• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

පාඨලී චම්පික රණවක

එක්සත් ජාතික පක්ෂය

අද ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් 13,000 ක ඒක පුද්ගල ආදායමක් ඇති මධ්‍යම ආදායමක් සහිත රටකි. කලාපයේ වැඩිම ඒක පුද්ගල ආදායම මෙයයි.

ඩේලි නිව්ස්: 3 Oct 2018

False

Statement

අද ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් 13,000 ක ඒක පුද්ගල ආදායමක් ඇති මධ්‍යම ආදායමක් සහිත රටකි. කලාපයේ වැඩිම ඒක පුද්ගල ආදායම මෙයයි.

Fact check

පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම හා කලාපීය ශ්‍රේණිගත කිරීම් පිලිබඳ පැවැසූ දත්ත සාවද්‍ය වේ.

ඩේලි නිව්ස් පුවත්පත මගින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන ලද පහත ප්‍රකාශය වාර්තා කර තිබුණි.

අද ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් 13,000 ක ඒක පුද්ගල ආදායමක් ඇති මධ්‍යම ආදායමක් සහිත රටකි. කලාපයේ වැඩිම ඒක පුද්ගල ආදායම මෙයයි.

සිය ප්‍රකාශය මගින් චම්පික මහතා පවසා ඇති දත්ත නිවැරදිද? ඩේලි නිව්ස් පුවත්පත ඔහුට සාධාරණයක් වන ලෙස ප්‍රකාශය වාර්තා කර තිබේ ද?

පුවත්පත මගින් වාර්තා කොට ඇති ආකාරයට මෙම ප්‍රකාශයේ කරුණු වල නිරවද්‍යතාවය පිරික්සීම සඳහා අප විසින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාතික කලාපයේ අනෙක් රටවල දළ දේශීය නිෂ්පාදිතය සොයා බැලුවෙමු.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලබා ගැනීම සඳහා අප විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2017 වාර්ෂික වාර්තාව* පිරික්සා බලා ඇත. එම වාර්තාවේ දැක්වෙන දත්ත අනුව බලන විට චම්පික රණවක මහතා පවසන 2017 වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ අගය පරස්පර වේ. රණවක මහතා සඳහන් කර ඇති අගය එක්සත් ජනපද ඩොලර් 13,000 ක් වන විට, ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව මගින් සඳහන් කරන්නේ ඊට ඉතාම අඩු ගණනක් වන එක්සත් ජනපද ඩොලර් 4,065 කි.

දකුණු ආසියාතික කලාපයේ රටවල දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු සෙවීම සඳහා අප විසින් ලෝක බැංකු වාර්තාවන් පරිශීලනය කරන්නට යෙදිණි.** මෙම දත්තද, කලාපයේ ඉහළම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ වන බවට රණවක මහතා විසින් කළ ප්‍රකාශය හා පරස්පර විරෝධී වේ. දත්ත වලට අනුව උක්ත ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින්නේ මාල දිවයින වන අතර, ශ්‍රී ලංකාව සිටින්නේ දෙවන ස්ථානයේයි.

මෙසේ බලන විට මෙම මූලාශ්‍රයන්ගෙන් ලබාගත් දත්ත සහ රණවක මහතා විසින් කළා යැයි කියන ප්‍රකාශයේ කරුණු පරස්පර විරෝධී වේ.

පාඨලී චම්පික රණවක මහතා ගේ මෙම ප්‍රකාශයේ නිරවද්‍යතාවය ගැටළුකාරී වීම කෙසේ සිදුවන්නට ඇතිදැයි යන්න අපි වැඩිදුරටත් සොයා බලමු.

ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව රණවක මහතා පැවසූ අගය වන වන ඇ.එ.ජ. ඩොලර් 13,000 ක අගය දෝෂ සහගත ය. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ක්‍රය ශක්ති සාම්‍යයේ (PPP) අගය ජාත්‍යන්තර ඩොලර් 12,810 ක් වේ.***

සැබවින්ම මෙම අගය රණවක මහතා විසින් උපුටා දැක්වූ දත්තයන්ට ආසන්න වන නිසා, ඇතැම් විට ඔහු විසින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රම ශක්ති සාම්‍යයේ (DGP PPP) ඒක පුද්ගල අගය, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ අගය ලෙසින් වරදවාගෙන සඳහන් කරන්නට ඇත. එසේත් නැතිනම් රණවක මහතා සැබවින්ම ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රය ශක්ති සාම්‍යය (GDP PPP) සම්බන්ධයෙන් කතා කළත්, ඩේලි නිව්ස්පුවත්පත මගින් එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP Per Capita) ලෙසින් වරදවා සඳහන් කරන්නට ඇත.

කෙසේ වුවද, චම්පික මහතා විසින් පවසන්නට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රය ශක්ති සාම්‍යයේ අගය ලෙසින් ගත්ත ද, ශ්‍රී ලංකාව කලාපයේ ශ්‍රේණිගත කිරීමේ ඉහළම තැන නොසිටී. එම ස්ථානයේ සිටින්නේ මාල දිවයින වන අතර, ශ්‍රී ලංකාව සිටින්නේ දෙවන ස්ථානයේයි.

මේ සියල්ල සළකා බලා අප විසින් පාඨලී චම්පික රණවක මහතා ගේ ප්‍රකාශය "සාවද්‍ය" ලෙස නම් කර ඇත.

Sources

මූලාශ්‍ර: 

*Central Bank of Sri Lanka, Annual Report 2017, GDP per capita (current US$): https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2017

**World Bank, World Bank Open Data, GDP per capita (current US$): https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD?fbclid=IwAR0c3akA-YkBiqZcrRBQulK-5zC8po8N1ulw0-L2pep_v6LTeZax89BzO_k 

***World Bank, World Bank Open Data, GDP per capita, PPP (current international $): https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD?fbclid=IwAR0nLcmD0RzbXs3xAh2T2GkwtqX1jNCrMZ-Rp5xV-G9NR-DyqB9LzKDQUb0


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION