• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අපට ඇ.ඩො. බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.

මව්බිම: 7 Jan 2021

True

Statement

අපට ඇ.ඩො. බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.

Fact check

රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: සංචිත සම්බන්ධයෙන් බැලූ බැල්මට නිවැරදියි

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තක්සේරුවකට පැමිණීම සඳහා, FactCheck විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 සහ 2019 වාර්ෂික වාර්තාවන් සහ මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක අධ්‍යයනය කර ඇත. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනු ලබන්නේ දළ නිළ සංචිත (GOR) පිළිබඳව යැයි අපි කල්පනා කරමු. (අනෙකුත් සංචිත වර්ග පිළිබඳ නිර්වචනයන් සඳහා අතිරේක සටහන් (iii) බලන්න).

රාජ්‍ය අමාත්‍යවරයාගේ පළමු ප්‍රකාශය වන “අපට බිලියන 8.2ක් සංචිත තිබුණා” යන්නෙන් එවකට ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 09 වෙනි දින සිය ධූරය හැර යන මොහොතේදී රටේ තිබූ විදේශ සංචිත මට්ටම එය බව හඟවයි. එකී දිනට පෙරාතුව විදේශ සංචිත සම්බන්ධයෙන් පොදුජනතාවට ලබාගැනීමට ඇති ආසන්නතම දත්ත ලෙස දැක්වෙන්නේ 2014 දෙසැම්බර් 31 වන දින පැවති විදේශ සංචිත මට්ටමයි. එම දත්ත අනුව දළ නිළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක් ලෙස දැක්වෙන අතර, එය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාව හා ගැලපේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දෙවන ප්‍රකාශයෙන් දැක්වෙන්නේ, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 දින ජනපති ධූරයට පත් කෙරුණු ජනාධිපතිවරණය ඔස්සේ රජය මාරු වූ අවස්ථාව වන විට රටේ තිබූ විදේශ සංචිත මට්ටම 7% කින් අඩු වී ඇති බවයි. එනම් එය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක් දක්වා පහළ වැටී ඇති බවයි. ජනාධිපතිවරණයට පෙර සහ පසු -එනම් 2019 ඔක්තෝබර් 31 සහ 2019 නොවැම්බර් 30 යන දිනයන්හි - රටේ දළ නිළ සංචිත ප්‍රමාණයන් පිළිවෙලින් ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ක් හා ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක් වී ඇත. අමාත්‍යවරයාගේ දෙවන ප්‍රකාශයෙන් දැක්වෙන සංඛ්‍යාව උක්ත සංඛ්‍යා දෙක අතරමැද පවතී.

මෙසේ බලන විට මේ සම්බන්ධයෙන් ලබාගැනීමට ඇති දත්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සැසඳේ. එනිසා, රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගේ ප්‍රකාශය නිවැරදි වේ යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

අතිරේක සටහන්:

(i) 2020 වන විට දළ නිල සංචිතයන්ගේ ක්ෂය වීම: 2020 නොවැම්බර් මස වන විට රටේ දළ නිළ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 5,555 ක් වී ඇත. එය 2019 නොවැම්බරයේ සිට බලන විට 26% ක ක්ෂය වීමකි.

(ii) දළ නිළ සංචිතයන්හි තත්වය: 2014 දී තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක සංචිතයට මාස 12 ක් තුළ කල් පිරෙන ඇමරිකානු ඩොලර් මිලියන 2,196 ක විනිමය හුවමාරු ඇතුළත් විණි. එහෙත්, 2019 ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට තිබූ මාස 12 ක් තුළ කල් පිරෙන විනිමය හුවමාරු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 419 කි. 2020 නොවැම්බර් වන විට මාස 12 ක් තුළ කල් පිරෙන විනිමය හුවමාරු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,415 ක් දක්වා ඉහළ නැග තිබිණි. මෙයින් දැක්වෙන්නේ 2014 සහ 2020 වසර වල විදේශ සංචිත හා සසඳා බලන විට 2019 වසරේ තිබූ විදේශ සංචිත වල ගුණාත්මකභාවය වඩාත් ඉහළ මට්ටමක වූ බවයි.

(iii) විදේශ සංචිත අර්ථ දැක්වීම්: මූලික වශයෙන් විදේශ සංචිත වර්ග තුනක් තිබේ.

  • දළ නිළ සංචිත (GOR) ලෙසින් හැඳින්වෙන්නේ රජයේ විදේශ වත්කම් සහ මහ බැංකුවේ විදේශ වත්කම් වල එකතුවයි.
  • සමස්ත විදෙස් වත්කම් (TFA) වලට තැන්පතු භාරගන්නා ආයතනයන්හි විදේශීය වත්කම් වල සිට දළ නිල සංචිත දක්වා ඇතුළත් වේ.
  • දළ නිල සංචිතයෙන් සංචිත ආශ්‍රිත වගකීම් [එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (special drawing rights) හැරුණු කොට සමස්ත මහ බැංකු ණය ප්‍රමාණය] අඩු කළ විට එය ශුද්ධ ජාත්‍යන්තර සංචිත (NIR) ලෙසින් හැඳින්වේ.

Sources

මූලාශ්‍ර:

ශ්‍රී ලංකා මහ බැංකුව, 2021 ජනවාරි 3 සතිපතා ආර්ථික දර්ශක, වගු අංක 4.3, පි.15, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200103_e_0.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2015 පෙබරවාරි 20 සතිපතා ආර්ථික දර්ශක, වගු අංක 4.4, පි.16, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/wei_20150220.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2019 නොවැම්බර් 29 සතිපතා ආර්ථික දර්ශක, වගු අංක 4.3, පි.15, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_29_11_2019_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2015), වගු අංක 5.11, පි. 165, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2015/en/9_Chapter_05.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2019), වගු අංක 5.12, පි. 198, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2019/en/9_Chapter_05.pdf


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION