• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

බන්දුල ගුණවර්ධන

එක්සත් ජනතා නිදහස් සන්ධානය

මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව: 4 Jun 2020

True

Statement

මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් වේ.

Fact check

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන: පුද්ගලික තැන්පතු වල ආරක්ෂාව පිළිබඳව නිවැරදියි 

 

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍ය භාවය තක්සේරු කිරීම සඳහා, FactCheck මගින් මූල්‍ය නීති පනත, මූල්‍ය සමාගම් පනත සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි පරිශීලනය කොට ඇත. ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණය සඳහා වන ව්‍යවස්ථාපිත රාමුව, මුදල් නීති පනතේ 32A සිට 32E දක්වා වගන්ති මගින් සහ මූල්‍ය සමාගම් පනතේ 27 සිට 30 දක්වා වගන්ති මගින් ස්ථාපිත කොට ඇත. මේ ඔස්සේ තැන්පතු රක්ෂණය සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදී ඇත. මේ අතර තැන්පතු රක්ෂණය සඳහා වන මෙහෙයුම් රාමුව නිර්මාණය වන්නේ, 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි සංශෝධනය තුළිනි.

 

මෙම රෙගුලාසීන්හි 4.1 වගන්තිය මගින් නිරූපණය කර තිබෙන්නේ“සියලුම වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් යෝජනා ක්‍රමයේ සාමාජිකයින් විය යුතුය”* යනුවෙනි. 

 

මෙම රෙගුලාසීන්හි 9.6 වගන්තිය මගින් නිරූපණය කර තිබෙන්නේ “තැන්පත්කරුවන් හට ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය, රුපියල් 600,000 කට හෝ ඊට සමාන උපරිමයකට යටත්ව, ඉහත ආකාරයෙන් ගණනය කළ සමස්ත රක්ෂණය කරනු ලැබූ තැන්පතු වලට සීමා විය යුතුය...”* යනුවෙනි.

 

මෙහි අරුත වන්නේ, රුපියල් බිලියන 65.1 ක ප්‍රමාණයක වත්කම් ඇති සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කළමනාකරණය කෙරෙන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදල මගින් වර්තමාන රෙගුලාසි යටතේ බැංකු සහ මූල්‍ය සමාගම් වෙත සිදුකරනා තැන්පතු සම්බන්ධයෙන් ඇප වන්නේ රුපියල් 600,000 ක උපරිමයක් දක්වා පමණක් බවයි. FactCheck මගින් උපකල්පනය කොට ඇත්තේ “ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරන්නේය” යනුවෙන් ගුණවර්ධන විසින් කළ ප්‍රකාශයෙන්, තැන්පතු රක්ෂණය හා සම්බන්ධ නීති හා රෙගුලාසි ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදී ඇති වගකීම හැඟවෙන බවයි.

 

එනිසා, අපි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශය සත්‍ය යැයි වර්ගීකරණය කරමු.

 

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

 

සැළකිය යුතුයි:

 

2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි වල 9.9 වගන්තිය ඔස්සේ මෙසේ ප්‍රකාශ වේ.

 

“වන්දි මුදල් ගෙවීම මුදල් මණ්ඩලයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් නොවිය යුතු අතර, එය අවසර ලැබී ඇති ණය ගැනීම් සහ ලැබී ඇති දායකත්ව මුදල් ඇතුළත්ව තැන්පති රක්ෂණ අරමුදලේ ලබාගැනීමට ඇති හෝ රැස් කරන ලද අරමුදල් සඳහා සීමා විය යුතුය. අරමුදලේ ණය ලෙසින් පවතින සමස්ත ප්‍රමාණය ඉක්මවා යන ඕනෑම බැරකමකට මුදල් මණ්ඩලය හෝ ශ්‍රී ලංකා මහබැංකුව වගකීම නොදැරිය යුතුය”*. 

 

මෙනිසා, තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කළමනාකරණය කෙරුණද, ඒ යටතේ සිදුකෙරෙනා ගෙවීම්, තැන්පතු රක්ෂණ අරමුදල හරහා ලබාගැනීමට හැකියාව ලබා දී ඇති අරමුදල් සඳහා සීමාවේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරනු ලැබූ 2020 අප්‍රේල් මාසික ආර්ථික දර්ශකයට අනුව, වාණිජ බැංකු වල පමණක් ඇති “සමස්ත තැන්පතු” ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 7.7 ක් වේ. මේ අතර, 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව මගින් පෙන්නුම් කරන්නේ, තැන්පතු රක්ෂණ අරමුදලෙහි වත්කම් ලෙසින් රුපියල් බිලියන 65.1 ක් තිබෙනා බවයි.

 

* මුල් ඉංග්‍රීසි ලේඛනයෙන් සිංහලට පරිවර්තනය කොට තිබේ.

Sources

මූලාශ්‍ර:

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මුදල් නීති පනත, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/acts/en/monetary_law_act.pdf

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මූල්‍ය සමාගම් පනත, ප්‍රවේශය මෙතැනින්: https://www.imolin.org/doc/amlid/Sri_Lanka_finance_companies_act_no_78of1988.pdf

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි, 2010 සැප්තැම්බර් 28, ප්‍රවේශය මෙතැනින්: https://dfsobservatory.com/sites/default/files/Central%20Bank%20of%20Sri%20Lanka%20-%20Sri%20Lanka%20Insurance%20Scheme%20Regulations%2C%20No.%201%20of%202010.pdf

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි; 2010 අංක 1දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි සංශෝධනය, 2018 ජනවාරි 09, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/RED_gazette_regulation_no_01_of_2018_amendments_to_sri_lanka_deposit_insurance_scheme_e_0.pdf

 

ශ්‍රී ලංකා මහ බැංකුව, මාසික ආර්ථික දර්ශක- 2020 අප්‍රේල්, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mei/MEI_202004_e.pdf

 

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2019, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2019


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION