Claim

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(ර.වෛ.නි.ස)
“පළමු දින 7 අවසානය (රට තුළ ආසාදනය වූ පළමු රෝගියා හමුවීමේ සිට) වන විට, ඉතාලිය හා සංසන්දනය කිරීමේදී අප සිටින්නේ වඩාත් නරක තත්වයකයි. අප විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යෝජනා කොට ඇති වඩාත් දැඩි තීරණ නොගතහොත්, සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළදී ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 උච්චතම අවස්ථාව බලාපොරොත්තු වීමට හැකිවනු ඇත.”
නිල ෆේස්බුක් පිටුව: 19 Mar 2020
Statement
“පළමු දින 7 අවසානය (රට තුළ ආසාදනය වූ පළමු රෝගියා හමුවීමේ සිට) වන විට, ඉතාලිය හා සංසන්දනය කිරීමේදී අප සිටින්නේ වඩාත් නරක තත්වයකයි. අප විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යෝජනා කොට ඇති වඩාත් දැඩි තීරණ නොගතහොත්, සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළදී ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 උච්චතම අවස්ථාව බලාපොරොත්තු වීමට හැකිවනු ඇත.”
Fact check
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් වර්ධනයේ සාපේක්ෂ ශීඝ්‍රතාව පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි: දත්ත මෙන්ම ඇස්තමේන්තුගත ආසාදිතයන්ගේ ප්‍රමාණය සම්බන්ධවද කරන නිගමනය ද, නිවැරදි නොවේ
මෙම ප්‍රකාශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මගින් සඳහන් දෙකක් සිදුකරයි. එනම් (අ) ශ්‍රී ලංකාවේ පළමු රට තුළ ආසාදනය වූ රෝගියා මුණගැසීමෙන් පසු ගතවූ දින 7 ඇතුළතදී හඳුනාගත් කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඉතාලියේ එම කාලය තුළ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාවට වඩා ඉහළ බව; සහ (ආ) එම සංඛ්‍යාව ඔස්සේ -වඩාත් තදබල සිමා පැනවීමේ ක්‍රියාමාර්ග නොගන්නේ නම්- සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළදී රෝගීන් සංඛ්‍යාව උච්චතම අවදියකට පත් තත්ත්වයක් පෙන්වන බවයි.
ශ්‍රී ලංකාවේ පළමු රට තුළ ආසාදනය වූ රෝගියා මුණගැසීමෙන් පසු ගතවූ දින 7 ඇතුළතදී හඳුනාගත් කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඉතාලියේ එම කාලය තුළ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාවට වඩා ඉහළ බව සඳහන් කරනා පළමු සඳහනට සාධක ලෙසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ප්‍රස්තාරයක් ඉදිරිපත් කොට ඇත. එය පළමු ප්‍රස්තාරයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ගමන් පථය ඉතාලිය හා සැසඳීමේදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළමුව හඳුනාගැනුණු ‘රට තුළ ආසාදනය වූ’ රෝගියා පිළිබඳව සඳහන් කරයි. රටින් පිටතදී වෛරසය ආසාදනය වී රට තුළට ගෙන ආ අයවලුන්ව ‘රටට පිටින්’ ආසාදනය වී පැමිණි රෝගීන් ලෙසින් සහ රට තුළදී වෛරසය වැළඳුනු රෝගීන් ‘රට තුළදී’ ආසාදනය වූවන් ලෙසින් වෙන් කොට හැඳින්වීම, ආසාදිතයින් ගණන් කිරීමේදී භාවිතා කරනා සම්මතයකි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළමු සඳහන තක්සේරු කිරීම සඳහා FactCheck මගින්, දිනපතා සියලුම රටවල් සඳහා කොවිඩ්-19 වැළඳුනු බවට හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව ගණන් තබාගන්නා ජෝන් හොප්කින්ස් කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයෙන් සඳහා දත්ත ලබාගෙන ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ හඳුනාගත් කොවිඩ්-19 රෝගීන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රැස් කිරීම සඳහා FactCheck විසින් දේශීය සහ විදේශීය පුවත් වාර්තාවන්ද පරිශීලනය කොට ඇත.
දෙවන ප්‍රස්තාරය මගින් පෙන්නුම් කෙරෙන්නේ, ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ රට තුළදී ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාවේ දිනපතා තත්ත්වයයි.. එයින් රටවල් දෙකේම පළමුව වාර්තා වූ විදේශයකදී ආසාදනය වූ රෝගීන්ව නොසලකා හැරේ. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, ශ්‍රී ලංකාවේ පළමු රෝගියා ජනවාරි 27 දින හඳුනාගත් අතර, ඉතාලියේ පළමු රෝගීන් 1-3 දක්වා සංඛ්‍යාව ජනවාරි 31- පෙබරවාරි 7 දක්වා කාලසීමාව තුළ හඳුනාගන්නා ලදී. මේ සියල්ලෝම විදේශයකදී ආසාදනය වූ රෝගීන් වේ. ඉතාලියේ රට තුළදී ආසාදනය වූ ප්‍රථම රෝගියා හඳුනාගනු ලැබුවේ පෙබරවාරි 21 වෙනිදායි.
දෙවන ප්‍රස්තාරය මගින් පෙන්නුම් කෙරෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් තම ප්‍රකාශය සිදුකළ දිනයේදී මෙන්ම වර්තමානයේදීද, ඉතාලිය හා සංසන්දනය කරන කල ශ්‍රී ලංකාවේ රෝගීන් ප්‍රමාණයේ වඩාත් අඩු මට්ටමකි. මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්ත ඔස්සේ සිදුවී ඇති වැරදීමට බොහෝ විට හේතු වන්නට ඇත්තේ, ශ්‍රී ලංකාවේ රට තුළ ආසාදිත පළමු රෝගියා සොයාගත් දිනය වරදවා ගැනීම හෝ ඉතාලියේ තුන්වන විදේශයකදී ආසාදනය වී පැමිණි රෝගියා එරට පළමු රට තුළදී ආසාදනය වූ රෝගියා ලෙසින් වරදවා භාවිතා කිරීම විය හැක. ඒ ඔස්සේ, පළමු දින 7 ඇතුළතදී ඉතාලිය හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව තුළ රෝගීන් හඳුනා ගැනීමේ සාපේක්ෂ වර්ධනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් නිවැරදි නොවන නිර්ණයකට පැමිණ ඇත. එනිසා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළමු ප්‍රකාශය සාවද්‍ය යැයි අපි පවසමු.
මර්දනය කිරීමේ ක්‍රියාමාර්ග නොගතහොත්, ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරීමේ උච්චතම කාලය අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ සිදුවනු ඇතැයි යනුවෙන්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවන සැඳහුමෙන් යෝජනා කෙරේ. මෙම ප්‍රකාශය හමුවේ ශ්‍රී ලංකාවේ වෛරසය පැතිර යෑම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය මෙන්ම අනාගතයේ දී, ඇතිවිය හැකි තත්ත්වය ද, ප්‍රශ්නයට ලක් වෙයි.
එනිසා මෙම විශ්ලේෂණයේ දෙවන භාගය මගින්, රෝග බෝ වීම සම්බන්ධයෙන් මේ මොහොතේ ප්‍රවේශ විය හැකි ඉහළම ඇස්තමේන්තු සහ ආකෘතීන් පදනම් කරගනිමින්, (අ) අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවේ වර්ධනය සහ (ආ) ශ්‍රී ලංකාවේ රෝගය උච්චතම අවස්ථාවට පත්විය හැක්කේ කුමන කාලයකදීද යන්න සම්බන්ධයෙන් පහදා දෙනු ඇත. මෙම මොඩලයන් ගොඩනැගීම් ඇත්තේ මුල් අදියරයන්හි වන අතර, නිශ්චිත ප්‍රකාශයක් ලෙසින් නොව, බොහෝ නොදන්නා කරුණු ඇති පසුබිමක ලබාදිය හැකි ඉහළම ඇස්තමේන්තු ගතකිරීම් ලෙසින් ලබාදී ඇත.
3 වන වගුව මගින් දිනපතා සියලුම රටවල් සඳහා කොවිඩ්-19 වැළඳුනු බවට හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව ගණන් තබාගන්නා ජෝන් හොප්කින්ස් කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයෙන් ලබාගත් දත්ත උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකාවේ දහවන රෝගියාගේ සිට ඉදිරියට ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් රෝගීන් වැඩිවීමේ ගමන්පථය, රෝගීන් දහයක් හෝ ඊට වැඩි ගණනක් වාර්තා වූ අනෙකුත් සියලුම රටවල් සමග සංසන්දනය කොට ඇත. එයින් පෙන්වන්නේ ශ්‍රී ලංකාව ඉහළම මට්ටමක උපරිමයක (ඉතාලිය වැනි) සහ අවම මට්ටමක උපරිමයක (තායිවානය වැනි) අතරමැද වූ ගමන්පථයක සිටිනා බවයි.
කොවිඩ්-19 සම්බන්ධයෙන් දිගින් දිගටම නව තොරතුරු ගලා එයි. එසේ හෙයින් මේ වනවිට සැකයකින් තොරව වෛරසයේ අනාගත පැතිරීම සම්බන්ධව නිශ්චිතවම කීමට හැකියාවක් නැත. වෛරසය පැතිරීම සම්බන්ධ වසංගත රෝග අධ්‍යයන නිරූපණයන් බරපතල ලෙසින් රඳා පවතින්නේ වෛරසය පැතිරීමේ ශීඝ්‍රතාවය පිළිබඳව වන උපකල්පනය මතයි. එනම් එක් අයෙකුට තමන් වෛරසය ආසාදනය වී සිටිනා කාලය තුළ තවත් පුද්ගලයින් කී දෙනෙකු වෙත වෛරසය ලබාදිය හැකිද යන්න මතයි. මෙම අංකය අපි r ලෙසින් හඳුන්වමු. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, r=3 යැයි දැඛ්වීමෙන් අදහස් වන්නේ ආසාදිත පුද්ගලයෙකුට තමන් වෛරසය ආසාදනය වී සිටිනා කාලය තුළදී තවත් පුද්ගලයින් 3 දෙනෙකුට වෛරසය ලබාදෙනු ඇති බවයි. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමගින් පවත්වන සම්බන්ධතාවය අවම කරනු වස් රටක් මගින් පනවනු ලබන සීමා කිරීමේ උපාය උපක්‍රමයන් මත මෙම r අගය සැලකිය යුතු ලෙසින් රඳා පවතී. මෙම උපාය උපක්‍රමයන් වඩාත් තදබල වන විට නීරෝගී පුද්ගලයෙකු හා වෛරසය ආසාදිත පුද්ගලයෙකු අතර සම්බන්ධය අවම වන අතර, ඒ ඔස්සේ r අගයද අවම වේ.
2020 මාර්තු 28 වන විට රෝගී තත්වයේ සිටින්නවුන් පදනම් කරගනිමින්, වෙරිටෙ රිසර්ච් මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුරූපනය කොට ඇති සම්මත වසංගත රෝග අධ්‍යයන නිරූපනයේ දළ මූලික ප්‍රතිඵල 4 වෙනි ප්‍රස්තාරය ඔස්සේ දැක්වේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ r අගයේ විවිධ මට්ටම් ලඟා කරගැනීමට හැකි විවිධ රෝග මර්දන උපාය ක්‍රමයන් සඳහා වන කොවිඩ්-19 පැතිරීමේ ආකාරයන් වේ. මර්දනය සඳහා ගන්නා පියවර වඩාත් මෘදු වේ නම්, r අගය 2 ට වඩා ඉහළ අගයක් ගනී. එවිට රෝහල් උවටැන අවශ්‍ය වන ආසාදිත රෝගීන්ගෙන් සුළු ප්‍රතිශතයක් සම්බන්ධයෙන් පවා කටයුතු කරන්නට අසමර්ථ වන ලෙසින් සෞඛ්‍ය සේවා පද්ධතියට වෛරසය පැතිරීමේ වර්ධන ශීඝ්‍රතාවය හා සටන් කිරීමට නොහැකි වීමට හැකියාවක් ඇත. එසේම r හි අගය 1.5 ක් ලෙසින් (r=1.5) නිරූපනය වන ප්‍රබලතම මර්දන උපාය මාර්ගයන් ඔස්සේ, රටේ සෞඛ්‍ය සේවා පද්ධතියට අඩුම පීඩනයක් ලබාදෙමින් ශ්‍රී ලංකාවට දින 257 ක් නැතිනම් මාස 8.5 ක කාලයක් තුළදී වෛරසය පැතිරීම මැඩපවත්වා ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත. 4 වෙනි ප්‍රස්තාරය මගින් දක්වන ලෙසට කිසිදු මර්දනය කිරීමේ ක්‍රියා පිළීවෙතක් ගෙන නොමැති අවස්ථාවකදී පවා (මෙය ඉතාලියේ මර්දන ක්‍රියාමාර්ගයන් ගැනීමට පෙර පැවති පැතිරීමේ ශීඝ්‍රතාවයට සමාන ලෙසින් r=3.5 ලෙසින් වන අවස්ථාවක් ඔස්සේ නිරූපනය වී ඇත) වසංගත ව්‍යාප්තියේ උච්චතම අවස්ථාව ජූනි මස මුලදී -එනම් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් මැද කාලයට බොහෝ එහා ගොස්- උදාවනු ඇත. මේ ලෙසින් ගත් විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවන සඳහන් කිරීමද ප්‍රත්‍යක්ෂ ලෙසින්ම සාවද්‍ය වේ.
සටහන: වසංගතය පැතිර යාම නිවාරණය කිරීමේ උපාය ක්‍රමයක් මගින් යෝජනා කෙරෙන්නේ r අගය 1 ට අඩුවනු ඇති (r<1) බවයි. එහි අරුත වන්නේ එක් නීරෝගී පුද්ගලයෙකුට වෛරසය ලබාදීම සඳහා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, r=0.5 වන විට නීරෝගී පුද්ගලයෙකුට වෛරසය ආසාදනය කරවීමට ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු අවශ්‍ය වේ. මෙම අවස්ථාව නිරූපනය කොට නොමැත්තේ, එයින් දැක්වෙන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාව මර්දන ක්‍රියාමාර්ග ඉවත් කිරීමෙන් පසු නැවතත් මුල් තැනටම යාමත්, කොවිඩ්-19 සඳහා වැක්සීනයක් සොයාගැනීමට පෙර වෛරසය නැවත පැතිරීම ආරම්භ වීමත් වීම නිසාවෙනි. එසේම මර්දන පියවර සඳහා අවශ්‍ය වන රට වසා දැමීමේ ක්‍රියාමාර්ගයන්, මිනිස් ජීවිත කෙරෙහි බලපවත්නා පැවැත්ම සම්බන්ධ ආර්ථික ප්‍රතිවිපාක නිසාවෙන් ඇතැම් විට තිරසාර නොවිය හැක. එය වෛරසය පැතිර යෑමෙන් වන මිනිස් හානිය හා සමගින්ම තක්සේරු කළ යුතු වේ.
Sources
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුල් ප්‍රකාශය: https://www.facebook.com/gmoasl/photos/a.1640552802880194/2596523973949734/?type=3&theater [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
‘Chinese woman at IDH tested positive for coronavirus’, ඩේලි මිරර්, 2020 ජනවාරි 27, ප්‍රවේශය මෙතැනින්: [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
‘First ever COVID 19 patient identified in Sri Lanka’, ඩේලි මිරර්, 2020 මාර්තු 12, ප්‍රවේශය මෙතැනින්: http://www.dailymirror.lk/print/front_page/First-ever-COVID-19-patient-identified--in-Sri-lanka/238-184765 [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
‘Italian national tests positive for Coronavirus in Italy - Lombardy region’, රොයිටර්ස්, 2020 පෙබරවාරි 21, ප්‍රවේශය මෙතැනින්: https://www.reuters.com/article/china-health/italian-national-tests-positive-for-coronavirus-in-italy-lombardy-region-idUSL8N2AL11L [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
‘Third case of coronavirus confirmed in Italy - health ministry ‘, රොයිටර්ස්, 2020 පෙබරවාරි 7, ප්‍රවේශය මෙතැනින්: https://www.reuters.com/article/china-health-italy/third-case-of-coronavirus-confirmed-in-italy-health-ministry-idUSL8N2A696L [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
ඉම්පීරියල් විද්‍යාලයේ කොවිඩ්-19 `ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම, ‘යුරෝපීය රටවල් 11 ක කොවිඩ්-19 සම්බන්ධව ආසාදිතයින් සංඛ්‍යාව සහ ඖෂධීය-නොවන මැදිහත්වීම් වල බලපෑම ඇස්තමේන්තුගත කිරීම’, ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලය, 2020 මාර්තු 30, ප්‍රවේශය මෙතැනින්: https://www.imperial.ac.uk/media/imperial-college/medicine/sph/ide/gida-fellowships/Imperial-College-COVID19-Europe-estimates-and-NPI-impact-30-03-2020.pdf [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
ඉම්පීරියල් විද්‍යාලයේ කොවිඩ්-19 `ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම, ‘කොවිඩ්-19 මරණ ප්‍රමාණය සහ සෞඛ්‍ය සේවා ඉල්ලුම අඩු කිරීම සඳහා යොදාගන්නා ඖෂධීය-නොවන මැදිහත්වීම් වල (NPIs) බලපෑම’, ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලය, 2020 මාර්තු 16, ප්‍රවේශය මෙතැනින්: https://www.imperial.ac.uk/media/imperial-college/medicine/sph/ide/gida-fellowships/Imperial-College-COVID19-NPI-modelling-16-03-2020.pdf [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලය, "යුරෝපීය රටවල් 11 ක කොවිඩ්-19 සම්බන්ධව ආසාදිතයින් සංඛ්‍යාව සහ ඖෂධීය-නොවන මැදිහත්වීම් වල බලපෑම ඇස්තමේන්තුගත කිරීම” සඳහා ප්‍රතිආකෘතිගත කිරීමේ කේතය, ගිට්හබ්, 2020 මාර්තු 29, ප්‍රවේශය මෙතැනින්: https://github.com/ImperialCollegeLondon/covid19model/releases/tag/v1.0 [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
ජෝන් හොප්කින්ස් වෛද්‍ය සරසවිය, කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය, ප්‍රවේශය මෙතැනින්: https://coronavirus.jhu.edu/map.html [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]
ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘කොරෝනාවෛරස් රෝගය 2019 (COVID-19) තත්ව වාර්තාව – 72’, 2020 අප්‍රේල් 1, ප්‍රවේශය මෙතැනින්: https://www.who.int/docs/default-source/coronaviruse/situation-reports/20200401-sitrep-72-covid-19.pdf?sfvrsn=3dd8971b_2 [අවසන් වරට ප්‍රවේදය: 2020 අප්‍රේල් 02]