• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.

මාධ්‍ය සාකච්ඡාව: 16 Oct 2019

False

Statement

අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.

Fact check

මහින්ද රාජපක්ෂ රජය යටතේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය, ගෝඨාභය රාජපක්ෂ විසින් අතිශයෝක්තියෙන් දක්වයි  

මෙම ප්‍රකාශය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් දක්වන්නේ යුද්ධය අවසාන වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ රජය මගින්, ආරක්ෂක හමුදාවන් විසින් අත්පත් කරගන්නට යෙදුණු ඉඩම් වලින් 90% ක් නිදහස් කොට ඇති බවයි.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍ය භාවය තහවුරු කරගැනීම උදෙසා අප විසින් සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCRM) මගින් ප්‍රකාශයට පත් කළ දත්ත පරිශීලනය කළාක් මෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශය (MOD) ඔස්සේද කරුණු විමසා බලා එම සංඛ්‍යාලේඛනයන් තහවුරු කර ගතිමු.

යුද්ධය අවසානයේදී හමුදාවන් විසින් පවරා ගත් උතුරේ සහ නැගෙනහිර ඉඩම් වලට රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම්ද අයත් වේ. සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2009 යුද්ධය අවසානයේ සිට 2015 ජනවාරි මස දක්වා කාලය තුළ අත්පත් කොටගත් පුද්ගලික ඉඩම් වලින් 68.0% ක් සහ අත්පත් කොටගත් රජයේ ඉඩම් වලින් 24.3% ක් හමුදාව විසින් නිදහස් කොට ඇති බවයි (වගුව 1 බලන්න). සමස්තයක් ලෙසින් ගත් විට අත් පත් කොටගෙන ඇති ඉඩම් අක්කර 118,253 කින් 35.2% ක් 2015 ජනවාරි වන විට නිදහස් කෙරී ඇත. උක්ත ප්‍රකාශය සැලකීමේදී ගෝඨාභය රාජපක්ෂ විසින් සඳහන් කරන්නේ පුද්ගලික ඉඩම් සම්බන්ධයෙන් පමණක් යැයි ගත්තද ඔහුගේ ප්‍රකාශයේ වන සංඛ්‍යාවන්ට වඩා නිල සංඛ්‍යාවන් ඇත්තේ පසුපසිනි.

මේ සමගින්ම ගෝඨාභය රාජපක්ෂ විසින්, යාපනය අර්ධද්වීපයේ මුදා හැරි පුද්ගලික ඉඩම් සම්බන්ධයෙන් තවදුරටත් සඳහන් කරයි. “යාපනය අර්ධද්වීපය ගෙන බැලුවහොත්, අප විසින් ඉඩම් 90% කට වැඩි ප්‍රමාණයක් ඒවායේ හිමිකරුවන්ට මුදා හැර තිබෙනවා.” මෙහිදී FactCheck වෙත යාපනය අර්ධද්වීපයට පමණක් විශේෂිත දත්ත සොයාගැනීමට නොහැකි විණි. කෙසේ වෙතත් අපට ස්ථිර කර ගැනීමට හැකි වූයේ, යාපනය දිස්ත්‍රික්කයට විශේෂ වූ ඉඩම් නිදහස් කිරීමේ ගණනයන් (73%) සහ සමස්තයක් ලෙසින් උතුරු පළාතට විශේෂිත වූ ඉඩම් නිදහස් කිරීමේ ගණනයන් (69%) ගත් විට සමාන වන බවයි. මේ සියල්ලද ඇත්තේ රාජපක්ෂ විසින් ප්‍රකාශිත 90% ක ප්‍රමාණයට වඩා පසුපසිනි.

මෙසේ ගත් විට මින් පෙර රජය මගින් නිදහස් කළ ඉඩම් ප්‍රමාණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය ඔස්සේ නියම සංඛ්‍යාවන් වැඩි කොට දක්වා තිබේ. එනිසා එම ප්‍රකාශය සාවද්‍ය යැයි අපි දක්වමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.


වගුව 1: හමුදාවෙන් අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීම: 2009 මැයි - 2015 ජනවාරි

වැඩිදුර තොරතුරු

වගුව 2: හමුදාවෙන් අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීම: 2015 ජනවාරි – 2019 මාර්තු


Sources

සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCRM) නිල වෙබ් අඩවිය, 'නිදහස් කළ ඉඩම් 2009 – 2019', මෙතැනින් ප්‍රවේශ වන්න: https://www.scrm.gov.lk/infographics?lightbox=dataItem-ju87cpj5 [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22]

මුල් ප්‍රකාශය සඳහා මෙතැනින් ප්‍රවේශ වන්න: https://youtu.be/xpBIDDMYFTE?t=2207 (කාල සලකුණු – 35:54, 37:36)


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION