• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ඉරාන් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂය

රජය විසින් කළ සමස්ත ණය ගැනීම් සම්පූර්ණයෙන්ම යෙදවී තිබෙන්නේ ණය නැවත ගෙවීමටයි.

ඩේලි එෆ්ටී: 19 Jun 2019

Partly True

Statement

රජය විසින් කළ සමස්ත ණය ගැනීම් සම්පූර්ණයෙන්ම යෙදවී තිබෙන්නේ ණය නැවත ගෙවීමටයි.

Fact check

රජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් වසර හතරක් නොව වසර දෙකක කාලය සලකන්නේ නම් අමාත්‍ය එරාන් වික්‍රමරත්න නිවැරදිය.

2019 ජූනි 19 ඩේලි එෆ්ටී පුවත්පත මගින් රාජ්‍ය මුදල් අමාත්‍යවරයා විසින් ඉහත ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදුකළ බව වාර්තා කරන්නට යෙදිණි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය මගින් ඊට වලංගු වන කාල සීමාවක් සඳහන් නොකරන බැවින්, FactCheck මගින් 2015 ජනවාරි මාසයේදී රජය මාරුවීමේ සිට එක් එක් වසර සඳහා මෙම ප්‍රකාශය ඇගයුම් කොට බලන්නට යෙදිණි.

මෙම ප්‍රකාශය, මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන “ප්‍රාථමික ශේෂය” නම් සංඛ්‍යාලේඛනයන් භාවිතා කරමින් ඇගයුම් කොට බැලිය හැක. මෙය ගණනය කෙරෙන්නේ, රජයට ලැබුණු ආධාර ඇතුළු සමස්ත ආදායමෙන් ණය පොලී මුදල් ගෙවීම් හැරෙන්නට සියලුම රජයේ වියදම් අඩු කිරීමෙනි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය වේ නම්, නව රජය විසින් ලබාගත් ණය ගැනීම් අවශ්‍ය වී ඇත්තේ ණය මුදල් සහ ණය පොලී මුදල් ගෙවීම සඳහා පමණි. මෙහි අරුත වන්නේ වසරක අය වැය හිඟය, එම වසර සඳහා වන ණය පොලී ගෙවීම් වලට වඩා වැඩි නොවිය යුතු බවයි (ණය මුදල් නැවත ගෙවීම සලකා බැලී නැත්තේ මන්ද යන්න දැනගැනීම උදෙසා පහත සටහන බලන්න). එවැනි වසර සඳහා ප්‍රාථමික ශේෂය ධනාත්මක විය යුතුය. කෙසේ වෙතත් ප්‍රාථමික ශේෂය සෘණාත්මක නම්, එයින් අදහස් වන්නේ එම වසරේ ණය පොලී ගෙවුම් පිරිවැය නොමැතිව වුවද රජයේ වියදම් ආවරණය කිරීම සඳහා ආධාර සහ ආදායම් ප්‍රමාණවත් නොවූ බවයි. එවැනි අවස්ථාවක අය වැය හිඟය ආවරණය කිරීම සඳහා රජය මගින් ලබාගත් ණය, හිඟ ණය මුදල් ගෙවීමට අවශ්‍ය වන මුදල ඉක්මවා යයි (එනම් ණය පොලී ගෙවුම් පිරිවැය). පහත පළමු වගුව මගින් වසර 2015-2018 කාලය තුළ එක් එක් වසර සඳහා වන ප්‍රාථමික ශේෂය දක්වා ඇත.

සටහන: රාජ්‍ය අංශයේ ගිණුම්කරණයේදී ණය මුදල් නැවත පියවීම රජයේ වියදමක් ලෙසින් නොගැනේ. ඊට හේතුව වන්නේ, වියදමක් ලෙසින් ගැනෙන ණය පොලී ගෙවීම් මෙන් නොව ණය මුදල් නැවත ගෙවීම යනු සරලවම රජයේ ශුද්ධ වත්කම් ස්ථාවරය වෙනස් නොකරන, රජයේ වත්කම් හා බැරකම්හි වෙනස් වීමක් වන බැවිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, පැරණි ණයක් ගෙවීම සඳහා නව ණය මුදලක් ලබාගත් විට, රජයේ  වත්මන් මූල්‍ය ස්ථාවරයට වෙනසක් සිදු නොවේ. එනිසා හිඟ ණය මුදල් හා එහි පොලී ගෙවීම සඳහා නව ණය මුදලක් ලබාගත් විට, අය වැය හිඟය ණය පොලී ගෙවීම් පිරිවැයට වඩා වැඩි විය නොහැක. 


වගුව 1: රජයේ ෆිස්කල් මෙහෙයුම් (2015-2018) ශ්‍රී ලංකා රුපියල් මිලියන වලින්

පළමු වගුව මගින් පෙන්වන්නේ 2017 වසර සහ 2018 වසර සඳහා ප්‍රාථමික ශේෂය ධනාත්මක වී ඇති බවයි. එහි අරුත වන්නේ ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය මුදල් අමාත්‍යවරයාව සිටි උක්ත වසර දෙක සම්බන්ධයෙන් (2017 මැයි මස සිට)ඔහුගේ ප්‍රකාශය සත්‍ය වන බවයි. කෙසේ වුවත් ඉන් පෙර 2015 සහ 2016 වසර සඳහා ප්‍රාථමික ශේෂය ධනාත්මක වී නොතිබුණු අතර, එම වසර දෙකද වත්මන් රජයේ පාලන කාලය තුළට අයත් වේ.

එම නිසා අමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් වන්නේ යැයි අපි ප්‍රකාශ කරමු.

මෙම ප්‍රකාශය වාර්තා කෙරුණු පසුව, අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී නිවැරදිව සඳහන් කරන්නට යෙදුණේ වසර 2017 සහ 2018 සඳහා රජයේ ණය ගැනීම් ණය ගෙවීම සඳහා පමණක් භාවිතා වූ බවයි (පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව - 2019 ජූලි 09)

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2018, විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, වගුව 6, https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/15_S_Appendix.pdf [last accessed 20 August 2019]

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2018, සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, වගුව 108,

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/14_Appendix.pdf [අවසන් වතාවට ප්‍රවේශ වූයේ 2019 අගෝස්තු 20]

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, හැන්සාඩ් වාර්තාව - 2019 ජූලි 09, https://www.parliament.lk/uploads/documents/hansard/1563163804027083.pdf [අවසන් වතාවට ප්‍රවේශ වූයේ 2019 අගෝස්තු 21]

ප්‍රවෘත්ති වාර්තාව සඳහා පිවිසෙන්න: http://www.ft.lk/front-page/All-borrowings-used-to-repay-debt--Eran/44-680288 [අවසන් වතාවට ප්‍රවේශ වූයේ 2019 අගෝස්තු 20]


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION