• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

අලි සබ්රි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පතිවරයා වැරදි කරුවෙකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.”

ලංකාදීප: 16 Aug 2020

False

Statement

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පතිවරයා වැරදි කරුවෙකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.”

Fact check

අධිකරණ අමාත්‍ය අලි සබ්රි: ආරක්ෂණ විධිවිධානයන් 19 සංශෝධනයේ ඇති හිදැස් ලෙසින් වරදවා දක්වයි

 

ව්‍යවස්ථාව සඳහා වන 19 වෙනි සංශෝධනය පිළිබඳව තමන්ගේ විරුද්ධත්වය පැහැදිලි කිරීමේදී අමාත්‍ය අලි සබ්රි විසින් මෙම ප්‍රකාශය සිදුකරන්නට යෙදිණි. තම ප්‍රකාශය තුළින් ඔහු සඳහන් කරන්නේ, ජනාධිපති හට පොලිස්පතිවරයාව (IGP) ඉවත් කිරීමට ඇති බාධාව ඇති කොට තිබෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් බවයි.

 

පොලිස්පතිවරයාව ඉවත් කිරීම සඳහා ජනපතිවරයාට ඇති බලයට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ යම් කිසි සඵලකාරී වෙනසක් සිදුවී ඇතිද යන්න විමසුම් කිරීම සඳහා, FactCheck මගින් 2015 දී සම්මත වූ 19 වෙනි සංශෝධනයට පසුව සහ පෙර වන ව්‍යවස්ථා සහ නෛතික ආස්ථානයන් පිරික්සා බලා ඇත. 19 වෙන සංශෝධනයට ද, ඇතුළත් කරන ලද,, ව්‍යවස්ථාවේ 41 ඇ(3) ව්‍යවස්ථාව මගින් ප්‍රකාශ වන්නේ ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් අවකාශ ලබාදී ඇති නම් විනා පොලිස්පතිවරයාව ඉවත් කළ නොහැකි බවයි.පොලිස්පතිවරයාව ඉවත් කිරීම සඳහා වන අවශ්‍යතාවයන්, 19 වෙනි සංශෝධනයට පෙර හෝ පසුව ඇති ව්‍යවස්ථා ආස්ථානයන්හිදී වෙනස් වී නොමැත.

 

පොලිස්පතිවරයාව ඉවත් කිරීම සඳහා ඉටුවිය යුතු අදාළ අවශ්‍යතාවයන් සපයනු ලබන්නේ ව්‍යවස්ථාවෙන් නොව නීතියෙනි. එනම් 2002 වර්ෂයේ අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්යපටිපාටිය) පනතෙන් වන අතර, එය සම්මත කරගනු ලැබුණේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වසර 13 කට පෙරාතුවයි. මෙම පනත යටතේ, පහත සඳහන් යම් එක් හේතුවක හෝ ඊට වැඩි ගණනක පදනම මත පොලිස්පතිවරයාව තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලබාදේ.

 

(අ) චරිත දූෂණය, රාජද්‍රෝහය හෝ අල්ලස ඇතුළත් වරදකට වරදකරු කරනු ලැබීම, නිසි බලය ඇති අධිකරණයක් විසින් වස්තු භංගත්වයට පත්වූවකු බවට තීන්දු කරනු ලැබීම,

(ආ) රෝගාතුර වීම නිසා හෝ ශාරීරික හෝ මානසික අබලතාව නිසා ධූරයේ කටයුතු කරගෙන යාමට නුසුදුසු වීම,

(ඇ) ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටීම අවසන් වීම,

(ඈ) විෂමාචාරය හෝ දූෂණය සම්බන්ධයෙන් වරදකරු වීම, ඔහුගේ ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් වරදකරු වීම, බරපතල ලෙස රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරු වීම, ධූරයේ කටයුතුවලදී දැඩි පක්ෂග්‍රාහීත්වය සම්බන්ධයෙන් වරදකරු වීම

 

ප්‍රලේඛනගත සාක්ෂ්‍ය ඇති විට මෙහි පළමු අවස්ථා තුනෙහි අන්තර්ගත කරුණු පදනම් කරගනිමින් ජනපතිවරයාට පරීක්ෂණයකින් තොරව පොලිස්පතිවරයාව ඉවත් කිරීමට ඒ අනුව අවකාශ ලැබේ. කෙසේ වුවත්, පොලිස්පතිවරයා ඉවත් කෙරෙන්නේ මෙහි (ඈ) කරුණු මත පදනම්ව නම්, පොලිස්පතිවරයාට එරෙහිව නැගී ඇති චෝදනා විභාග කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කරන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලුම් කරමින්, අඩු තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75 දෙනෙකු විසින් යෝජනා සම්මතයක් ඉදිරිපත් කළ යුතුය. යම් හෙයකින් මෙම පරීක්ෂණ කමිටුව මගින් පොලිස්පතිවරයා වැරදිකරු යැයි තීරණය කෙරෙනුයේ නම්, පොලිස්පතිවරයාව ඉවත් කිරීම සඳහා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ඇත. මෙම යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය ලබාදෙන්නේ නම්, ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව එම ධූරයෙන් ඉවත් කළ යුතුය.

 

මෙම කරුණු කාරණා මගින් පෙන්නුම් කරන්නේ, ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතාවයන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දී නොමැති බවත්, 19 වෙනි සංශෝදනයට පෙරාතුව සිට පැවතුණු 2002 වසරේ පාර්ලිමේන්තු පනතක් මගින් හඳුන්වා දී ඇති බවත් වේ.

 

මේ අනුව අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රකාශය සාවද්‍ය යැයි අපි නිගමනය කරමු.

 

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

මූලාශ්‍ර:


2002 වර්ෂයේ අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්යපටිපාටිය) පනත, ප්‍රවේශය: https://www.srilankalaw.lk/YearWisePdf/2002/REMOVAL_OF_OFFICERS_(PROCEDURE)_ACT,_No._5_OF_2002.pdf  (අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 07).

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව, 1978 (සංශෝධන රහිත), ප්‍රවේශය: http://www.parliament.lk/files/pdf/constitution/1978ConstitutionWithoutAmendments.pdf (අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 07).

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව (17 වෙනි සංශෝධනය දක්වා), ප්‍රවේශය: https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-17th.pdf (අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 07). 

ව්‍යවස්ථාවට වන 18 වෙනි සංශෝධනය, ප්‍රවේශය: https://www.parliament.lk/files/pdf/constitution/18th_amendment_act.pdf(අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 07).

ව්‍යවස්ථාවට වන 19 වෙනි සංශෝධනය, ප්‍රවේශය: https://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act.pdf(අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 07).   


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION