Claim

අශෝක් අබේසිංහ
එක්සත් ජාතික පක්ෂය
මේ වන විට දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව 400,000 ක් පමණ වේ.....මගී ප‍්‍රවාහනය (බස්රථ) සැළකීමේ දී ඉන් සියයට 75ක් පෞද්ගලික අංශය මගින් සිදුවන අතර සියයට 25ක් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුවේ...
දිවයින: 24 Jun 2019
Statement
මේ වන විට දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව 400,000 ක් පමණ වේ.....මගී ප‍්‍රවාහනය (බස්රථ) සැළකීමේ දී ඉන් සියයට 75ක් පෞද්ගලික අංශය මගින් සිදුවන අතර සියයට 25ක් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුවේ...
Fact check
රාජ්‍ය අමාත්‍ය අබේසිංහ මගී ප‍්‍රවාහනය පිළිබඳ නිවැරදි මාවතේ
දිවයින පුවත්පත 2019 ජුනි 24 වන දින වාර්තා කල අන්දමට, රාජ්‍ය ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මෙසේ ප‍්‍රකාශ කොට ඇත,
1. දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව 400,000 ක් පමණ වේ
2. බස්රථ මගී ප‍්‍රවාහනයෙන් 75ක් පෞද්ගලික අංශය මගින් ද, 25 ක් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (එස්එල්ටීබී* මගින් ද, පාලනය කෙරේ
2018 සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා කාර්ය සාධන වාර්තාව (ටීසීඒපීආර්* සහ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ (එම්ටීසීඒ) වෙබ් අඩවිය මෙම ෆැක්ට්චෙක් තොරතුරු පිරික්සුම සදහා භාවිතා කරන ලද මූලාශ‍්‍රයන් විය.
මගී ගමන් සාමාන්‍යයෙන් දිනපතා හෝ වාර්ෂිකව වාර්තා කෙරේ. පළමු ප‍්‍රකාශය අනුව, දුම්රිය සිය ප‍්‍රවාහන මාධ්‍ය සදහා භාවිතා කරනා වාර්ෂික මගීන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපයේ දී මිලියන 100,000 ඉක්මවා ගොස් තිබේ. (ටීසීඒපීආර්) එසේ හෙයින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ දෛනික මගීන් සංඛයාව බවට අනුමාන කල හැකිය. 2018 දී දුම්රියෙන් ගමන් කළ මගීන් සංඛ්‍යාව මිලියන 137,51 විය (ටීසීඒපීආර්). ඒ අනුව සැළකූ විට, 2018 දී මගීන්ගේ දෛනික සාමාන්‍යය 376,740ක් වේ. එළෙසම, දිනකට මගීන් 367,000 ක් දුම්රිය මගින් ගමන් කරන බවට (එම්ටීසීඒ) සංඛ්‍යාලේඛන වාර්තා කර ඇත. ඇමතිවරයා මේ අගය 400,000 ට වටයා ඇති බවට නිගමනය කල හැකිය.
දෙවන ප‍්‍රකාශය හා වගු අංක1 එක්ව සැළකීමේ දී, (එම්ටීසීඒ* පෙන්නුම් කරන්නේ 2016 සිට 2018 දක්වා මගී ප‍්‍රවාහනයෙන් සියයට 23.03ක් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ද, සියයට 76.97ක් පෞද්ගලික බස් රථමගින් ද සිදු කර තිබේ. එම සංඛ්‍යාලේඛන සියයට 25 සහ සියයට 75 වශයෙන් වටයා ඇති බවට නිගමනය කල හැකිය.
එම නිසා, ඇමතිවරයාගේ ප‍්‍රකාශය අපි සත්‍ය යැයි විග‍්‍රහ කරමු.
වගු අංක 1 - බස් මගී ප‍්‍රවාහනය 2016 - 2018 (මගී කිලෝමීටර මිලියන)
ෆැක්ට්චෙක් හි විග‍්‍රහය කාලීනව ලබාගත් ජනතාවට පරිශීලනය කිරීමට හැකි තොරතුරු මත පදනම් වේ.ෆැක්ට්චෙක් හට මේ සම්බන්ධයෙන් නව තොරතුරු ලැබුනොත්, මෙම කරුණ සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ කටයුතුවල නියුක්ත වනු ඇත.
භාවිතා කරන ලද මිනුම් පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක්
එක් මගියෙක් එක් කිලෝමීටරයක දුරක් ප‍්‍රවාහනය කිරීම මගී කිලෝමීටරයක් යන මැනුම් ඒකකයෙන් දැක්වේ.ප‍්‍රවාහනය කරන ලද ‘සම්පූර්ණ මගීන්‘ ප‍්‍රමාණය ගණනය කිරීම සදහා එසේ ප‍්‍රවාහනය කළ මගීන් ගණන යොදාගැනීම සුදුසු නොවන්නේ එම අගයෙන් දිගු දුරක් කළ මගීන් ප‍්‍රමාණය සහ කෙටි දුරක් ගමන් කළ මගීන් ප‍්‍රමාණය යන දෙපිරිසම නියෝජනය වන බැවින්ය.අමතරව, ‘ගමන් කළ දුර ප‍්‍රමාණය‘ මැනුම් ඒකකයක් ලෙස ගැනීම ද සුදුසු නොවන්නේ ඒ යටතේ ප‍්‍රවාහනය කැරුණු මගීන් ප‍්‍රමාණය ගණන් නොගැනෙන බැවින්ය.නමුත් මගී කිලෝමීටරයක් යන ඒකකයෙන් මෙම කරුණු දෙකම ආවරණය කෙරෙන බැවින් එය ප‍්‍රවාහනය කරන ලද සම්පූර්ණ මගීන් ප‍්‍රමාණය ගණනය කිරීම සදහා වඩා සුදුසු මැනුම් ඒකකයක් වේ.
Sources
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, මෙහෙයුම් සේවා ගැන දැනගැනීමට පිවිසෙන්න:
http://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=24&Itemid=144&lang=en#operational [last accessed: 06 August 2019]
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, කාර්ය සාධන වාර්තාවේ (2018) පිටු අංක 54 වෙත පිවිසෙන්න:
https://www.parliament.lk/uploads/documents/paperspresented/performance-report-ministry-of-transport-civil-aviation-2018.pdf [last accessed: 06 August 2019]
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පුද්ගලික බස් මෙහෙයුම් (අන්තර් හා අන්තර් පළාත්) වෙත පිවිසෙන්න:
http://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=27&Itemid=147&lang=en#private-bus-operational-data-inter-intra-provincial [last accessed: 06 August 2019]
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය, මුලික තොරතුරු දැනගැනීමට පිවිසෙන්න:
http://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=25&Itemid=145&lang=en#basic-information [last accessed: 06 August 2019]