Claim

අශෝක් අබේසිංහ
එක්සත් ජාතික පක්ෂය
2010 දී නිදහස් සෞඛ්‍යයට වෙන් කර තිබුණේ කෝටි 5,310 ක්, 2015 දී අපි වෙන් කළා කෝටි 13,950 යි. 2016 වසරේ කෝටි 17,400 යි. 2019 වසරේ කෝටි 19,450 ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 10% ක් සෞඛ්‍ය සේවයට යොදවා තිබෙනවා.
දිනමිණ: 22 Aug 2019
Statement
2010 දී නිදහස් සෞඛ්‍යයට වෙන් කර තිබුණේ කෝටි 5,310 ක්, 2015 දී අපි වෙන් කළා කෝටි 13,950 යි. 2016 වසරේ කෝටි 17,400 යි. 2019 වසරේ කෝටි 19,450 ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 10% ක් සෞඛ්‍ය සේවයට යොදවා තිබෙනවා.
Fact check
සෞඛ්‍ය අය වැයෙහි සෞඛ්‍යයට ගුණ වැඩිවීමක් ඇතැයි අමාත්‍ය අබේසිංහ ප්‍රකාශ කරයි
ඉහත ප්‍රකාශයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසා සිටින්නේ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා තම රජයේ අය වැයෙන් කළ වෙන් කිරීමෙහි විශාල වැඩිවීමක් තිබෙනා බවත්, එය රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වන බවත් වේ.
අමාත්‍යවරයා සඳහන් කරනා වසර වල අය වැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය (MoH) සඳහා වෙන් කොට ඇති මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ඔහුගේ සංඛ්‍යාවන් නිවැරදි වේ (වගුව 1 බලන්න). අමාත්‍යවරයා එතරම් පැහැදිලිතාවයකින් තොරව ‘සෞඛ්‍ය වියදම්’ ලෙසින් ලෙසින් දක්වන රාජ්‍ය ආදායමෙන් 10% ක් වූ ප්‍රමාණය, සෞඛ්‍ය අමාත්‍යාංශය තනිව වියදම් කළ මුදලට (2018 දී 8.6% ක්) වඩා වැඩි වේ. එනමුත් එය සමස්ත ජාතික සෞඛ්‍ය වියදම් ලෙසින් (පළාත් සභාවන්ද ඇතුළත්ව) මහ බැංකුව විසින් ගණනය කොට ඇති 2018 වසර සඳහා වූ රාජ්‍ය ආදායමෙන් 11.3% ක් වූ ප්‍රමාණයට වඩා අඩුවේ.
මෙයට අමතරව FactCheck මගින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය කරුණු කිහිපයකට එදිරිව වඩාත් තදබල ලෙසින් විමසා බලා ඇත. මෙම කරුණු වන්නේ (අ) අමාත්‍යවරයා සඳහන් කළ ලෙසට අය වැයෙන් වූ ප්‍රතිපාදන වෙන් කිරීම නොව සැබෑ වැය, (ආ) සෞඛ්‍ය සඳහා වූ ජාතික වැය වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශය (MoH) සඳහා වූ වැය; සහ (ඇ) අමාත්‍යවරයා සඳහන් කළ නාමමාත්‍රික වැඩිවීම වෙනුවට වැයෙහි සැබෑ වැඩිවීම (උද්ධමනය ගැලපූ වැඩිවීම) වේ.
(අ) වෙන් කළ වැයට එදිරිව සැබෑ වැය: අමාත්‍යවරයා සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහා අය වැයෙන් වූ වෙන් කිරීමට වඩා, 2015, 2016 හා 2018 වසරවල සැබෑ වැය පිළිවෙලින් 7.4%, 21.5% සහ 6.4% යන ප්‍රතිශතයන්ගෙන් අඩු වී ඇත. නමුත් 2010 වසරේ සැබෑ වැය, අය වැයෙන් වූ වෙන් කිරීමට වඩා සුළු වශයෙන් වැඩිවී ඇත.
(ආ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයට එදිරිව ජාතික සෞඛ්‍ය වැය: අමාත්‍යවරයා විසින් උපුටා දැක්වූ සංඛ්‍යාවන් සඳහා ඇතුළත් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කරන ලද/වැය කරන ලද ගණන් පමණක් වේ. කෙසේ වුවත් සෞඛ්‍ය සේවාවන් ලබාදෙන එකම රජයේ ආයතනය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නොවේ. මේ පිළිබඳ වඩාත් සම්පූර්ණ සංඛ්‍යාලේඛනයක් වන්නේ මහ බැංකුව මගින් ප්‍රකාශිත සෞඛ්‍ය වැය පිළිබඳ කෘත්‍යාත්මක වර්ගීකරණය වේ. මෙම සංඛ්‍යාලේඛනය මගින් සියලුම රාජ්‍ය ආයතනයන් මගින් සෞඛ්‍ය සේවාවන් සඳහා දරණ වැය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අය වැය යටතට නොගැනෙන පළාත් අය වැයෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා දරණ වැයද ආවරණය කෙරේ. අමාත්‍යවරයා විසින් සඳහන් කළ වසර කිහිපය සඳහා (දත්ත ලබාගැනීමට නොමැති හෙයින් 2019 වසර ඇතුළත් කොට නැත) සෞඛ්‍ය සේවා වෙනුවෙන් වන ජාතික වැය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයට වඩා 30-36% අතර ප්‍රමාණයකින් වැඩිවේ.
(ඇ) නාමමාත්‍රික වැඩිවීමට එදිරිව සැබෑ වැඩිවීම: 2018 වසරෙහි තථ්‍ය වියදමෙහි සැබෑ වැඩිවීම (උද්ධමනය ගැලපූ වැඩිවීම), 2010 වසරේ වැඩිවීම මෙන් දෙගුණයක් වේ.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ ආකාරයෙන් ඇගයුම් කිරීමෙන් පසුව වුවද පෙනී ගිය කාරණය වූයේ, සෞඛ්‍ය සේවා සඳහා වන සැබෑ වැය (අය වැයෙන් වන වෙන් කිරීම පමණක් නොවේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය පමණක්ද නොවේ) 2010 සිට 2018 දක්වා වන විට මූර්ත අගයෙන් දෙගුණව ඇති බවයි. මෙය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් මතුකෙරෙනා සමස්ත අර්ථයට රුකුල් දෙයි.
එනිසා අපි, අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය වේ යැයි ප්‍රකාශ කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
වගුව 1: සෞඛ්‍ය සම්බන්ධ රජයේ වැය (2010, 2015-2019)
Sources
මුදල් අමාත්‍යාංශය, අය වැය ඇස්තමේන්තු (2010), වෙළුම II, පි. xxxii, 30.
මුදල් අමාත්‍යාංශය, අය වැය ඇස්තමේන්තු (2015), අමාත්‍යාංශ/සංස්ථා මගින් වන රාජ්‍ය වැය වගුව, ප්‍රවේශය මෙතැනින්:
http://www.treasury.gov.lk/documents/10181/179154/Expenditure.pdf/16db8a1b-5967-477a-9919-882d306e378f [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22];
http://www.treasury.gov.lk/documents/10181/179154/Revenue.pdf/1b132c27-7949-4a19-995f-9a563bc0d3e2[අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22]
මුදල් අමාත්‍යාංශය, අය වැය ඇස්තමේන්තු (2016), p. xxxiii, xxxv, ප්‍රවේශය මෙතැනින්: http://www.treasury.gov.lk/documents/10181/219870/NBD+-+Budget+Estimate+2016+-+Eng.pdf/a1c65fd1-62a9-4aec-9b85-be4abcb01214 [last accessed: 22 October 2019]
මුදල් අමාත්‍යාංශය, අය වැය ඇස්තමේන්තු (2019), පි. xxxvi, xxxvii, ප්‍රවේශය මෙතැනින්: http://www.treasury.gov.lk/documents/10181/693643/Approved+Vol+1+English+Web+May.pdf/5882f82a-b0ae-46a2-aa66-f28997b2e713 [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22]
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2018), විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, වගුව 6, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/15_S_Appendix.pdf [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22]
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2018), සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, වගුව 36, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/14_Appendix.pdf [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22]
අදාළ පුවත්පත් ලිපිය සඳහා ප්‍රවේශය මෙතැනින්: http://www.dinamina.lk/2019/08/22/පුවත්/79194/ගුණාත්මක-ඖෂධ-අඩු-මිලට-දෙන්න-ඖෂධ-නියාමනයක්-කළේ-වත්මන්-ආණ්ඩුවයි [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22]