Claim

එම්.ඒ. සුමන්තිරන්
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
මගේ මතකය නිවැරදි නම්, [පසුගිය වසර 20 තුළ] දෙමළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වී තිබෙනවා.
මව්බිම: 25 Oct 2018
Statement
මගේ මතකය නිවැරදි නම්, [පසුගිය වසර 20 තුළ] දෙමළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වී තිබෙනවා.
Fact check
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් අර්ධ වශයෙන් නිවැරදි වේ: දමිළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු මරණයට පත්ව ඇතත් එම සියලු දෙනාම ඝාතනය වී නොමැත.
2018 ඔක්‍තෝබර් 25 වන දින මව්බිම පුවත්පත මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් විසින් මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ 20 වන සංවත්සරය සැමරීමේදී කළ ප්‍රකාශයක් වාර්තා කොට ඇත. එම ප්‍රකාශය නම්:
"මගේ මතකය නිවැරදි නම්, [පසුගිය වසර 20 තුළ] දෙමළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වී තිබෙනවා."
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් කළ මෙම ප්‍රකාශය සත්‍යද?
මෙම ප්‍රකාශයේ සත්‍යතාවය විමසීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා අප විසින් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ (CPJ) වෙබ් අඩවිය පරිශීලනය කරන ලදි. ඔවුන්ගේ දත්තයන්ට අනුව 1999 වසරෙහි සිට 2009 වසර දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 19 දෙනෙකු මරණයට පත්ව ඇත. 2010 වසරෙහි සිට වර්තමාන දිනය වන තෙක් කිසිදු මාධ්‍යවේදියෙකු මරණයට පත් ව ඇති බවක් වෙබ් අඩවියෙහි වාර්තා වී නැත.
පහත දැක්වෙන 1 වගුව මගින් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ (CPJ) වෙබ් අඩවිය මගින් ලබා දී ඇති 1999-2009 කාලය අතරතුරේදී ශ්‍රී ලංකාවේදී මරණයට පත් වූ මාධ්‍යවේදීන් ගණන දක්වා ඇති අතර, මෙම දත්ත ජනවාර්ගිකත්වය සහ මියයෑමට හේතුව අනුව වර්ග කොට තිබේ.
1 වගුව මගින් පෙන්වා දෙන පරිදි 1999 හා 2009 දක්වා කාලය අතරතුර මාධ්‍යවේදීන් 19 දෙනෙකු මරණයට පත් ව ඇති අතර, එයින් 14 දෙනෙකු දමිළ ජාතික මාධ්‍යවේදීන් වේ. කෙසේ වෙතත් මෙම මාධ්‍යවේදීන් 14 දෙනාගෙන් චේතනාන්විතව ඝාතනය වී ඇත්තේ 9 දෙනෙක් පමණි.
සිය ප්‍රකාශය මගින් සුමන්තිරන් මන්ත්‍රීවරයා දමිළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු පසුගිය අවුරුදු 20 තුල මිය ගොස් ඇති බවට නිවැරදි ව දක්වා තිබුනත්, එම මාධ්‍යවේදීන් ඝාතනය වී ඇති බවට ඔහු කළ ප්‍රකාශය සාවද්‍ය වේ.
මේ හෙයින් අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ ප්‍රකාශය අර්ධ වශයෙන් සත්‍ය බවට වර්ගීකරණය කර ඇත.
වගුව: 1999-2009 කාලය අතරතුරදී මරණයට ලක්වූ මාධ්‍යවේදීන් ගණන (ජනවාර්ගිකත්වය හා මරණයට හේතුව අනුව)
Sources
මූලාශ්‍රය: මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ වෙබ් අඩවිය; https://cpj.org/data/killed/asia/sri-lanka/?status=Killed&motiveConfirmed%5B%5D=Confirmed&type%5B%5D=Journalist&cc_fips%5B%5D=CE&start_year=1992&end_year=2018&group_by=location