Claim

අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණ
ආසන්න වශයෙන් මසකට ඩොලර් මිලියන 400 ක ණය ගෙවන්න තිබෙනවා. ලංකාවේ මුළු ණය වලින් සියයට 48ක් දක්වා විදේශ ණය වැඩි වී තිබෙනවා.
ලංකාදීප: 12 Oct 2020
Statement
ආසන්න වශයෙන් මසකට ඩොලර් මිලියන 400 ක ණය ගෙවන්න තිබෙනවා. ලංකාවේ මුළු ණය වලින් සියයට 48ක් දක්වා විදේශ ණය වැඩි වී තිබෙනවා.
Fact check
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින්, ගෙවීමට ඇති නියම විදේශීය ණය ප්‍රමාණය තිරය ඉදිරියට ගෙන එයි
මෙම ප්‍රකාශය නිවැරදි ද, යන්න විමසා බැලීම සදහා ෆැක්ට්චෙක්, දැනට සම්පූර්ණ වසරක දත්ත අන්තර්ගතව තිබෙන 2019 මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව පරිශීලනය කොට ඇත..
2019 වසර සඳහා වන ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු ශ්‍රී ලංකාවේ විදේශ ණය මුදල (ණය මුදල් වාරිකයේ සහ පොලියේ එකතුව) ඇමරිකානු ඩොලර් මිලියන 4,444.7 ක් විණි. එනම් එය මසකට ඇමරිකානු ඩොලර් මිලියන 371 ක් වේ. මෙම සංඛ්‍යාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශිත ඇමරිකානු ඩොලර් 400 ක සංඛ්‍යාවට ආසන්න වේ.
තවදුරටත් දක්වන්නේ නම්, ඉහත දැක්වූ ගෙවිය යුතු ණය ප්‍රමාණයන් මධ්‍යම රජය විසින් ගෙවිය යුතු විදෙස් ණය මුදල් බව සැලකිල්ලට ගත යුතු වේ. රජය සතු ව්‍යවසායන් (SOEs) මගින් ගෙවිය යුතු විදෙස් ණය ගෙවීම් සම්බන්ධ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොහැක. කෙසේ වෙතත්, රජය සතු ව්‍යවසායන් විසින් විදේශ ණය නැවත ගෙවීම් සඳහා වෙන් කළ යුතු වියදම සහ, මධ්‍යම රජයේ හිඟ විදේශ ණයට සාපේක්ෂව ගත් විට රජය සතු ව්‍යවසායන්ගේ හිඟ විදේශ ණය එකම ප්‍රමාණයක වේ යැයි ගත් විට විශාලත්ව ගණනයක් සිදුකිරීමේ හැකියාවක් තිබේ. මෙම ගණනය කිරීම ඔස්සේ රාජ්‍ය අංශයේ විදේශ ණය නැවත ගෙවීම් ප්‍රමාණය සමස්තයක් ලෙස මසකට ඇමරිකානු ඩොලර් මිලියන 390.7 ක් දක්වා ඉහළ නගී. මෙම සංඛ්‍යාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දැක්වූ දළ සංඛ්‍යාව වන මිලියන 400 ට තවත් ආසන්න වේ.
ඉහත දක්වන ලද විදෙස් ණය බර, මධ්‍යම රජය මත පැටවී තිබෙන විදෙස් ණය බර බව සදහන් කළ යුතුය.රජය සතු ව්‍යවසායන් මත පැටවී තිබෙන විදෙස් ණය බර සම්බන්ධයෙන් වන තොරතුරු ලබාගැනීම දුෂ්කරය.එසේවුවත්, එම ව්‍යවසායන් මත පැටවී තිබෙන විදෙස් ණය මෙතරම් යැයි ඇස්තමේන්තුවක් කිරීමට හැකියාවක් තිබේ.එනම්, මධ්‍යම රජය ගෙවිය යුතුව තිබෙන විදෙස් ණය ප‍්‍රමාණය හා සාපේක්ෂව ගත්විට, රජය සතු ව්‍යවසායන් හට අයත්වේයැයි ගත හැකි විදෙස් ණය ප‍්‍රමාණයක් එසේ ගෙවිය යුතුව ඇතැයි නිගමනය කරය.මෙම ගණනය කිරීම අනුව රාජ්‍ය අංශය ගෙවිය යුතුව තිබෙන විදෙස් ණය ප‍්‍රමාණය මසකට ඩොලර් මිලියන 390.7ක් දක්වා ඉහළ යන අතර, එය මන්තී‍්‍රවරයා දක්වා තිබෙන ඩොලර් මිලියන 400ක දළ අගයට සමාන වේ.එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
නිදර්ශකය 1: 2019 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ණය නැවත ගෙවීම්
Sources
මූලාශ්‍ර:
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2019, වගු අංක 5.9, පි. 123, ප්‍රවේශය: http://122.255.3.82/documents/10181/12870/Annual+Report+2019-20200625-rev2-eng/5952fd01-ba62-4186-a270-fe87fd87fd5c
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2019, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, වගු අංක 91, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports