• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මහින්ද රාජපක්ෂ

විපක්‍ෂ නායක

පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය... මෙසේ ලබා ගන්නා ණය මගේ රජය කාලයදී ලබා ගත් ණය ගෙවීම සඳහා ලබා ගන්න බව කීවත්, මෙම ණය ලබා ගන්නේ පෙර ණය ගෙවීමට නම්, රටෙහි ඉතිරිව ඇති මුළු ණය ප්‍රමාණය වැඩි විය නොහැක.

ද අයිලන්ඩ්: 12 Jan 2019

False

Statement

පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය... මෙසේ ලබා ගන්නා ණය මගේ රජය කාලයදී ලබා ගත් ණය ගෙවීම සඳහා ලබා ගන්න බව කීවත්, මෙම ණය ලබා ගන්නේ පෙර ණය ගෙවීමට නම්, රටෙහි ඉතිරිව ඇති මුළු ණය ප්‍රමාණය වැඩි විය නොහැක.

Fact check

මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය

2019 ජනවාරි 12 වන දින 'ද අයිලන්ඩ්' පුවත්පත මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ පහත ප්‍රකාශය වාර්තා කර තිබේ.

පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය....  මෙසේ ලබා ගන්නා ණය මගේ රජය කාලයදී ලබා ගත් ණය ගෙවීම සඳහා ලබා ගන්න බව කීවත්, මෙම ණය ලබා ගන්නේ පෙර ණය ගෙවීමට නම්, රටෙහි ඉතිරිව ඇති මුළු ණය ප්‍රමාණය වැඩි විය නොහැක.

(අදාළ පුවත් වාර්තාව සඳහා මෙම සබැඳිය බලන්න:   http://bit.do/MRdebt-Island)

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ දෙකක් සිදු කරයි:

1. 2014 වසරෙහි දෙසැම්බර් මාසය වන විට රටෙහි තිබූ මුළු ණය ප්‍රමාණයෙන් 50% කට සමාන ණය ප්‍රමාණයක් එ.ජා.ප. ආණ්ඩුවෙන් ණයට ගෙන ඇත; සහ

2. මෙම ආණ්ඩුව ණය ලබා ගන්නේ පෙර ලබා ගත් ණය ගෙවීමට පමණක් නම් රටෙහි ඇති මුළු ණය ප්‍රමාණය වැඩි විය නොහැක.

මෙයට අදාළ දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ රාජපක්ෂ මහතා ප්‍රකාශයන් දෙක පිළිබඳවම නිවැරදි නොවන බවයි.

පළමු ප්‍රකාශය:

1 වගුවෙන් ලබා දී ඇත්තේ 2014 වසර අවසානය වනවිට (මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලය අවසන් වන විට) සහ 2018 සැප්තැම්බර් වනවිට (රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය සිදු කරන විට) රටෙහි තිබූ මුළු දේශීය සහ විදේශීය ණය ප්‍රමාණයන්ය. අපගේ ගණනය කිරීම්වලට අනුව පෙනී යන්නේ වර්තමාන රජය යටතේ එකතු වූ මුළු ණය ප්‍රමාණය 2014 වසරේ දෙසැම්බර් වන විට තිබූ ණය ප්‍රමාණයෙන් 35.9% ක් බවත්, රාජපක්ෂ මහතා පැවසූ පරිදි 50% ක් නොවන බවත් ය.

මේ අනුව පළමු ප්‍රකාශය සාවද්‍යය.

දෙවන ප්‍රකාශය:

මෙම ප්‍රකාශය සත්‍යයක් වන්නේ ණය ලබා ගෙන ඇත්තේ පොළියක් නොමැතිව නම් පමණි. පොළියක් නොමැතිව ණය ලබා ගන්නේ නම් ගෙවීමට සිදු වනුයේ ලබා ගත් ප්‍රාග්ධනය පමණි.

කෙසේ වෙතත් "ණය ආපසු ගෙවීම්" වලදී ගෙවන්නට සිදු වන්නේ ප්‍රාග්ධන වියදම් පමණක් නොවේ. පොළී  ගෙවීම්ද මෙයට ඇතුළත්ය. අනෙකුත් ගෙවීම් සිදු කළ පසු රජයට අතිරික්ත ආදායමක් නැත්නම් ඉහත කී පොළී ගෙවීම් සිදු කරන්නට සිදු වන්නේ තවත් ණය ලබා ගැනීමෙනි. මෙම ණය සඳහා තවත් පොළී ගෙවීම් සිදු කළ යුතු අතර, ඒ සඳහා යළිදු ණය ලබා ගත යුතුය. එබැවින් රජය ණය ලබා ගන්නේ පෙර ණය ගෙවීමට පමණක් වූවද මුළු ණය ප්‍රමාණය ඉහළ යනු ඇත.

මේ අනුව රාජපක්ෂ මහතාගේ දෙවන ප්‍රකාශයද සාවද්‍යය.

මේ කරුණු සළකා බලා අප විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සාවද්‍ය ලෙස නම් කර ඇත.

2014 වසර අග වන විට තිබූ ණය සඳහා පොළිය ගෙවීම හේතුවෙන් වැඩිවූ ණය ප්‍රමාණය කොපමණද?

2 වගුවෙන් පෙන්වන්නේ 2014 වසර තෙක් ලබාගත් ණය සඳහා පොළිය ගෙවීමට 2015 වසරේ සිට 2018 සැප්තැම්බර් වසර දක්වා දැරීමට සිදුවූ වියදමයි. මෙම වියදම රු. බිලියන 2,059 පමණ වන අතර, එය 2014 වසර වන ලබා ගෙන තිබූ ණය ප්‍රමාණයෙන් 24.8% ක් ය. වර්තමාන රජය වෙනත් වියදම් පියවා ගැනීමට ණය නොගෙන, පසුගිය ණය සඳහා පොළිය ගෙවීමට පමණක් වැඩිදුර ණය ලබා ගත්තා නම්  රටෙහි මුළු ණය ප්‍රමාණය ඉහල යාමට තිබුණේ ඉහත සඳහන් 24.8% ක ප්‍රතිශතයෙනි. (මෙම ගණනය කිරීම සඳහා යොදා ගත පොළී අනුපාත උපකල්පනයන් සඳහා * සළකුණු බලන්න.)

මෙම ප්‍රකාශය පිලිබඳ වැඩිදුර තොරතුරු සහ ණය පිළිබඳ නොමගයවනසුළු ප්‍රකාශ සිදු කිරීමට හේතු දැනගැනීම සඳහා වැඩිදුරටත් කියවන්න.

ණය ඉහළ යෑම පිළිබඳව මාධ්‍ය මගින් දක්නට ලැබෙන බොහෝ වැරදි වැටහීම් පදනම්ව ඇත්තේ මුදල් ඒකකයන්හි අගය අඩුවීම විදේශ ණය කෙරෙහි දක්වන බලපෑම වරදවා අර්ථකථනය කර, එය ණය ලබාගැනීමේ ඉහළ යාමක් ලෙස දැක්වීමෙනි. විදේශ ණය ලබා ගනු ලබන්නේ විදේශ මුදල් ඒකක වලින් සළකා බැලූ විට අඩු පොළී අනුපාතයකටයි. මෙය දේශීය මුදල් ඒකක මගින් ලබා ගන්නා ණය වලටද අඩු අනුපාතයකි. කෙසේ වෙතත් විදේශ ණය ලබා ගැනීම වඩා ලාබදායක නම් දේශීය වශයෙන් ණය ලබා ගැනීමට හේතුවක් නොමැති වේ. එහෙත් විදෙස් ණය ලබා ගැනීමේදී සෘජු වියදම්වලට අමතරව මුදල් ඒකකවල අගය අඩුවීම තුලින් වක්‍ර වියදම් ඇතිවේ. එබැවින් සාපේක්ෂව අගය අඩු වීම අවම මුදල් ඒකකයකින් (උදාහරණයක් ලෙස ඉන්දියානු රුපියල) ණය ලබා ගැනීමේදී ඉහත කී පරිදි මුහුණ පෑමට සිදුවන වක්‍ර පොළී ගෙවීම් සාපේක්ෂව අවම වේ.

කිසිවෙකු 2014 වසර අග වන විට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය 2014 වසරේ විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් වලට හරවා තවද 2018 වසරේ මුළු විදෙස්  ණය 2018 වසරේ විනිමය අනුපාතයට අනුව රුපියල් වලට හරවා මෙම අගයන් දෙක සංසන්දනය කළහොත් මෙහිදී වැඩිවූ ණය ප්‍රතිශතය ලෙස ලැබෙන්නේ වැඩි අගයකි. (සැබවින්ම, මහින්ද රාජපක්ෂ මහතා පැවසූ 50% ක ණය වැඩි වීම මෙලෙසින් ගණනය කළ හැක.) කෙසේ වෙතත් මෙය රජයේ ණය ඉහළ යාම පිලිබඳ වැරදි ගණනය කිරීමකි. ඇමෙරිකානු ඩොලර් මගින් ලබාගත් ණය ප්‍රමාණයෙහි කිසිදු වැඩිවීමක් නැති වුවද, ඉහත කී පරිදි විනිමය අනුපාතිකයන් දෙකක් යටතේ ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ප්‍රමාණයන් ගණනය කොට  සංසන්දනය කළහොත් 2018 වසර සඳහා ඇති ණය ප්‍රමාණය 2014 වසරේ එම ණය ප්‍රමාණයටම වඩා (ඇමෙරිකානු ඩොලර් වලින් ගත් කළ) වැඩි අගයක් පෙන්නුම් කරනු ඇත.

සැබවින්ම, 2014 වසරේ ඇමෙරිකානු ඩොලර් ණය එම කාලයේ විනිමය අනුපාතිකයට අනුව රුපියල්වලට හැරවූවානම් එයට ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් ණයට අදාළ වන, වඩා ඉහළ පොළී ගෙවීමේ වියදම් ලැබෙනු ඇත. මෙයින් ණය ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවීමේදී වක්‍රව අදාළ වන පොළී ගෙවීමේ වියදම් සෘජු වියදම් බවට පත් කරනු ඇත (මුදල් ඒකකයන්හි අගය අඩු වීම හරහා).

වගුව 1:  පසුගිය රජයන් විසින් ලබා ගත් ණය ප්‍රමාණය හා 2014 සිට 2018 සැප්තැම්බර් දක්වා වැඩිවූ ණය ප්‍රතිශතයක් ලෙස

වගුව 2: පෙර හා වර්තමාන රජයන් යටතේ ලබාගත්  ණය


Sources

මුලාශ්‍රය:

ශ්‍රී ලංකා මහා බැංකුවෙහි වාර්ෂික වාර්තා හා දත්ත වගු, *2018 සැප්තැම්බර් මස විනිමය අනුපාතිකය ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 169.39 විය. මෙම අගයන් වාර්තා කිරීමේදී අදාළ ගණනය කිරීම් ලඟම මිලියනයට හා බිලියනයට රවුම් කර ඇති අතර, එසේ රවුම් නොකර ගණනය කළ අගයන් හා සැසඳීමේදී සුළු සුළු වෙනස්කම් තිබිය හැක.

ශ්‍රී ලංකා මහා බැංකුව; මුදල් අමාත්‍යාංශය, *ඇමෙරිකානු ඩොලරයකට රුපියල් (2018 වසර සඳහා) - 169.39

*මෙම ගණනය කිරීමේදී අප විසින් දේශීය පොළී අනුපාතය 8.79% ක් ලෙසත් (2015-2017 කාලය තුළ වසරක භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකයෙහි සාමන්‍යය, මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව) විදේශීය පොළී අනුපාතය 2.99% ක් ලෙසත් (විදේශීය පොළී අනුපාතිකයෙහි සාමන්‍යය, 2016 වසරේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය වර්තාවට අනුව) උපකල්පනය කර ඇත.


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION