• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ජී.එල්. පීරිස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

19 ව්‍යවස්ථා සංශෝධනය තිබෙන තාක්කල්ජ නාධිපතිවරයා උසාවි ගානේ රස්තියාදු විය යුතුයි… ඒ නිසා තමයි මුක්තිය අවශ්‍ය වන්නේ…

අරුණ: 8 Sep 2020

False

Statement

19 ව්‍යවස්ථා සංශෝධනය තිබෙන තාක්කල්ජ නාධිපතිවරයා උසාවි ගානේ රස්තියාදු විය යුතුයි… ඒ නිසා තමයි මුක්තිය අවශ්‍ය වන්නේ…

Fact check

ජනපති මුක්තිය කෙරෙහි 19 වෙනි සංශෝධනයේ බලපෑම පිළිබඳව අමාත්‍ය පීරිස් වැරදි අදහසක.

මෙම ප්‍රකාශය සිදුකෙරුණේ, යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාවට සිදුවන වෙනස්කම් සන්දර්භය ලෙසින් ගනිමිනි. මෙම ප්‍රකාශය තුළ, අමාත්‍ය ජී.එල්.පීරිස් විසින් යෝජිත 20 වෙනි සංශෝධනයේ දැක්වෙන ආකාරයට ජනපතිට හිමිවන මුක්තිය සාධාරණීකරණය කරන්නේ, 19 වෙනි සංශෝධනය බලාත්මකව තිබෙනා තුරු ජනපතිවරයාට අධිකරණයෙහි “රස්තියාදු” වෙමින් කාලය නාස්ති කිරීමට සිදුවන බව පවසමිනි.

මෙම ප්‍රකාශය තක්සේරු කර බැලීම සඳහා FactCheck මගින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමට පෙර සහ පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 35 වන ව්‍යවස්ථාවේ එන විධිවිධාන වෙන වෙනම  පරිශීලනය කොට ඇත.

19 වෙනි සංශෝධනයට පෙර  මෙන් ම පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන විධිවිධානයන් සරලව කියැවූ විට පෙනී යන්නේ, ජනපතිවරයා සිය ධූරයේ සිටියදී ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිමය ක්‍රියාමාර්ගයන් (එනම් සිවිල් හෝ අපරාධ නඩු ආකාරයෙන්) ඇරඹීමට හෝ පවත්වාගෙන යාමට නොහැකි බවයි. එනිසා, ජනපතිවරයාට පෞද්ගලිකවම අදාළ වන නීති ක්‍රියාමාර්ගයන් (මැතිවරණයට පෙරාතුව), ඔහු ජනපති ධූරයේ සිටියදී ක්‍රියාත්මක කිරීම අත්හිටුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අවකාශ දෙනු ලබන්නේ, ජනපතිගේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සීමාසහිතව කළ හැකි නීතිමය අභියෝග කිරීම් සඳහා පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර වුවත්, පසු වුවත් ජනපතිගේ ක්‍රියාවන්ට එරෙහිව වන එම අභියෝගයන් ඉදිරිපත් කෙරෙන්නේ නීතිපතිවරයාට එරෙහිව වන අතර, ජනපති නියෝජනය කරමින් අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුත්තේද නීතිපතිවරයායි. ජනපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින අතර, එසේ පෙනී සිටීම අවශ්‍ය වන්නේද නැත (සැබවින්ම ජනපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙසින් නම් කිරීමක් පවා සිදු නොවේ).

19 වෙනි සංශෝධනයට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙසේ අභියෝගයට ලක් කළ හැකි වූයේ ජනපතිවරයාගේ අමාත්‍ය බලතල පමණි. 19 වෙනි සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනපතිවරයාගේ නීත්‍යානුකූල බලතල ඕනෑම එකක් (එකක් හැරෙන්නට—යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමට ජනපතිවරයාට ඇති බලය) ක්‍රියාත්මක කිරීම, මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම ඔස්සේ අභියෝගයට ලක් කිරීමට හැකියාව ඇත. මෙසේ 19 වෙනි සංශෝධනයෙන්, අධිකරණය ඉදිරියේ අභියෝග කළ හැකි ජනපතිවරයාගේ ක්‍රියාවන් සම්බන්ධ විෂය පරාසය පුළුල් වුවත්, ජනපතිවරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදු නොවේ.  එනම්, අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍යතාවයක් ඇති කරවන බලපෑමක් ජනපති මුක්තිය කෙරෙහි ඇති නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වෙනි සංශෝධනය එක් කිරීමට  පෙර හෝ 19 වෙනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොදැක්වෙන අතර, යෝජිත 20 වෙනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ගත් විටද, එම ස්ථාවරය එලෙසම පවතී.

මේ අනුව, යෝජනා වී ඇති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අධිකරණයේ කාලය වැය කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයාට හිමිව ඇති මුක්තිය සඳහා සඵලදායී වෙනසක් සිදුවී නොමැති අතර, සැළකිය යුතු මට්ටමකින් සිදුවන එකම වෙනස වන්නේ, අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට හැකියාවක් ඇති ජනපතිවරයාගේ ක්‍රියාවන්ගේ විෂය පරාසය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර තිබූ තත්වයටම පටු වීම පමණි.

එනිසා, අමාත්‍ය පීරිස්ගේ මෙම ප්‍රකාශය සාවද්‍ය යැයි අපි පවසමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම  යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු  සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම  ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්


අතිරේක සටහන් 

අමාත්‍යවරයා විසින් මෙම මුක්තිය පිළිබඳ අවශ්‍යතාවය තහවුරු කිරීම උදෙසා තවදුරටත් දක්වා සිටියේ, "ජනතාව වෙනුවෙන් පැවැරුණු භාරදූර වගකීම ඉටුකිරීමට ජනාධිපතිවරයාට මානසික නිදහස ලබාදීම අවශ්‍යයි..." යනුවෙනි. ඔහුගේ ප්‍රකාශයේ මෙම කොටස FactCheck මගින් ඇගයුම් කර නොමැත්තේ, මානසික පීඩනයේ ප්‍රමාණය කරුණු සාධකයක් නොවන බැවිණි. කෙසේ වෙතත්, 19 වෙනි සංශෝධනය යටතේ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකියාවක් ඇති ජනපතිවරයාගේ ක්‍රියාවන්ගේ විෂය පථයේ පුළුල් වීම, ජනපතිවරයාගේ මානසික පීඩනයට අමතර බරක් එකතු කිරීමක් ලෙසින් අමාත්‍යවරයා වටහා ගත්තා වීමටද හැකියාවක් තිබේ.

Sources

මූලාශ්‍ර: 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහනව වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාව: ප්‍රවේශය:  https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th.pdf. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහඅට වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාව: ප්‍රවේශය:   https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-18th.pdf. 


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION