Claim

දිනේෂ් ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධානය
“අභ්‍යන්තරව අවතැන් වූවන් 440,000කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමෙහි ලා ශ්‍රී ලංකාවද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා... වර්තමානයේදී එය 93.76% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.”
Daily FT: 28 Feb 2020
Statement
“අභ්‍යන්තරව අවතැන් වූවන් 440,000කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමෙහි ලා ශ්‍රී ලංකාවද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා... වර්තමානයේදී එය 93.76% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.”
Fact check
අමාත්‍ය ගුණවර්ධන අභ්‍යන්තරව අවතැන්වූවන් ඉහළ ප්‍රතිශතයක් නැවත පදිංචි කරවූ බව නිවැරදිව පවසයි, එහෙත් වැරදි සංඛ්‍යාලේඛන භාවිත කරයි
මෙම ප්‍රකාශයෙන් අමාත්‍ය දිනේශ් ගුණවර්ධන පවසා සිටින්නේ යුද්ධය අවසාන වීමෙන් පසුව, අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් (IDP) නැවත පදිංචි කරවීමෙහි ලා රජය විසින් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ, වර්තමානය වන විට අභ්‍යන්තරව අවතැන්වූවන් 440,000 දෙනෙකුගේ සමස්තයෙන් 93.76% ක ප්‍රමාණයක් නැවත පදිංචි කරවා ඇති බවයි.
FactCheck මගින් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය (MoJ) ඔස්සේ ලබාගැනීමට ඇති නවතම දත්ත භාවිතා කරමින් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමසුම් කොට ඇත. පළමුවෙනි වගුව ඔස්සේ පෙන්නුම් කරන්නේ, 2019 ජූලි 31 දින වන විට නැවත පදිංචි කරවා ඇති අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් ප්‍රමාණයත් (894,449), නැවත පදිංචි කරවීමට සිටින අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් ප්‍රමාණයත් (27,317) වේ. නැවත පදිංචි කරවීමට සිටිනා අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ප්‍රතිශතය, අමාත්‍යවරයා විසින් ප්‍රකාශිත 440,000 ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙසට ගත් විට 6.21% ක් වේ. ඇතැම් විට අමාත්‍යවරයා ප්‍රකාශ කළ 93.79% ක සංඛ්‍යාව ඔහු විසින් ලබාගෙන ඇත්තේ 100% කින් 6.21% අඩු කිරීමෙන් විය හැක. කෙසේ වුවත්, ඔහු භාවිතා කළ එම සමස්ත අභ්‍යන්තරව අවතැන් වූවන් ප්‍රමාණය 440,000 ක් වේය යන සංඛ්‍යාව නිවැරදි නොවන අතර, සැබෑ සමස්ත අභ්‍යන්තරව අවතැන් වූවන් ප්‍රමාණය (894,449) සමගින් ගත් විට නැවත පදිංචි කර ඇති අභ්‍යන්තරව අවතැන් වූවන් ප්‍රතිශතය ඔහු අඩුවෙන් දක්වා ඇත. සැබෑ ප්‍රතිශතය වන්නේ 97.04% කි (පළමු වගුව බලන්න).
අමාත්‍යවරයා මෙහිදී පුළුල්ව අදහස් කරන්නේ, අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින්ගෙන් විශාල ප්‍රතිශතයක් නැවත පදිංචි කරවා ඇති බවයි. එම අදහස සම්බන්ධයෙන් ඔහු නිවැරදි වේ. කෙසේ වුවත් නැවත පදිංචි කරවීමට සිටි සමස්තය සම්බන්ධයෙන් සාවද්‍ය, වඩාත් අඩු සංඛ්‍යාලේඛනයන් දැක්වීමෙන් අමාත්‍යවරයා විසින් අභ්‍යන්තරව පදිංචි කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින තත්ත්වය වරදවා දක්වන අතර, එසේම ඒ සම්බන්ධයෙන් සිදුව ඇති ප්‍රගතියද අඩු තක්සේරුවකින් යුතුව දක්වයි.
එනිසා, අපි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශය පාර්ශවිකව සත්‍ය යැයි සඳහන් කරමු.
FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, 31.01.2019 වනවිට උතුරු සහ නැගෙනහිර පළාත් වල නැවත පදිංචි කරවීමේ ප්‍රගතිය, එම දත්ත සඳහා ප්‍රවිශ්ට වීමට මෙතැන ක්ලික් කරන්න.
අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, 31.03.2019 වනවිට නැවත පදිංචි කරවීමට සිටින අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල තොරතුරු, එම දත්ත සඳහා ප්‍රවිශ්ට වීමට මෙතැන ක්ලික් කරන්න.