• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍යවරයා

විදේශයක සන්නද්ධ අරගලයකට එකතු වීම මෙරට නීතිය අනුව අපරාධයක් නොවේ... එවැන්නකින් කෙනෙකු වළකාලන නීතියක් නැහැ...

බ්‍රිතාන්‍යයෙහි SkyNews සමග සිදුකරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී: 26 Apr 2019

False

Statement

විදේශයක සන්නද්ධ අරගලයකට එකතු වීම මෙරට නීතිය අනුව අපරාධයක් නොවේ... එවැන්නකින් කෙනෙකු වළකාලන නීතියක් නැහැ...

Fact check

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ: ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඇති නීති පිළිබඳව වැරදිය.

2019 අප්‍රේල් 26 වන දින බ්‍රිතාන්‍යයෙහි SkyNews සමග සිදුකරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පහත ප්‍රකාශය සිදු කරන ලදි:

විදේශයක සන්නද්ධ අරගලයකට එකතු වීම මෙරට නීතිය අනුව අපරාධයක් නොවේ... එවැන්නකින් කෙනෙකු වළකාලන නීතියක් නැහැ...

සම්පුර්ණ ප්‍රකාශය සඳහා මෙම සබැඳිය බලන්න: https://twitter.com/skynews/status/1121477348040282112

අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරමින් යෝජනා කළේ පවතින නීති යටතේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව කල් තියා කටයුතු කිරීමට නොහැකි වූ බැවින් නව නීති අවශ්‍ය බවයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ විදේශීය සන්නද්ධ අරගලවල නිරත වූ ඇතැම් පුද්ගලයින් පිළිබඳව තොරතුරු තිබුණ නමුත් ඒ පිළිබඳව කල් තියා කටයුතු සිදු කිරීමට නොහැකි වූ බවයි.

මෙහිදී අප විසින් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන නීති අනුව විදේශ සන්නද්ධ අරගලයක නිරත වූවන් අත්අඩංගුවට ගැනීමට රජයට හැකියාවක් ඇත්ද යන්න සොයා බැලීමයි.

එම සොයා බැලීමේදී දණ්ඩ නීති සංග්‍රහයෙහි එන පහත වගන්ති පිලිබඳ අපගේ අවධානය යොමු විය.

දණ්ඩ නීති සංග්‍රහයෙහි 121 වැනි වගන්තියට අනුව, රජය සමග ගිවිසුමක් ඇති කොට ගත් හෝ සමාදානයෙන් වෙසෙන රාජ්‍යයක ආණ්ඩුවක් සමග යුද්ධ කරන හෝ එබඳු යුද්ධ කිරීමකට තැත් කරන හෝ එබඳු යුද්ධ කිරීමකට අනුබල දෙන යමකුට බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු ය.

එහි 114 වගන්තියෙහි නිදර්ශනය අනුව කැරළි ගැසීමකට එකතු වීම යන්නට යුද්ධ කිරීමක්, යුද්ධ කිරීමකට තැත් කිරීමක් හෝ යුද්ධ කිරීමකට අනුබල දීමක් අන්තර්ගත වේ.

එලෙසම රජය සමග ගිවිසුමක් ඇති කොට ගත් හෝ සමාදානයෙන් වෙසෙන රාජ්‍යයකට අයත් ප්‍රදේශවල පැහැර ගන්නා හෝ පැහැර ගැන්මට සූදානම් වන යමකුට දණ්ඩ නීති සංග්‍රහයෙහි 122 වගන්තිය අදාළ වේ.

SkyNews  සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා පැහැදිලිව කියා සිටියේ ශ්‍රී ලාංකිකයින් සිරියාවට ගිය බවද, ඉස්ලාමීය රාජ්‍යයට බැඳුණු බවද, ආයුධ සන්නද්ධ වූ බවද දැන සිටියද ශ්‍රී ලංකාවේ පවතින නීති අනුව ඔවුන් අත්අඩංගුවට ගත නොහැකි වූ බවයි.

අප්‍රේල් 28 වනදා සිට අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව විවිධ මාධ්‍ය වාර්තා නිකුත් වූ අතර, එහිදී දණ්ඩ නීති සංග්‍රහයෙන් ආවරණය වන්නේ රට තුළ සිදුවූ අපරාධ පමණක් වන බවද ප්‍රකාශ විය. කෙසේ වෙතත් දණ්ඩ නීති සංග්‍රහයෙහි ඉහත සඳහන් වගන්ති අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය හා එකඟ නොවේ. දණ්ඩ නීති සංග්‍රහයෙහි ම‍ෙකී වගන්ති අහෝසි ක‍ෙර‍ෙන පසුකාලීන නීති අපගේ කරුණු සොයා බැලීමේදී හමු වූයේ නැත.

මේ අනුව අප විසින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍ය ලෙස නම් කර ඇත.

*අප මෙම තීන්දුව ලබා දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රකාශයත් දණ්ඩ නීති සංග්‍රහයෙහි ඉහත සඳහන් වගන්ති අතරත් තිබූ ප්‍රතිවිරුද්ධභාවය සැලකීමට ගෙනය. අප විසින් මීට පෙර පළ කර ඇති ලිපි සේම, මෙම ඇගයීමද වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු ලැබුනහොත් අප විසින් අපගේ ඇගයීම යාවත්කාලීන කරණු ඇත.

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION