Claim

කෙහෙළිය රඹුක්වැල්ල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
2005 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 20කට තිබුණත්, අපි වසර දහයකින් දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 80 කට වැඩි කළා.
දිනමිණ: 4 Dec 2019
Statement
2005 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 20කට තිබුණත්, අපි වසර දහයකින් දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 80 කට වැඩි කළා.
Fact check
පසුගිය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධව අමාත්‍ය රඹුක්වැල්ල: නිවැරදියි, එහෙත් නොමඟ යවන සුළුයි!
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන මගින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය හතර ගුණයකින් වැඩි වූ බව කියැවේ. මෙහිදී අමාත්‍යවරයා උපුටා දක්වන සංඛ්‍යාලේඛන නිවැරදි වේ. කෙසේ වෙතත් දළ දේශීය නිෂ්පාදිතය ශ්‍රී ලංකා රුපියල් වලින් නොව එක්සත් ජනපද ඩොලර් වලින් ඉදිරිපත් කිරීම නොමඟ යවන සුළු විය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් FactCheck මගින් මෙසේ පැහැදිලි කිරීමක් කෙරෙනු ඇත.
FactCheck මගින් මෙම ප්‍රකාශය තක්සේරු කිරීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවේ විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථයෙහි දත්ත සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් විවරණයන් භාවිතා කොට ඇත.
2004 දී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයෙන් ගණනය කරනු ලැබූ නාමික දළ දේශීය නිෂ්පාදිතය (උද්ධමනය හා නොගැලපූ) ඇ.එ.ජ. ඩොලර් බිලියන 20.6 ක් වී ඇති අතර, එය 2014 වන විට ඇ.එ.ජ. ඩොලර් බිලියන 79.4 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ආසන්න සංඛ්‍යා වලට වැටයූ විට අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සමපාත වේ.
එනිසා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි ප්‍රකාශ කරමු.
කෙසේ වෙතත් මෙම සංඛ්‍යාලේඛනයන් නොමග යවන සුළු වීමටද හැක. පුවත්පත් වාර්තාකරණයට අනුව, අමාත්‍යවරයා විසින් මෙම සංඛ්‍යාලේඛනය සඳහා පමණක් ශ්‍රී ලංකා රුපියල් වලින් ඇමරිකානු ඩොලර් වෙත මාරු වේ. දළ දේශීය නිෂ්පාදිතය එම රටේ මුදල් ඒකකයෙන් නොව ඇමරිකානු ඩොලර් වලින් සඳහන් කිරීම මගින් සාමාන්‍යයෙන් ගම්‍ය කෙරෙන්නේ, නිෂ්පාදනය සහ මිල උද්ධමනය එකතුවේ වැඩිවීමක් වෙනුවට නිෂ්පාදනයේ මූර්ත වැඩිවීමකි. අමාත්‍යවරයාගේ අරමුණ වූයේ ආර්ථික ප්‍රසාරණය සිදුවී ඇති ප්‍රමාණය සන්නිවේදනය කිරීම නම්, වඩාත් යෝග්‍ය යොදාගැනීම වන්නට තිබුණේ ඇමරිකානු ඩොලර් වලින් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය දැක්වීම නොව ශ්‍රී ලංකා රුපියල් වලින් උද්ධමනය ගැලපූ දළ දේශීය නිෂ්පාදිතය දැක්වීමයි. උක්ත සඳහන් කාල පරාසය තුළදී, ශ්‍රී ලංකා රුපියල් වලින් ගත් විට උද්ධමනය ගැලපූ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 1.8 සිට ට්‍රිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇත (ස්ථායී 2002 අගයන් මත). මෙය හතර ගුණයකින් වැඩිවීමක් නොව දෙගුණයකින් වැඩිවීමකි.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
වගුව 1: නාමික සහ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය (2004 – 2014)
දළ දේශීය නිෂ්පාදිතය සම්බන්ධ තවත් FactCheck විමසුම් සඳහා:
Sources
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාවේ විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය (2018), වගුව 2, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/15_S_Appendix.pdf
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජාතික ගිණුම් විවරණයන් - පදනම් වසර 2002, ස්ථායී 2002 අගයන් මත දළ දේශීය නිෂ්පාදිතය: සාරාංශගත දර්ශක, 2015 වාර්ෂික, වගුව 1.1 http://www.statistics.gov.lk/national_accounts/Press%20Release/2015ANNUAL.pdf