Claim

බන්දුල ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධානය
"මේ ආණ්ඩුව වසරකට විදේශිකයන්ගෙන් අසීමිතව ණය ගන්න පනතක් පාර්ලීමේන්තුවේ සම්මත කරගත්තා. මේ පනත කාටවත් නොතේරෙන විධියට සක්‍රිය බැරකම් කළමනාකරණ පනත ලෙස නම් කරලා සම්මත කර ගත්තා. මේ අනුව අයවැය ලේඛනයට පිටින් ඹ්නෑතරම් ණය ගන්න පුළුවන්"
මව්බිම: 4 Aug 2019
Statement
"මේ ආණ්ඩුව වසරකට විදේශිකයන්ගෙන් අසීමිතව ණය ගන්න පනතක් පාර්ලීමේන්තුවේ සම්මත කරගත්තා. මේ පනත කාටවත් නොතේරෙන විධියට සක්‍රිය බැරකම් කළමනාකරණ පනත ලෙස නම් කරලා සම්මත කර ගත්තා. මේ අනුව අයවැය ලේඛනයට පිටින් ඹ්නෑතරම් ණය ගන්න පුළුවන්"
Fact check
ණය ගැනීමේ සීමාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණවර්ධන සාවද්‍ය අනතුරු හැඟවීමක් සිදුකරයි
ඉහත සඳහන් කර ඇති ප්‍රකාශය තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින්, සක්‍රිය බැරකම් කළමනාකරණ පනත සම්මත කර ගැනීම ඔස්සේ රජයට පහත සඳහන් දෑ කළ හැකි යැයි සඳහන් කරයි:
- කිසිදු වාර්ෂික සීමාවකින් තොරව විදේශ ණය ලබාගැනීමට හැක
- අය වැයට පිටින් [එහි විධිවිධානයන්ට පිටින්] ඕනෑම ප්‍රමාණයකින් ණය ලබාගත හැක.
සක්‍රිය බැරකම් කළමනාකරණ පනතට අනුව රජයට විසර්ජන පනත (අය-වැය) මගින් පැහැදිලිවම දක්වා ඇති ප්‍රමාණයටද එහා ගොස්, අමතර ණය ගැනීම් ඔස්සේ රාජ්‍ය ණය ප්‍රතිමූල්‍යනය කිරීම සහ පූර්ව මූල්‍යනය කිරීම සිදුකළ හැක. කෙසේ වෙතත් මෙම පනත මගින් එම ණය ගැනීම් සඳහා වාර්ෂික සීමාවක් නියම කරයි. එනම් එම මුදල් වර්ෂයට ඉහතින් වූ මුදල් වර්ෂයේ අවසානය වන විට ගෙවීමට ඉතිරිව ඇති සමස්ත ණයෙන් 10% ක් නොඉක්මවන්නා වූ මුදලක් ලෙසයි (3 කොටස). මෙහි අරුත වන්නේ මෙම විධිවිධාන යටතේ ලබාගන්නා සියලුම අතිරේක ණය විදේශ ණය වුවත් (බාහිර මූලාශ්‍රයන්ගෙන්), එය උක්ත කී සීමාවට යටත් වන බවයි. එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් සඳහන් කෙරුණු ප්‍රකාශයන් දෙකම සාවද්‍ය යැයි පෙන්වා දෙමු.
* FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
2018, අංක 08 දරණ සක්‍රිය බැරකම් කළමනාකරණ පනත, මෙතැනින් පිවිසෙන්න: https://srilankalaw.lk/gazette/2018_pdf/08-2018_E.pdf [අවසන් වරට ප්‍රවේශය: 2019 සැප්තැම්බර් 20]