• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

පාඨලී චම්පික රණවක

එක්සත් ජාතික පක්ෂය

යහපාලනය එනකොට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1050 යි. අපේ ආණ්ඩුව අවුරුදු 5ක් ඇතුළත මේ ආදායම බිලියන 2100 දක්වා දෙගුණ කළා.

ලංකාදීප: 6 Feb 2020

Partly True

Statement

යහපාලනය එනකොට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1050 යි. අපේ ආණ්ඩුව අවුරුදු 5ක් ඇතුළත මේ ආදායම බිලියන 2100 දක්වා දෙගුණ කළා.

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක විසින් යහපාලන රජය යටතේ ආදායම් වර්ධනය අධිතක්සේරු කරයි

FactCheck මගින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිකුත් කළ 2018 වාර්ෂික වාර්තාවේ සහ සතිපතා ආර්ථික දර්ශකයන්ගේ ඇතුළත් දත්ත භාවිතා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තක්සේරු කොට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ප්‍රකාශය කරනා අවස්ථාවේදී, 2019 වසර සඳහා උක්ත කී දත්ත ලබාගැනීමට තිබුණේ පළමු මාස නවයක කාලය සඳහා පමණි (වගුව 1 බලන්න).

මෙහිදී මන්ත්‍රීවරයා විසින් යහපාලන රජය මගින් රාජ්‍ය ආදායම දෙගුණ කළ බවට කරන තම ප්‍රකාශය තුළ සංඛ්‍යාවන් දෙකක් දක්වයි. එනම් 2014 වසරේරාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.05 ක් ලෙස ආරම්භක අගයක් සහ සහ 2015-2019 කාලවකවානුව තුළ උපරිම රාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 2.1ක් ලෙසිනි. කෙසේ වෙතත් මෙම පළමු සංඛ්‍යාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා නිවැරදි නොවේ. 2014 වසරේදී එකතු වූ සමස්ත ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.20 ක් විණි. ඇතැම් විට මන්ත්‍රීවරයා විසින් උපුටා දැක්වූ ආරම්භක සංඛ්‍යාවේ දෝෂයට හේතුව වීමට හැක්කේ, ඔහු විසින් සමස්ත රාජ්‍ය ආදායම (බදු ආදායම සහ බදු නොවන ආදායම යන දෙකම ඇතුළත්) නොව බදු ආදායම පමණක් (2014 වසරේදී එය ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.05 ක් විය) උපුටා දැක්වීම විය හැක.

 2015-2019 කාලය තුළ වාර්තා වූ වැඩිම වාර්ෂික ආදායම වන්නේ 2018 වසරේ ආදායම වූ ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.92 ක ප්‍රමාණය වේ. මෙය මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත ආදායමට වඩා අඩු අගයකි. එනිසා, මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශයේදී සඳහන් කරන්නට යෙදුණේ 2019 වසරේ වාර්ෂික ආදායමවීමට බොහෝ දුරට ඉඩ තිබේ.. මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශය කළ කාලය අතරතුරදී ලබාගැනීමට තිබූ දත්ත භාවිතා කරමින් 2019 වසරේ ආදායම ඇස්තමේන්තු කිරීම සඳහා, FactCheck මගින් ඉන් පෙර වසර වල (2015-2018) අවසාන මාස තුනේදී එකතු කරනු ලැබූ ආදායම, සමස්ත ආදායමෙන් කොටසක් ලෙසින් ගෙන භාවිතා කරන ලදී. පළමු වගුවෙන් පෙන්වා දෙන ආකාරයට, 2015 සිට 2018 දක්වා වසර කිහිපයේ එක් එක් වසරක අවසාන මාස තුනේ එකතු වූ රාජ්‍ය ආදායම් වල සාමාන්‍යය (29.5%) ගෙන, ඒ මත සිට 2019 වසරේ වාර්ෂික ආදායම ඇස්තමේන්තු කළහොත් එය ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 2 ක් වේ. එනිසා, ප්‍රකාශය සිදුකළ කාලය තුළ මන්ත්‍රීවරයාට ලබා ගැනීමට තිබූ දත්ත පදනම් කොටගෙන බලනා විට මෙය පෙනෙනා ලෙසට නිවැරදි අගයකැයි කිව හැක.

මෙම ගණනය සඳහා වූ ආරම්භක සංඛ්‍යාව අඩුතක්සේරුවකින් දැක්වීම ඔස්සේ මන්ත්‍රීවරයා විසින් 2015-2019 කාලය තුළ රාජ්‍ය ආදායම වැඩිවීම අධිතක්සේරු කොට ඇත. සමස්ත රාජ්‍ය ආදායම (ඇස්තමේන්තු ගත කොට ඇති ඉහත අගයයන් මත පදනම්ව) වැඩිව ඇත්තේ 1.67 වාරයකින් මිස මන්තී‍්‍රවරයා පවසන ආකාරයට දෙගුණයකින් නොවේ. එනිසා, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ධ වශයෙන් සත්‍ය වේ යැයි අපි ප්‍රකාශ කරමු.  

සටහන: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකළ කාලයට පසුව, එනම් 2020 අප්‍රේල් 28 වන දින නිකුත් කෙරුණි. එහි අඩංගු වූ ලබාගැනීමට ඇති වඩාත් යාවත්කාලීන දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2019 වසරේ එකතු කෙරුණු රාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.90 ක් වූ බවයි.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම  යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු  සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම  ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සතිපතා ආර්ථික දර්ශකයන් - 2020 ජනවාරි 9, ප්‍රවේශය මෙතැනින්:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200109_e.pdf.

ශ්‍රී ලංකා මහ බැංකුව,  ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සතිපතා ආර්ථික දර්ශකයන් - 2019 අප්‍රේල් 18, ප්‍රවේශය මෙතැනින්:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20190418_e.pdf.

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සතිපතා ආර්ථික දර්ශකයන් - 2018 අප්‍රේල් 12, ප්‍රවේශය මෙතැනින්:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20180412_e_1.pdf.

ශ්‍රී ලංකා මහ බැංකුව,  ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සතිපතා ආර්ථික දර්ශකයන් - 2017 අප්‍රේල් 21, ප්‍රවේශය මෙතැනින්:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/wei_2017.04.21.pdf.

ශ්‍රී ලංකා මහ බැංකුව,  ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සතිපතා ආර්ථික දර්ශකයන් - 2016 අප්‍රේල් 29, ප්‍රවේශය මෙතැනින්:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/wei_20160429.pdf.

ශ්‍රී ලංකා මහ බැංකුව, විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය - වාර්ෂික වාර්තාව 2018, ප්‍රවේශය මෙතැනින්:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/15_S_Appendix.pdf.

ශ්‍රී ලංකා මහ බැංකුව, ෆිස්කල් ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය – වාර්ෂික වාර්තාව 2019, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2019/en/10_Chapter_06.pdf.


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION