: University Grants Commission, Statistical Report 2018 – Student Enrolment, available at: https://www.ugc.ac.lk/downloads/statistics/stat_2018/Chapter3.pdf

University Grants Commission, Other Government Universities, available at:

https://www.ugc.ac.lk/en/universities-and-institutes/other-government-universities.html

University Grants Commission, Other Recongnised Degrees, available at: https://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

For the original article: Divaina, 2 September 2019, available at: http://epaper.divaina.com/index.php?option=com_flippingbook&view=book&id=5391


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION