• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මහින්ද රාජපක්ෂ

විපක්ෂ නායක

මම අවුරුදු නමයක් ඇතුළත රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලෙ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4ක්.

දෙරණ: 25 Nov 2018

False

Statement

මම අවුරුදු නමයක් ඇතුළත රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලෙ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4ක්.

Fact check

2018 නොවැම්බර් 25 වන දින දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයක දී මහින්ද රාජපක්ෂ මහතා පහත දත්ත සඳහන් කරන ලදි:

1. තමන් ජනපති වී සිටි වසර නවය තුල ආර්ථිකයේ සාමාන්‍ය සංවර්ධන වේගය 7.4ක් විය;
2. එම කාලය තුළ රටෙහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි විය.

සිය ප්‍රකාශයෙහි රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලද දත්ත නිවැරදි ද?

මෙහි සත්‍ය අසත්‍යතාවය විමසීම සඳහා අප කණ්ඩායම විසින් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙහි සපයා ඇති දළ දේශීය නිෂ්පාදිතයට (ද. දේ. නි.) අදාළ දත්ත පිරික්සා බලන ලදි.

ප්‍රකාශයට අදාළව මහ බැංකු වාර්තාවෙන් ලබා ගත් හා ගණනය කල සියළු අගයන් 1 වගුවෙහි දක්වා ඇත.

වගුවෙහි A තීරයෙන් පෙන්වා දී ඇති දත්ත අනුව ගත් කළ රාජපක්ෂ මහතා සඳහන් කරන 2006 - 2014 කාලය තුල ආර්ථිකයෙහි සාමාන්‍ය වර්ධන වේගය 6.4ක් වන අතර, ප්‍රකාශයෙහි සඳහන් වන පරිදි 7.4ක් නොවේ.

එබැවින් රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රකාශය සාවද්‍ය වේ.

අනතුරුව අප ඒ මහතාගේ ප්‍රකාශයෙහි දැක්වෙන ඒක පුද්ගල ආදායමට අදාළ තොරතුරු පිළිබඳව වැඩිදුර විමසා බැලුවෙමු.
නාමික ද. දේ. නි. ය (B තීරයෙන් දක්වා ඇති) නාමික ඒක පුද්ගල ආදායමෙන් (C තීරයෙන් දක්වා ඇති) බෙදීමෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජනගහනය පිලිබඳ අගයන් D තීරයෙහි සපයා ඇත. E තීරයෙන් අප දක්වා ඇත්තේ 2005 වසරේ මිලට සාපේක්ෂව අනෙකුත් වසරවල ද. දේ. නි. යි. මෙම අගය, පෙර ගණනය කළ ජනගහන අගයෙන් බෙදීමෙන් ලබා ගත් ඒක පුද්ගල ආදායම F තීරයෙන් දක්වා ඇත. එම දත්තවලට අනුව 2006 - 2014 දක්වා පොදු මහජනයාගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වී ඇත්තේ 1.65 ක ගුණයකින් පමණි.

මේ අනුව ගත් කල රාජපක්ෂ මහතාගේ දෙවන ප්‍රකාශයද අසත්‍ය වේ.

වැඩිදුර කරුණු විමසා බැලුවහොත්, ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් වලින් ගත් විට නම් (H තීරයෙන් පෙන්වා දී ඇති පරිදි) 2006 - 2014 වසර තුල එහි අගය 2.7ක ගුණයකින් වැඩි වී ඇතැයි කිව හැක. නමුත් ශ්‍රී ලාංකිකයින් භාණ්ඩ මිලදී ගන්නේ රුපියල් වලින් හෙයින් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව මැනීමට ඇමෙරිකානු ඩොලර් වලින් දැක්වෙන ඒක පුද්ගල ආදායම යෝග්‍ය මිනුම් දණ්ඩක් නොවේ.

මේ සියලු කරුණු සලකා බලා අප විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය "සාවද්‍ය" ලෙස නම් කර ඇත.


වගුව 1: ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවෙන් ප්‍රකාශයට අදාලව ලබා ගත්  හා ගණනය කල දත්ත (2005-2014)



Sources

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව 2017; https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION