• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

කංචන විජේසේකර

එක්සත් ජනතා නිදහස් සන්ධානය

2005-2015 කාලය ඇතුළත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙන රුපියල් මිලියන 10,000 ක ‘පාඩුවෙන්’ 96% කට ආසන්න ප්‍රමාණයක් සැබවින්ම රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් තිබෙන අතර, ඒවා අතිශයින්ම ප්‍රතිලාභ ලබා තිබේ. එසේ ලාභ ලැබූ රාජ්‍ය ආයතන වන්නේ ලංකා බැංකුව (BOC), මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) සහ සේවක අර්ථසාධක අරමුදලයි (EPF).

ඩේලි නිව්ස්: 30 Jan 2020

False

Statement

2005-2015 කාලය ඇතුළත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙන රුපියල් මිලියන 10,000 ක ‘පාඩුවෙන්’ 96% කට ආසන්න ප්‍රමාණයක් සැබවින්ම රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් තිබෙන අතර, ඒවා අතිශයින්ම ප්‍රතිලාභ ලබා තිබේ. එසේ ලාභ ලැබූ රාජ්‍ය ආයතන වන්නේ ලංකා බැංකුව (BOC), මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) සහ සේවක අර්ථසාධක අරමුදලයි (EPF).

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකරට බැඳුම්කර ගනුදෙනු වලින් පාඩු ලැබූ පාර්ශවයන් හඳුනාගැනීමේදී වැරදෙයි

2020 ජනවාරි 03 දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ, 2002-2015 කාලය තුළ බැඳුම්කර ගනුදෙනු ඔස්සේ රාජ්‍ය භාණ්ඩාගාරයට සිදුවූ පාඩු වලින් 96% ක්ම රජයේ ආයතන වෙතටම එක්රැස් වූ බවත්, ඒ හෙයින් එම පාඩුවේ ප්‍රමාණාත්මක භාවය නිෂේධ වන බවත් වේ.

මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව තක්සේරු කිරීම සඳහා, FactCheck මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන වාර්තා අංක 1 (වාර්තා පහකින්) විමසා බලන්නට යෙදිණි. මෙම වාර්තාව මගින් 2002 ජනවාරි මස 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම විමර්ශණය කෙරේ.

සෘජු මිලදී ගැනීම් (වෙන්දේසි නොව) ඔස්සේ විකිණූ බැදුම්කරවලින් සිදුවූ පාඩු ලැබූ පාර්ශවයන් පමණක් මෙහි වාර්තා කර තිබිණ. ‘සෘජු මිලදී ගැනීම්’ යන යෙදුමෙන් අදහස් වන්නේ, ආයෝජකයින් වෙත බැඳුම්කර අත්පිටම ලබාදීමේ (උදා: වෙන්දේසියකින් තොරව) භාවිතාවයි. මෙම සෘජු මිලදී ගැනීම් ඔස්සේ සිදුවූ පාඩුව රුපියල් මිලියන 10,471 ක් ලෙස ඇස්තමේන්තු ගතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, රජයේ ආයතනයන් නියෝජනය කරන්නේ උක්ත කී රුපියල් මිලියන 10,471 ක පාඩුවෙන්  34.22% කට පමණි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන 96% ක අගය පැමිණෙන්නේ සේවක අර්ථසාධක අරමුදල රජයේ ආයතනයක් ලෙසින් වරදවා ගණන් ගතහොත් පමණි. කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල නම් කෙරී ඇත්තේ, විධිමත් රැකියාවන්හි නියැළෙන පෞද්ගලික පුරවැසියන්ට අයත් තනි ගිණුම් ලෙසයි. එසේ නොමැතිව එය රජයට අයත් බවට නොවේ. මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව ක්‍රියාකරන්නේ පිළිවෙලින් සේවක අර්ථසාධක අරමුදලේ පාලක සහ පරිපාලක ලෙසින් පමණි.

මේ අනුවම, සේවක අර්ථසාධක අරමුදලේ සියලුම මූල්‍යමය ලාභයන් මෙන්ම පාඩුවීම්ද ලබාගන්නේ එහි සාමාජිකයින් මිස රජය නොවේ. තවදුරටත්, සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රිය සාමාජිකයින් ලෙසින් ගණන් ගැනෙන්නේ සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණි. මේ අතරතුර, ත්‍රීවීල් රියදුරන්ගේ සිට ඉදිකිරීම් කම්කරුවන් දක්වා අනියම් සේවකයින් දක්වා, කෘෂිකාර්මික අංශයේ සිට ධීවර කර්මාන්තය තුළ සිටිනා ශ්‍රමිකයන් දක්වා පරාසයක සිටින්නන්, ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රජාවෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක්, රැකියාවන්හි නියුක්ත නොවන්නන් සහ තම රැකියාවන්ගෙන් විශ්‍රාම ගිය වැඩිහිටි ප්‍රජාව සාමාජිකයින් නොවනා පිරිසට ඇතුළත් වේ.

තවදුරටත් කරුණු දක්වන්නේ නම්, මෙම ඇස්තමේන්තුගත පාඩුවෙන් 34.22% ක ප්‍රමාණයේ ගනුදෙනු වල එකම ප්‍රතිලාභ ලබන්නන් වන්නේ පුද්ගලික පාර්ශවයන් නොව රජයේ ආයතනයැයි ප්‍රකාශ කළ නොහැක (වෝහාරික විගණන වාර්තාවෙන් ලබාගැනීමට හැකි තොරතුරු වලට වඩා අමතර තොරතුරු නොමැතිව). මන්දයත්, රජයේ බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් ලෙසින් පුද්ගලික පාර්ශවයන් වෙනුවෙන් ගනුදෙනු කළා වීමටද හැකි බැවිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් 2015 පෙබරවාරි බැඳුම්කර වංචාවේදී පාර්ලිමේන්තු කෝප් කමිටුව මගින් හඳුනාගන්නට යෙදුණේ, 60% ක පමණ වටිනාකමක ගනුදෙනු වල ප්‍රතිලාභ ලබන්නා වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් පුද්ගලික සමාගමක් බවත්, එම ගනුදෙනු එම සමාගම වෙනුවෙන් ගනුදෙනු කළලංකා බැංකුව මගින් සිදුකළ බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර විසින් ප්‍රකාශ කොට තිබුණේ, 2002-2015 කාලය තුළ බැඳුම්කර සෘජු මිලදී ගැනීම් හරහා රජයට වූ පාඩුවෙන් 96% ක ප්‍රමාණයක් රජයේ ආයතන වෙතටම එක්රැස් වූ බවත්, ඒ හෙයින් එම පාඩුවේ ප්‍රමාණාත්මක භාවය නිෂේධ වන බවත් වේ. ඉහතින් දක්වා ඇති ලෙසට මෙය දෙයාකාරයකින් සාවද්‍ය වේ. පළමුව, රාජ්‍ය ආයතන මගින් ගනුදෙනු කෙරී තිබුණේ අදාළ ඇස්තමේන්තුගත පාඩුවෙන් 34.22% ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් පමණි (සේවක අර්ථසාධක අරමුදල රජයට අයත් නොවේ). දෙවනුව, සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු ආයතන මගින් සිදුකරනා ලෙසට මෙහිදී ද ඔවුන් පුද්ගලික පාර්ශවයන් වෙනුවෙන් ගනුදෙනු නොකළායැයි කීමට තොරතුරු නොමැත.

එනිසා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බව අපි ප්‍රකාශ කරමු.

අතිරේක සටහන්:

‘සෘජු මිලදී ගැනීම්’ ඔස්සේ රජයේ ආයතනයන්ට සිදුවූ ශුද්ධ ලාභය/පාඩුව ඇස්තමේන්තුගත කිරීම සම්බන්ධ ගැටළුව, මෙම කරුණු විමසීම මගින් ආමන්ත්‍රණය නොවේ. වෝහාරික විගණන වාර්තා අංක 1 මෙම විශ්ලේෂණයේදී භාවිතා වී ඇත්තේ, තුන්වෙනි පාර්ශවයන් රජයට ‘අඩුවෙන් ගෙවූ’ බවට තක්සේරු කෙරුණු ‘සෘජු මිලදී ගැනීම්’ නිශ්චය කිරීමට පමණි. වැඩිපුර ගෙවූ වෙනත් තුන්වෙනි පාර්ශවයන් (බොහෝ විට රජය මගින් කළමනාකරණය කෙරෙනා ආයතන) සම්බන්ධ වෙනත් ‘සෘජු මිලදී ගැනීම්’ද මෙහිදී තිබිය හැක. වෝහාරික විගණන වාර්තා අංක 1 හි මේවා ඇගයුම් වී නොමැත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, භාණ්ඩාගාර බැඳුම්කර වලින් සේවක අර්ථසාධක අරමුදලේ සිදුවූ ප්‍රාථමික හා ද්විතීයික වෙළඳ ගනුදෙනු විමර්ශණය කරනා විගණන වාර්තා අංක 2 හි සඳහන් කෙරෙන්නේ බැඳුම්කර වටිනාකමට වඩා වැඩියෙන් ගෙවා අඩු ප්‍රතිලාභ අනුපාතයකට බැඳුම්කර මිලදී ගැනීමෙන් සේවක අර්ථසාධක අරමුදලට ශ්‍රී ලංකා රුපියල් මිලියන 9,047 ක පාඩුවක් සිදුවූ බවයි. එනිසා, සෘජු මිලදී ගැනීම් ප්‍රමාණයකින් සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 6,417 ක් ලබාගෙන තිබුණත්, ප්‍රාථමික වෙළෙඳපොලේ තවත් සෘජු මිලදී ගැනීම් හා වෙන්දේසි ඔස්සේ එයට රුපියල් මිලියන 9,047 ක අලාභයක්ද වී තිබේ.

Sources

බීඩීඕ ඉන්දියා, ශ්‍රී ලංකා මහ බැංකුව, 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් කළ විමර්ශණය, වාර්තාව 1 (2019 නොවැම්බර්), පිටු. 23, 24, 25, 148, වාර්තාව 1 සඳහා ප්‍රවේශය මෙතැනින් [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4]

බීඩීඕ ඉන්දියා, ශ්‍රී ලංකා මහ බැංකුව, 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා භාණ්ඩාගාර බැඳුම්කර ඔස්සේ සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකළ ප්‍රාථමික හා ද්විතීයික වෙළඳ ගනුදෙනු පිළිබඳ විමර්ශණය, වාර්තාව 2 (2019 නොවැම්බර්), පි. 29, වාර්තාව 2 සඳහා ප්‍රවේශය මෙතැනින් [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4].

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, 2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයන් සෙවීම සඳහා විශේෂ කමිටුවක් ලෙසින් ක්‍රියා කරනු ලැබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව, පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 109. (2016 ඔක්තෝබර්), පි. 29, ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf#page=1 [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4].

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, 1965 අංක 18 පනතෙහි, 1970 අංක 16 පනතෙහි, 1971 අංක 8 පනතෙහි සහ 1971 අංක 24 පනතෙහි සංශෝධනයන් සහිතව 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල පනත, ප්‍රවේශය මෙතැනින්: http://www.epf.lk/assets/library/amendments/act_of_1958.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4].


Right of Reply

Leave a Comment.

2 Comments

Dasan 8 months ago

factcheck.lk වල fact check කිරීම ඔබ වෙබ් අඩවිය හා facebook page එක මගින් පලකර ඇති "පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකරට බැඳුම්කර ගනුදෙනු වලින් පාඩු ලැබූ පාර්ශවයන් හඳුනාගැනීමේදී වැරදෙයි" යන factcheck එකේ පහත කරුණු වැරැදි බව මගේ අදහසයි. 1. සේවක අර්ථසාධක අරමුදල රාජ්‍ය ආයතනක් නොවන බව. යම්කිසි ආයතනක් රාජ්‍ය ආයතනක්ද නැද්ද යන කරුණ පරික්ශා කිරීමට ඇති හොදම මූලාශ්‍රය අමාත්‍යවරුන් යටතේ පවතින ආයතන දක්වමින් පලකරන ගැසට් නිවේදනයයි. 2019 දෙසැම්බර් 10 පලකළ අංක 2153/12 දරණ ගැසට් නිවේදනයට අනුව සේවක අර්ථසාධක අරමුදල කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනකි. http://documents.gov.lk/files/egz/2019/12/2153-12_S.pdf එසේම සේවක අර්ථසාධක අරමුදලේ ඇත්තේ පුද්ගලික අංශයේ මුදල් නිසා හා එහි ප්‍රතිලාභ ලැබෙන්නේද ඔවුනටම නිසා එය රාජ්‍ය ආයතනක් නොවන බව කිසිදු පදනමක් නැති කරුණකි. ආයතනක් රාජ්‍යද හෝ පුද්ගලිකද යන්න තීරණය වන්නේ ඉහත කරුණු මත නොව එහි පාලන බලය (controlling power) ඇත්තේ කාටද යන්න මතයි. EPF හී සියලු ආයෝජන හා අනෙකුත් තීරණ ගනු ලබන්නේ රජය මගින් පත්කල පාලක මණ්ඩලයක් මගින් බැවින් එය පැහැදිලිව රාජ්‍ය ආයතනයකි. පුද්ගලික අංශයේ මුදල් ඇති නිසා යම් ආයතනක් රාජ්‍ය ආයතනක් නොවන්නේ නම් රාජ්‍ය බැංකුද රාජ්‍ය ආයතන නොවන අතර ප්‍රතිලාභ ලබන්නන්ට අයිතිය හිමිවේනම් විශ්වවිද්‍යාලය අයිති වියයුත්තේ විශ්වවිද්‍යාල සිසුන්ටය.

FactCheck.lk 8 months ago

පා.ම. කංචන විජේසේකරගේ ප්‍රකාශය පිළිබඳව අප කළ විශ්ලේෂණය කෙරෙහි ඔබ මනාව සිතා බලා ඉදිරිපත් කළ විමසුම සම්බන්ධව අපි පළමු කොටම ස්තුතිවන්ත වෙමු. ඔබ විසින් රාජ්‍ය ආයතන සම්බන්ධව අර්ථ දැක්වීම ඉදිරිපත් කිරීම පිළිබඳවද අපගේ ස්තුතිය පිරිනමමු. කෙසේ වුවත්, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිබඳව අප ඇගයුම් කළේ කුමක්ද යන්න ඇතැම් විට අපගේ විශ්ලේෂණය ලිවූ ආකාරයෙන් ප්‍රමාණවත් තරම් පැහැදිලි නොවන්නට් හැකි බැවින් එය තවදුරටත් මෙසේ පැහැදිලි කරමු. මන්ත්‍රීවරයාගේ ප‍්‍රකාශය මගින් ඔහු සේවක අර්ථසාධක අරමුදල සහ අනෙක් ආයතනයන් රජයේ ආයතන ලෙස පැහැදිලිව හදුන්වාදී තිබුණු අතර, ඔහු පැහැදිලි ලෙස අදහස් කර තිබුණේ එම ආයතනයන්ට ලැබෙන මුල්‍යමය ප‍්‍රතිලාභයන් රජයට හිමිවන ප‍්‍රතිලාභයන් මිස, පෞද්ගලික අයවලූන්ට හිමිවන ප‍්‍රතිලාභයන් නොවන බවය. ඒනයින්, 2005 සිට 2015 දක්වා ලැබූ අලාභය සැබෑ අලාභයක්දැයි ඔහු ප‍්‍රශ්න කර තිබුණේ ඔහුගේ අර්ථකතනයට අනුව එය එක් රජයේ සාක්කුවකින් තවත් රජයේ සාක්කුවකට මුදල් ගලා යාමක් ලෙස සළකාය. එනිසා, රජයේ අර්ථලාභී හිමිකාරීත්වය ඇති බවට මන්ත්‍රීවරයා විසින් ආරෝපණය කළ අර්ථය, “රාජ්‍ය ආයතනයක්” යන යෙදුම සම්බන්ධව අප විසින් මෙහිදී ඇගයුමට යොදාගෙන ඇත. සේවක අර්ථසාධක අරමුදලේ මූල්‍ය ප්‍රතිලාභයන් සියල්ල, එහි සාමාජිකයින් -එනම් වැඩ කරන ජනගහණයෙන් තුනෙන් එකක් පමණක් වන පෞද්ගලික අයවලුන්- වෙත හිමිවේ.. මන්ත්‍රීවරයා විසින් සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව කරනා ප්‍රකාශය නිවැරදි නොවන්නේ එම කරුණ ඔස්සේයි. මෙය, මුදල් තැන්පත් කරන්නන් විසින් මුලින් එකඟ වූ ප්‍රතිලාභ ලබාගන්නා, බැඳුම්කර ගනුදෙනු වලින් ලැබෙනා අමතර ප්‍රතිලාභ කොටස්කරුවාට -එනම් රජයට- ලැබෙනා රජයේ බැංකු සඳහා අදාළ නොවේ. අප විසින් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිබඳ කළ විශ්ලේෂණයේ මේ සම්බන්ධයෙන් ඇති සඳහනට වඩා මෙම ප්‍රතිචාරය පැහැදිලි යැයි සිතමු. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් දැක්වීම පිළිබඳව නැවත වාරයක් ස්තුතිවන්ත වෙමු.

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION