• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ඉරාන් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂය

2016 දී ශ්‍රී ලංකාවේ ශ්‍රම බල දායකත්වය (LFP) කාන්තාවන් 36% ක් වන විට පිරිමින් 75% ක් විණි. මෙය ගෝලීය ශ්‍රම බල දායකත්වයෙන් ගත් විට 14 වෙනි තැනට විශාලතම ස්ත්‍රී පුරුෂ පරතරයයි. 2016 දී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතය දරා තිබුණේ තරුණ කාන්තාවන්ය. එනම් වයස අවුරුදු 15-24 ත් අතර කණ්ඩායම සඳහා 29% ක අගයකි.

ඩේලි එෆ්ටී: 25 Sep 2019

True

Statement

2016 දී ශ්‍රී ලංකාවේ ශ්‍රම බල දායකත්වය (LFP) කාන්තාවන් 36% ක් වන විට පිරිමින් 75% ක් විණි. මෙය ගෝලීය ශ්‍රම බල දායකත්වයෙන් ගත් විට 14 වෙනි තැනට විශාලතම ස්ත්‍රී පුරුෂ පරතරයයි. 2016 දී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතය දරා තිබුණේ තරුණ කාන්තාවන්ය. එනම් වයස අවුරුදු 15-24 ත් අතර කණ්ඩායම සඳහා 29% ක අගයකි.

Fact check

ශ්‍රම බලකායේ පවත්නා ස්ත්‍රී පුරුෂ පරතරය ගෙනහැර දැක්වීම සදහා වික‍්‍රමරත්න, නිවැරදි සංඛ්‍යාලේඛන භාවිතා කර ඇත 

 එවකට රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින්, තම ප්‍රකාශයේ සඳහන් (අ) ශ්‍රි ලංකාවේ ශ්‍රම බල දායකත්වයේ විශාල ස්ත්‍රී පුරුෂ වෙනසක් තිබෙන්නේය; සහ (ආ) වයස අවුරුදු 15-24 ත් අතර කාන්තාවන් අතර ඉහළම විරැකියාව පවතින්නේය යන කරුණු තහවුරු කිරීම සඳහා 2016 වසරින් ගත් සංඛ්‍යාලේඛනයන් දක්වා තිබිණි.

FaactCheck මගින් ඔහුගේ ප්‍රකාශය තක්සේරු කිරීම සඳහා, 2016 වසර සඳහා වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාවේ සහ ලෝක ආර්ථික සංසදයේ (WEF) ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවේ (Global Gender Gap report) අඩංගු දත්ත භාවිතා කොට ඇත. ශ්‍රම බල දායකත්ව වාර්ෂික වාර්තාව 2017 වසර දක්වා ලබාගැනීමට ඇති අතර, ලෝක ආර්ථික සංසදයේ වාර්තාව 2018 වසර දක්වා ලබාගැනීමට ඇත. හිටපු අමාත්‍යවරයා විසින් විශේෂයෙන්ම 2016 වසර දක්වා ඇති හෙයින්, 2016 වසරේ සංඛ්‍යාලේඛන භාවිතා කරමින් FactCheck මගින් ඔහුගේ ප්‍රකාශය තක්සේරුගත කොට ඇත. කෙසේවෙතත් 2016 වසරට ඔබ්බෙන් වන නවතම දත්ත ද, ඉදිරිපත් කර තිබේ. එසේවුවත්, එම නවතම දත්ත මගින් ද, හිටපු අමාත්‍ය වික‍්‍රමරත්නගේ සමස්ත තර්කයට පදනමක් ලබා දේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් දැක්වෙන්නේ, 2016 වසරේ ශ්‍රම බල දායකත්වය 75.1% ක් පිරිමි පාර්ශවය සහ 35.9% ක් කාන්තා පාර්ශවය මගින් ලබාදෙන බවයි. එසේම 2017 වසර සඳහා මෙය පිරිමි පාර්ශවය 74.5% ක් හා කාන්තා පාර්ශවය 36.6% ක් වී ඇත (වගුව 1 බලන්න). එනම් මෙය ප‍්‍රතිශත අනුව ගතහොත් 2016 දී 39.2% ක ප්‍රමාණය ක් සහ 2017 දී 37.9%  ක ප්‍රමාණය ක් වන ස්ත්‍රී - පුරුෂ පරතරයකි. ලෝක ආර්ථික සංසදය මගින් ශ්‍රම බල දායකත්වයේ ස්ත්‍රී - පුරුෂ පරතරය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කොට ඇති ලෝකයේ රටවල් 144ක් අතුරින් ශ්‍රී ලංකාව 131 ක් වෙනි ස්ථානයට ඇතුළත් කොට ඇත. එනම් 14 වැනි තැනට විශාලතම ස්ත්‍රී පුරුෂ පරතරය ඇති රට ශ්‍රී ලංකාවයි. 2017 වසරේ දී හා 2018 වසරේ දී ශ්‍රී ලංකාව දැරූ මෙම ශ්‍රේණිය පිළිවෙලින් රටවල් 144 කින් 132 වෙනි තැනට සහ රටවල් 149 කින් 130 වෙනි තැනට විචලනය විණි. එනිසා ශ්‍රම බල දායකත්වය පිළිබඳව හිටපු අමාත්‍යවරයා දක්වා ඇති සංඛ්‍යාවන් නිවැරදි වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් තවදුරටත් දක්වා සිටින්නේ, 2016 වසරේ ඉහළම විරැකියා මට්ටමක් තිබූ කණ්ඩායම (29.2%) වන්නේ වයස අවුරුදු 15-24 ත් අතර කාන්තාවන් බවයි. මෙය එම වයස් කාණ්ඩයේම සිටිනා පිරිමි කණ්ඩායමට වඩා 12.1% ක ප්‍රමාණයකින් සහ ඊලඟට වැඩිම විරැකියාවකින් පෙළෙන කාන්තා වයස් කාණ්ඩය වන වයස අවුරුදු 25-29 ත් අතර කණ්ඩායමට වඩා 13.3% ක ප්‍රමාණයකින් ඉහළ වූ අගයකි. 2017 දී මෙම විරැකියා ප්‍රතිශතය 24.5% දක්වා පහත වැටී තිබිණි.

මේ නයින් බැලූ විට හිටපු රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ඔහුගේ ප්‍රකාශයේ වන කරුණු දෙකේදීම නිවැරදි වේ. එනිසා ඔහුගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි පවසමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව ශ්‍රම බල දායකත්වය සහ විරැකියා අනුපාතය


වගුව 2: වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව විරැකියා අනුපාතය


Sources

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2015, පි. 23, ප්‍රවේශය මෙතැනින්:

http://www.statistics.gov.lk/samplesurvey/LFS_Annual%20Report_2015.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2016, පි. 23, ප්‍රවේශය මෙතැනින්:

http://www.statistics.gov.lk/samplesurvey/LFS_Annual%20Report_2016.pdf

[අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 15]

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2017, පි. IV, 25, ප්‍රවේශය මෙතැනින්:

http://www.statistics.gov.lk/samplesurvey/LFS_Annual%20Report_2017_version2.pdf

[අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 15]

ලෝක ආර්ථික සංසදය, ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාව 2016, පි. 322, ප්‍රවේශය මෙතැනින්:

http://www3.weforum.org/docs/GGGR16/WEF_Global_Gender_Gap_Report_2016.pdf

[අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 15]

ලෝක ආර්ථික සංසදය, ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාව 2017, පි. 302, ප්‍රවේශය මෙතැනින්:

http://www3.weforum.org/docs/WEF_GGGR_2017.pdf

[අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 15]

ලෝක ආර්ථික සංසදය, ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාව 2018, පි. 255, ප්‍රවේශය මෙතැනින්:

http://www3.weforum.org/docs/WEF_GGGR_2018.pdf

[අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 15]

මුල් ප්‍රකාශය සඳහා පිවිසෙන්න:

http://www.ft.lk/business/ARTDO-shares-ideas-for-sustainable-future/34-686408

[අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 15]


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION