• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

[සතොස] කියන්නේ 2015 ට කලින් පාඩු ලබා නැති ආයතනයක් . පහුගිය අවුරුදු පහේදී (2015-2019) සතොස රුපියල් බිලියන 20 ක පාඩු ලැබුවා.

ඩේලි නිව්ස්: 10 Mar 2021

Partly True

Statement

[සතොස] කියන්නේ 2015 ට කලින් පාඩු ලබා නැති ආයතනයක් . පහුගිය අවුරුදු පහේදී (2015-2019) සතොස රුපියල් බිලියන 20 ක පාඩු ලැබුවා.

Fact check

අමාත්‍ය ගුණවර්ධන:  සතොස අලාභය ගැන කරන තක්සේරුව තිතටම නිවැරදි නොවේ.  

 මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව තක්සේරු කිරීම උදෙසා, FactCheck මගින් මුදල් අමාත්‍යාංශයේ (MoF) වාර්ෂික වාර්තාවන් සහ ලංකා සතොස (LS) වාර්ෂික වාර්තාවන් පරිශීලනය කොට ඇත. ලංකා සතොස සහ මුදල් අමාත්‍යාංශයේ වාර්තා තුළ 2016 වසරට පෙරාතුව සඳහන් වන සංඛ්‍යාවන් පරස්පර බව මෙහිදී සඳහන් කළ යුතු වේ. එසේම ලංකා සතොස වාර්තා තුළ 2017 ටපසු දත්ත ඇතුළත් වී නොමැති අතරම, ලංකා සතොස 2014 සහ 2015 වාර්ෂික වාර්තා තුළ 2014 වසර සඳහා ඉදිරිපත් වී ඇත්තේ එකිනෙකට වෙනස් අගයයන් වේ. FactCheck මගින් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ වැරදි නිවැරදි බව තක්සේරු කිරීම සඳහා මෙම මූලාශ්‍ර දෙකම පදනම් කොටගෙන ඇත. 

ලංකා සතොස දත්ත අනුව, 2015 ට පෙරාතුව 2014 වසරේදී ලංකා සතොස අඩු තරමින් රුපියල් බිලියන 1,723ක පාඩුවක් ලබා ඇත. 2014 දී සිදුවූ මෙම අලාභයේ ප්‍රමාණය හමුවේ, 2010 – 2014 පස් අවුරුදු කාලසීමාවම ගත්විට, සතොස ශුද්ධ අලාභයක් මිස, ලාභයක් ලබා නැත. මෙසේ ගත් විට, ලංකා සතොස දත්ත අනුව අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන පළමු කරුණ නිවැරදි නොවේ. එසේම 2018 හා 2019 වසර සඳහා ලංකා සතොසට අදාළව ලබාගත හැකි දත්ත නොමැති බැවින්, ලංකා සතොස දත්ත උපයෝගී කරගනිමින් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන දෙවන කරුණ සම්පූර්ණයෙන් තක්සේරු කිරීම කළ නොහැක. ලංකා සතොස වාර්තාවන්ට අනුව, 2015-2017 කාලය තුළ ලංකා සතොසට රුපියල් බිලියන 9.8 ක පාඩුවක් අත්විඳින්නට වූ බව වාර්තා වී ඇත. 

කෙසේ නමුත්, අමාත්‍යවරයා පැවසූ ආකාරයටම, මුදල් අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2015 ට පෙරාතුව වූ පස් අවුරුදු කාලසීමාව තුළ ලංකා සතොස පාඩු ලබා නැත. එසේ වුවත්, 2015-2019 කාලසීමාව තුළ සතොස ලැබූ ශුද්ධ අලාභය, මුදල් අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව රුපියල් බිලියන 11.9 කි. මෙය අමාත්‍යවරයා විසින් දක්වා ඇති අගයට වඩා ඉතාමත් පහළ අගයකි. 

මුදල් අමාත්‍යාංශයේ දත්ත ලංකා සතොස දත්ත හා පරස්පරතාවයක් පෙන්නුම් කළත්, අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන පළමු කරුණ, මුදල් අමාත්‍යාංශයේ දත්ත ඔස්සේ සනාථ කරගත හැක. ඔහුගේ ප්‍රකාශයේ එන දෙවන කරුණ සඳහා අදාළ දත්ත ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ වාර්තා තුළ පමණක් වන අතර, එම දත්ත එම දෙවන කරුණ හා නොපෑහේ. අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන පළමු කරුණ සනාථ කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ දත්ත රුකුල් දෙන නමුත්, එම දත්ත ඔස්සේම බැලූ විට ඔහුගේ ප්‍රකාශයේ එන දෙවන කරුණ නිරවද්‍ය නොවන බව අමාත්‍යවරයාගේ ප්‍රකාශය සඳහා වඩාත්ම වාසිසහගත තක්සේරුව යොදා ගත් කළ පෙනී යයි. 

ඒ අනුව, අමාත්‍ය ගුණවර්ධනගේ ප්‍රකාශය එතරම් නිවැරදි නොවේ යැයි අපි වර්ගීකරණය කරමු. 

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම  FactCheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම  FactCheck විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්. 


නිදර්ශකය 1: ලංකා සතොස ලාභ/පාඩු (ශ්‍රී.ල.රුපියල් මිලියන)


Sources

මුදල් අමාත්‍යංශය, වාර්ෂික වාර්තා 2010 - 2019, ප්‍රවේශය:  http://oldportal.treasury.gov.lk/web/guest/publications/annual-report [අවසන් වරට ප්‍රවේශය: 2021 අ‌ප්‍රේල් 8]

ලංකා සතොස, වාර්ෂික වාර්තා (2010 - 2017), ප්‍රවේශය: http://lankasathosa.org/?page_id=8944 [අවසන් වරට ප්‍රවේශය: 2021 අ‌ප්‍රේල් 8]


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION