Claim

මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයා
2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මතකරගත්ත.
අරුණ: 29 Jun 2020
Statement
2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මතකරගත්ත.
Fact check
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත සම්බන්ධයෙන් තතු වරදවා ගනී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ, පසුගිය රජය විසින් අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත (OMP) බලාත්කාරයෙන් බලාත්මක කරගත් බවටයි. තම ප්‍රකාශය තුළ අගමැතිවරයා විසින් හඟවනු ලැබුවේ, මෙම බලාත්කාරී බලාත්මක කිරීම තුළ විරුද්ධත්වයකට හෝ විසම්මුතියකට ඉඩක් නොතිබුණු බවයි.
මෙම ප්‍රකාශය තක්සේරු කිරීම සඳහා FactCheck මගින් පොදුජනයාට ප්‍රවේශ වීමට හැකියාව තිබෙන පාර්ලිමේන්තු විවාද සහ හැන්සාඩ්, පාර්ලිමේන්තු න්‍යාය පත්‍ර හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ඇතුළු ක්‍රියාපටිපාටීන් විමසා බලා ඇත.
2016 අගෝස්තු 11 වන දින අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත ඒකමතික අනුමැතිය සහිතව සම්මත වූයේ, පනත් කෙටුම්පතේ තුන්වන කියැවීමෙන් පසුවයි. එදින සිටි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු විසින් හෝ පනත් කෙටුම්පත සඳහා ඡන්දයක් ඉල්ලා සිටීමෙන් ඊට කිසිදු විසම්මුතියක් පළ කර නොතිබුණි.
මෙම පනත් කෙටුම්පත අවසන් මත වරණය සඳහා ඉදිරිපත් කිරීමට පෙරාතුව, පාර්ලිමේන්තු සාකච්ඡාවන් සහ අනුමැතීන් සඳහා වන සාමාන්‍ය සිවු-අදියර නියමිත ක්‍රියාවලිය අනුගමනය කර තිබිණි. එනම්:
පනත් කෙටුම්පතේ පළමු කියැවීම, එය බලාත්මක කිරීමට මාස දෙකකට පෙරාතුව, එය පාර්ලිමේන්තුව මගින් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට (SOC) යොමු කිරීමෙන් පසුව සිදුවිණි.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළත් වූ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මෙම කෙටුම්පත විමංසනය කොට අදාළ සංශෝධනයන් සිදුකරන ලදී.
දෙවන කියැවීමේදී සමස්ත පාර්ලිමේන්තුවම ‘කාරක සභාවක් ලෙසින් හිඳ’ මෙම පනත් කෙටුම්පත පිළිබඳව තවදුරටත් විවාද කර සංශෝධනය කරන ලද අතර, ඉන් පසුව තෙවැනි කියැවීමට යොමුවන ලදී.
තුන්වන කියැවීමේදී මෙම පනත් කෙටුම්පත සඳහා සංශෝධනයන් යෝජනා කිරීමට විපක්ෂයට තවත් අවස්ථාවක් තිබූ නමුත්, එයට අදාළ ස්ථාවර නියෝගයන් ඉල්ලා නොතිබුණි.
මෙම කරුණු කාරණාවන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ: (1) අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත (ක්‍රියාකාරීව) ඒකමතික අනුමැතියෙන් යුතුව සම්මත කෙරී ඇති බවත්, (2) විපක්ෂයේ මේ සම්බන්ධ අදහස් ප්‍රකාශ කරන්නට සහ අන්තර්ගත කරන්නට ප්‍රමාණවත් කාලයක් හා අවකාශයක් ලබාදෙමින් පනත් කෙටුම්පත ක්‍රමානුකූලව අදාළ පටිපාටිය අනුගමනය කෙරී තිබුණු බවත්, සහ (3) මෙම පනත් කෙටුම්පත බලාත්මක කිරීමට පෙර අදියර දෙකකදී -එනම් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවේදී සහ පාර්ලිමේන්තු විවාදයේදී- සංශෝධනය කෙරී තිබෙනා බවත් වේ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පනත විපක්ෂයට විවාදයකට අවස්ථාවක් නොදී බලාත්කාරයෙන් බලායනය කරගත් බවට කෙරෙන ප්‍රකාශය සඳහා උක්ත කරුණු කාරණා සහායක් නොදක්වයි.
එනිසා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය සාවද්‍ය යැයි අපි නිගමනය කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
මූලාශ්‍ර:
2016 ජූනි 22 වැනි දින පාර්ලිමේන්තු විවාදයන් (හැන්සාඩ්), ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/uploads/documents/hansard/1467092257039111.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 02]
2016 අගෝස්තු 11 වැනි දින පාර්ලිමේන්තු විවාදයන් (හැන්සාඩ්), ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/uploads/documents/hansard/1471839745010304.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 02]
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව (2016 අගෝස්තු 10), ප්‍රවේශය මෙතැනින්: https://parliament.lk/uploads/comreports/1479286790086814.pdf#page=1 [අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 02]
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/files/pdf/standing-orders-en.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 02]
අද දෙරණ, Speaker Signs Office on Missing Persons Act (2016 අගෝස්තු 23), ප්‍රවේශය මෙතැනින්: http://www.adaderana.lk/news.php?mode=beauti&nid=36626 [අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 02]