• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

හර්ෂ ද සිල්වා

සමගි ජන බලවේගය

...දැන් මේගොල්ලෝ කෑගැහුවානේ අවුරුදු පහකට රුපියල් බිලියන පන්දාස් හත්සීයකින් ණය වැඩි වුණා කියලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ මාස හතරට [ආසන්න වශයෙන්] බිලියන දාහකින් වැඩිවෙලා... ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මාසෙකට වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා දෙකහමාර ගුණයකින් ණය වැඩි වෙලා.

සමගි ජන බලවේගය මාධ්‍ය හමුව: 7 Jul 2020

True

Statement

...දැන් මේගොල්ලෝ කෑගැහුවානේ අවුරුදු පහකට රුපියල් බිලියන පන්දාස් හත්සීයකින් ණය වැඩි වුණා කියලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ මාස හතරට [ආසන්න වශයෙන්] බිලියන දාහකින් වැඩිවෙලා... ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මාසෙකට වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා දෙකහමාර ගුණයකින් ණය වැඩි වෙලා.

Fact check

ශ්‍රී ලංකා රුපියල්වලින් ගත්විට මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වන කාරණය සැබෑය

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් තම ප්‍රකාශය තුළ, 2020 වසරේ පළමු මාස හතර තුළ රටේ මාසික ණය ඉහළ යෑමේ ශීඝ්‍රතාවය, 2015-2019 කාලය තුළ මාසික ණය ඉහළ යෑමේ ශීඝ්‍රතාවය හා සන්සන්දනය කර ඇත.

මෙම ප්‍රකාශය ඇගයීම සඳහා, FactCheck විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රවේශ විය හැකි යාවත්කාලීන මාසික විවරණිකාව වන 2020 මැයි මාසික විවරණිකාවත්, එසේම අතීත දත්ත සඳහා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවත් පරිශීලනය කොට ඇත.

2014 දෙසැම්බර් අවසානයේ සිට 2019 දෙසැම්බර් අවසානය දක්වා වන පස් අවුරුදු කාලය තුළ, රජයේ සමස්ත හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,545 කින් වැඩිවී තිබිණි (නිදර්ශකය 1 බලන්න). මෙය මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශයේ සඳහන් කරනු ලැබූ රුපියල් බිලියන 5,700 ක සංඛ්‍යාවට වඩා සැබවින්ම මදක් අඩු අගයකි.

එසේම 2020 වසරේ පළමු මාස හතර තුළ රජයේ සමස්ත හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 993 කින් වැඩිවී ඇත. මෙයද, මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත රුපියල් බිලියන 1,000 ක සංඛ්‍යාව හා ආසන්න වශයෙන් සමපාත වේ.   

මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදුකළ ප්‍රකාශයේ වන ප්‍රධානතම සඳහන වන්නේ, 2020 වසරේ පළමු සිවු මස තුළ රජයේ වැඩිවූ හිඟ ණය ප්‍රමාණයේ මාසික සාමාන්‍යය, ඉන් පෙර වසර පහේ වැඩිවූ හිඟ ණය ප්‍රමාණයේ මාසික සාමාන්‍යය හා සංසන්දනය කර බලන විට අඩු තරමින් 2.5 ගුණයකින් වැඩිවී ඇති බවයි. 2015-2019 කාලසීමාව තුළ වැඩිවූ ණය ප්‍රමාණයේ මසකට සාමාන්‍යය රුපියල් බිලියන 92 ක් වූ අතර, 2020 පළමු සිවු මස තුළ වැඩිවූ ණය ප්‍රමාණයේ මසකට සාමාන්‍යය රුපියල් බිලියන 248 ක් වී ඇත. මෙය ඉන් පෙර වසර පහක කාලයේ මාසික සාමාන්‍යය මෙන් 2.69 ගුණයකින් වැඩිවීමක් වන අතර, සැබවින්ම මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත අගයටත් වඩා වැඩි අගයකි.

එනිසා, මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සත්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

අතිරේක සටහන්: 

රජයට එකතු වී ඇති ණය ප්‍රමාණයේ ශ්‍රී ලංකා රුපියල් නාමික අගය කාලයත් සමගින් වැඩි වීමට විවිධ හේතු තිබෙන අතර, ඒ සියල්ල වර්තමාන ප්‍රතිපත්ති සහ රජයේ තීරණයන්ට බැර කළ නොහැක. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, රජය මගින් අමතරව ණය ලබාගෙන නොතිබුණද, ණය ලබාගත් මුදල් ඒකකයට එදිරිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් එකතු වී ඇති ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල් වලින් ගණන් බැලූ විට ඉහළ යා හැක.

එසේම, ණය ප්‍රමාණය ඉහළ යෑම තක්සේරු කොට බැලීම සම්බන්ධව වන අර්ථ නිරූපණාත්මක සලකා බැලීම් පිළිබඳ වඩාත් විස්තරාත්මක විශ්ලේෂණයක් සඳහා, එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ FactCheck විශ්ලේෂණයද පරිශීලනය කර බැලිය හැක. කෙසේ නමුත්, මෙම FactCheck විශ්ලේෂණයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණ වීමෙන් ඇතිවන බලපෑම සීමිත එකක් වීම නිසාම, ණය ප්‍රමාණයේ සාපේක්ෂ වැඩිවීම පිළිබඳව මන්ත්‍රීවරයා විසින් කළ උක්ත ප්‍රකාශයේ නිරවද්‍යභාවයට එය බලපෑමක් ඇති නොකරයි.

Sources

මූලාශ්‍ර:

සමගි ජන බලවේගය මාධ්‍ය හමුවේ විඩියෝව සඳහා [මිනිත්තු 37.30 සිට], ප්‍රවේශය; https://www.facebook.com/sjblanka/videos/1740344922771930/

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 මැයි මාසික විවරණිකාව, වගුව  31, පි.33, ප්‍රවේශය:  https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/monthly_bulletin_may_202020.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, Annual Report 2019 වාර්ෂික වාර්තාවේ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, වගුව 110, පි.102, ප්‍රවේශය:  https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2019/en/15_Appendix.pdf

FactCheck.lk, “මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය”,ප්‍රවේශය: http://factcheck.lk/claim/mahinda%20rajapaksa-2


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION