• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ගෝඨාභය රාජපක්ෂ

ජනාධිපති

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 20% ක් මානසික හෝ ශාරීරික ආබාධ සහිත වේ.

ජනපතිගේ නිල ට්විටර් පිටු: 25 Jan 2020

False

Statement

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 20% ක් මානසික හෝ ශාරීරික ආබාධ සහිත වේ.

Fact check

ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් ජනපතිට වැරදි දත්ත ලැබී ඇත.

අයාති ජාතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ජනපතිගේ නිල ට්විටර් පිටුවේ පළ වූ මෙම ප්‍රකාශය තක්සේරුගත කිරීම සඳහා, FactCheckවිසින් වඩාත් මෑතකාලීනව, එනම් 2011 දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර ඇති ජන හා නිවාස සංගණනය (PHC) පරිශීලනය කොට ඇත.

ජන හා නිවාස සංගණනය මගින්, අඩු තරමින් කරුණු හයකින් (නිදර්ශකය 1 බලන්න) එකක් ඔස්සේ දෛනික ජිවිතයට අසීරුතාවයන් එල්ල වන මානසික හෝ ශාරීරික දුර්වලතාවයන් යනුවෙන් පොදුවේ හඳුනාගැනෙනා නිර්වචනයක් ආබාධ සහිත බව සඳහා ලබාදී ඇත. ජන හා නිවාස සංගණනය මගින් වයස අවුරුදු 5-14 ත් අතර දරුවන් අතරින් 1.7% ක් සහ වයස අවුරුදු 5-19 ත් අතර දරුවන්ගෙන් 1.8% ක් දක්වා ආබාධ සහිත වීම ව්‍යාප්තව ඇති බව පවසයි. මෙම සංඛ්‍යාලේඛනය මගින් වයස අවුරුදු 5 ට අඩු දරුවන් අතර ඇති ආබාධ සහිත බව සම්බන්ධයෙන් තක්සේරුවක් කර නැත. අනෙකුත් නිල ආයතනයන් මගින් ආබාධ සහිත බව මිනුම් කිරීම සඳහා හාවිතා වී ඇති වෙනත් ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවේ මෙම තක්සේරුගතව ඇති ප්‍රමාණයට වඩා විශාල ඇගයුමක් ලබාදීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, රජය ඔස්සේ මේ සම්බන්ධයෙන් ලබාගැනීමට ඇති නිල සංඛ්‍යාව ඇත්තේ ජනපති විසින් ප්‍රකාශිත 20% ක අගයට වඩා බොහෝ පහතින් වේ.

ජනපතිගේ ප්‍රකාශයට සහාය ලබාදෙන මූලාශ්‍ර සෙවීමේදී අප විසින් පහත මූලාශ්‍ර සැලකිල්ලට ගෙන ඇත:

2016 වසරේ ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය (DHS) –මෙහිදී භාවිතා වන්නේ, වයස අවුරුදු 2-5 ත් අතර දරුවන් සඳහා ‘අඩු තරමින් කරුණු දහයකින් එකක් ඔස්සේ (නිදර්ශකය 1 බලන්න) වයසට විශේෂ වන සම්ම්තයන්ට අදාළ වන ක්‍රියාකාරීත්ව සීමා වීම්’ ලෙසින් යුනිසෙෆ් (UNICEF) ආයතනය මගින් දක්වා තිබෙන වඩාත් අඩුවෙන් දන්නා ළමුන්ට ඇතිවන ආබාධ සහිත වීම් සම්බන්ධ සංඛ්‍යාලේඛනයි. මෙයින් වාර්තා කෙරෙන්නේ ළමුන් අතර වන ආබාධ සහිත වීමේ ව්‍යාප්තිය 22.8% ක් වන බවටයි.

අයාති වෙබ් අඩවිය –මේ ඔස්සේ පැවසෙන්නේ, “දරුවන්ගෙන් ඇස්තමේන්තුගත 20% ක් අතර යම් ආකාරයක මානසික හෝ ශාරීරික ආබාධයන් ඇති බවයි. 

ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය මගින් දැක්වෙන සංඛ්‍යාව අදාළ වන්නේ වයස අවුරුදු 2-5 ත් අතර දරුවන් සඳහා පමණි. තවදුරටත්, ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය මගින් පැවසෙන්නේ, මෙම සමීක්ෂණය සඳහා භාවිතා වූ ප්‍රශ්නාවලිය නිර්මාණය වී තිබෙන්නේ යම් ආකාරයක සායනික ආබාධ සහිත බවක් ඇති දරුවන්ගෙන් ඉහළ අවදානමක සිටිනා දරුවන් හඳුනාගැනීමට වුවත්, සායනික රෝග හදුනාගැනීමට තරම් විශේෂණය කර නොමැති බවය.අයාති වෙබ් අඩවිය තුළ දක්නට ලැබෙනා නිරීක්ෂණයන්ගෙන් පිළිබිඹු වන්නේ, ආබාධ සහිත බව සම්බන්ධයෙන් වන වඩාත් පුළුල් නිර්වචනයන් භාවිතා කරමින් අනෙකුත් නිල ආයතනයන් ඔස්සේ තක්සේරුගත වී ඇති දළ වශයෙන් වන ව්‍යාප්ති අනුපාතයන් වේ. කෙසේ වුවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඇස්තමේන්තුවක් ලෙසින් ගත් විට, ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකි කිසිදු ආකාරයක සමීක්ෂණ දත්ත සම්බන්ධ කරගනිමින් හෝ හෝ ප්‍රකාශයට පත්වී ඇති පර්යේෂණයක් සම්බන්ධ කරගනිමින් හෝ මෙම දක්වා ඇති සංඛ්‍යාවන් සනාථ කරගැනීමට නොහැක.

දක්වා ඇති දරුවන්ගේ වයස් සීමාවෙන් සහ මානසික හෝ ශාරීරික ආබාධ සහිත බවට වන සෘජු හැඳින්වීමෙන්, ජනපති විසින් ඉදිරිපත් කරන්නේ ජන හා නිවාස සංගණනය (PHC) මගින් භාවිතා කොට ඇති ආබාධ සහිත බව සඳහා වන පොදුවේ අවබෝධ කර ගැනෙනා නිර්වචනය බව ජනපතිගේ කථාවේ සන්දර්භයෙන් පැහැදිලි වේ. එසේ නමුදු ජනපති විසින් උපුටා දක්වන සංඛ්‍යාව බොහෝ විට පැමිණෙන්නට ඇත්තේ වයස අවුරුදු 5 ට වැඩි දරුවන් සඳහා තක්සේරුවක් ලබාදී නොමැති ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය (DHS) ඔස්සේ හෝ අයාති වෙබ් අඩවිය තුල ප්‍රකාශයට පත් වී ඇති සනාථ කරගැනීමට හැකියාවක් නොමැති ඇස්තමේන්තුව ඔස්සේ හෝ වීමට ඉඩ තිබේ.

මෙම ප්‍රකාශය සිදුකිරීමේදී ජනපති විසින් ඇතැම් විට නොදැනුවත්වම යෝග්‍යතාවයක් නොමැති මූලාශ්‍ර මත යැපී ඇත. ලබාගැනීමට ඇති සංඛ්‍යාලේඛන ඔස්සේ බැලූ විට ජනපතිගේ මෙම ප්‍රකාශය නිවැරදි නොවේ. එනිසා, මෙම ප්‍රකාශය සාවද්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

අමතර සටහන්:

. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත බව තක්සේරුගත කිරීම සඳහා සංගණනය මගින් යොදාගත් ක්‍රමවේදයන්හි යෝග්‍යතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් විද්වතුන් අතර සැලකිය යුතු තරමේ සැකශංකාවන් පවත්නා බව FactCheck වෙත දැනුම් දී ඇත. කෙසේ නමුත් සමීක්ෂණ දත්ත සඳහ වෛකල්පිත මූලාශ්‍රයන් හෝ ජාතික මට්ටමේ ඇස්තමේන්තුවක් නොමැති මොහොතක, ලබාගැනීමට ඇති නිල සංඛ්‍යාලේඛනයන්හි නිරවද්‍යතාවය හෝ වලංගු භාවය සම්බන්ධයෙන් අදහස් දැක්වීම තිබෙන්නේ මෙම කරුණු විශ්ලේෂණයේ පරාසයට එපිටිනි.

Sources

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජන හා නිවාස සංගණනය (2012), පි. 72, ප්‍රවේශය මෙතැනින්: http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/Pages/Activities/Reports/FinalPopulation.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 පෙබරවාරි 26]

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය (2016), පි. 146, 147, ප්‍රවේශය මෙතැනින්: http://www.statistics.gov.lk/social/DHS_2016a/Chapter10.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 පෙබරවාරි 26]

අයාති ජාතික මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය, ‘වත්මන් තත්වය’, ප්‍රවේශය මෙතැනින්: https://www.ayati.lk/ [අවසන් වරට ප්‍රවේශය: 2020පෙබරවාරි 26]

 


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION