Claim

අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණ
"මහ බැංකු වාර්තාව අනුව 52% ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර. [....] දකුණට 9%. කොහොම වුණත් අනෙක් සියලුම පළාත්වලට 48%. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නෑ.
මව්බිම: 28 Aug 2018
Statement
"මහ බැංකු වාර්තාව අනුව 52% ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර. [....] දකුණට 9%. කොහොම වුණත් අනෙක් සියලුම පළාත්වලට 48%. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නෑ.
Fact check
පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දිසානායක මන්ත්‍රීවරයාගේ දත්ත හා ප්‍රකාශ සාවද්‍ය වේ.
මව්බිම පුවත්පත වාර්තා කර ඇති පරිදි සිය ප්‍රකාශය මගින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ද. දේ. නි.) පිලිබඳ ව පහත අදහස් දක්වයි:
1. බස්නාහිර පළාතේ ද.දේ.නි. ශ්‍රී ලංකාවේ මුළු ද. දේ. නි. යෙන් 52% කි. අන් සියළු පළාත් රටෙහි ද. දේ. නි. ට දක්වන දායකත්වය 48% කි;
2. බස්නාහිරින් පිට පළාත්වල ආර්ථිකය ප්‍රසාරණය වී නොමැත.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සපයා ඇති දත්ත භාවිතයෙන් අපි මෙම ප්‍රකාශයෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලුවෙමු.
දිසානායක මන්ත්‍රීවරයා පවසන පරිදි ඔහු ලබා දී ඇති දත්ත ද මහ බැංකු වාර්තාවෙන් ලබා ගෙන තිබුන ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 වසරට අදාලව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාව දෙස බැලූ විට පෙනී ගියේ මන්ත්‍රීවරයා පැවසූ පළාත් ද. දේ. නි. දත්ත වැරදි බවයි. නවතම දත්ත පවසා සිටියේ බස්නාහිර පළාත ද. දේ. නි.යට දක්වන දායකත්වය 52%ක් නොව, 39.7%ක් වන බවයි. සෙසු සියළු පළාත්වලට මෙම අගය 60.3% ක් වන අතර, මන්ත්‍රීවරයා පැවසූ පරිදි 48%ක් නොවේ.
අප විසින් මේ සම්බන්ධව මහ බැංකු වාර්තාවෙන් ලබා ගත් සියළු දත්ත පහත වගුවෙහි දක්වා ඇත.
එම දත්ත මගින් තවදුරටත් පෙනී ගියේ මන්ත්‍රීවරයාගේ දෙවන ප්‍රකාශය ද සාවද්‍ය බවයි. ආර්ථිකය ප්‍රසාරණය වී නැති බවට ඔහු ප්‍රකාශ කලත්, බස්නාහිර පළාත හැර අන් සියළු පළාත් ද. දේ. නි. ට 2012 වසරේදී දැක්වූ 57.2%ක දායකත්වය 2016 වසර වන විට 60.3%ක් දක්වා ඉහල ගොස් ඇත. මෙයින් පෙනී යන්නේ සැබවින්ම ආර්ථිකය ප්‍රසාරණය වී ඇති බවකි.
නිල දත්ත වලට අනුව මව්බිම පත්‍රයේ පළවූ අනුර කුමාර මන්ත්‍රීවරයාගේ දත්ත ද ප්‍රකාශ ද සාවද්‍ය බැවින් අප ඔහුගේ ප්‍රකාශය නිසැකවම සාවද්‍ය ලෙස නම් කර ඇත.
වගුව 1: පළාත් ද. දේ. නි. සමස්ත ද. දේ. නි. ට දක්වන දායකත්වය, ප්‍රතිශතයක් ලෙස (2012-2016)