Claim

දිනේෂ් ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධානය
2018 වර්ෂයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 7ක් පමණ වේ. එය එම වර්ෂයේ දළ දේශීයනිෂ්පාදිතයෙන් 7.9කි.
දිවයින: 9 Jun 2020
Statement
2018 වර්ෂයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 7ක් පමණ වේ. එය එම වර්ෂයේ දළ දේශීයනිෂ්පාදිතයෙන් 7.9කි.
Fact check
විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන මුදල් සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන නිවැරදියි
2020 ජූනි 09 දින විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ, විදේශයන්හි සේවාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටුවීම පසුබිම් කරගනිමිනි. මෙම ප්‍රකාශය තක්සේරු කොට බැලීම සඳහා FactCheck මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙන් ලබාගැනීමට ඇති, 2015-2019 කාලසීමාව සඳහා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවනු ලැබූ මුදල් සම්බන්ධයෙන් වන දත්ත භාවිතා කොට ඇත.
ගුණවර්ධනගේ ප්‍රකාශයට පදනම් වූ පසුතලය වූයේ, කොවිඩ්-19 වසංගතය නිසාවෙන් විදෙස්ගත ශ්‍රමිකයින් -විශේෂයෙන්ම මැදපෙරදිග සේවය කරන්නන්- සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට නැවත පැමිණීමයි. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2015 සිට 2019 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබුණු මුදල් වලින් 50% කට වඩා ප්‍රමාණයක් පැමිණියේ මැදපෙරදිග සේවයේ නියුතු විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ගෙන් බවයි.
2018 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) රුපියල් මිලියන 14,366,103 ක් ලෙසින් වාර්තා විණි. විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් විසින් එම වසරේදී මෙරටට එවූ මුදල වන රුපියල් මිලියන 1,138,124 ක (ඇමරිකානු ඩොලර් මිලියන 7,015 ක්) මුදල, එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක ප්‍රමාණයක් ගනී (නිදර්ශකය 1). මෙය 2015 සිට 2019 දක්වා දත්ත විමසා බලන විට ඒ හා සැසඳේ. මෙම වසර කිහිපය තුළදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට එවූ මුදල රුපියල් මිලියන 950,000 සිට 1,200,000 දක්වා පරාසයක තිබිණි. එනම්, එම කාලය තුළ වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% සිට 8.8% අතර ප්‍රමාණයකි.
එම නිසා අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය යැයි සඳහන් කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
මූලාශ්‍ර:
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2019), විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, 2 සහ 4 වගු, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2019
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2019), සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, 67 සහ 93 වගු, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2019