• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ජී එල් පීරිස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නව ජනාදිපති වරයකු පත්වු විට පාර්ලිමේන්තුව විසුරුවා තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වන පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජනතාව අතරට යාමේ බලය 19 වැනි සංශෝධනයට පෙර ජනපතිට තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එය වෙනස් කළා. වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. තුනෙන් දෙකක බලයක් තිබේ නම් පමණක් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්.

ලංකාදීප: 10 Aug 2020

True

Statement

Fact check

අමාත්‍ය ජී.එල්.පීරිස් නිවැරදියි: 19 වෙනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිට පැහැදිලි බලයක් තිබුණි.

මෙම ප්‍රකාශය ඇගයුම් කිරීම උදෙසා, FactCheck විසින් 19 වෙනි සංශෝධනයට පෙර මෙන්ම පසු ව්‍යවස්ථාවන්හි 70 වෙනි ව්‍යවස්ථාවෙහි විධිවිධාන කෙසේ වේදැයි පරිශීලනය කරන්නට යෙදිණි.

යටකී ව්‍යවස්ථාවන්හි එන විධිවිධානයන් සරලව කියැවූ විට මෙසේ වෙයි:

19 වෙනි සංශෝධනයට පෙරාතුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලයට වූ එකම අවහිරය වූයේ, ජනපති වීසින් ඉන් පෙර පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම මීලඟ පාර්ලිමේන්තුව තේරී පත් වූ විට පමණි. එම අවස්ථාවේදී පවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනපතිට තිබු එකම බාධාව වූයේ, තේරී පත්වූ දිනයෙන් පසු වසරක් යනතුරු පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වීමයි. මෙම සීමාසහිත අවහිරය පවා, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ජයගැනීමට හැකියාව තිබිණි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපතිට මේ සඳහා ඇති බාධාව වැඩි කොට තිබේ. එනම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් විසින් ඉල්ලීමක් කරන්නේ නම් හැරෙන්නට, පාර්ලිමේන්තුව පළමුවරට රැස්වීමෙන් පසු වසර හතරහමාරක් යන තුරු ජනපතිට එය විසුරුවා හැරීමට නොහැකි වේ.

මෙසේ ව්‍යවස්ථා පාඨයන් සරලව කියවා බැලීමේදී පෙනී යන්නේ, ජනපතිවරයාට නව පාර්ලිමේන්තුවක් පත් වීමෙන් දිනකට පසුව වුවත් එය විසුරුවා හැර නව මැතිවරණයක් ඉල්ලා සිටීමට සැබවින්ම බලතල තිබුණු බවය. 19 වෙනි සංශෝධනය මගින් එම බලතල කප්පාදු කර තිබේ.*

එනිසා, අමාත්‍ය ජී.එල්.පීරිස්ගේ මෙම ප්‍රකාශය සත්‍ය යැයි අපි පවසමු.

*සටහන: මෙම ප්‍රකාශය පිළිබඳව ඇගයුම් කිරීමේදී, අමාත්‍ය පීරිස් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනපතිට ඇති 'බලය' ලෙසින් සඳහන් කොට ඇත්තේ, ජනපතිගේ තනි අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති හැකියාවය (එනම්, යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසින්ම එය විසුරුවා හැරීමට ඉල්ලීමෙන් බැහැරව තම බලය භාවිතා කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම) යන පදනම ඔස්සේ FactCheck මගින් මෙම විශ්ලේෂණය සිදුකර ඇත.  

**FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

මූලාශ්‍ර:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහනව වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාව: ප්‍රවේශය:

https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th.pdf.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහඅට වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාව: ප්‍රවේශය: https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-18th.pdf.

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION