• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

සී.වී.විග්නේෂ්වරන්

දෙමළ ජනතා ජාතික සන්ධානය

අපගේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ.

Daily FT: 12 Sep 2020

False

Statement

අපගේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ.

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් විසින්, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි විරැකියා විෂමතාවය වැඩි කොට දක්වයි.

මෙම ප්‍රකාශය ඇගයුම් කර බැලීම සඳහා, FactCheck විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) මගින් ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයන්හි 2019 වසරේ වාර්ෂික වාර්තාව පරිශීලනය කොට ඇත. මෙම විශ්ලේෂණයේ අරමුණ උදෙසා, අප විසින් උතුරු සහ නැගෙනහිර පළාත් වලට අයත් වන ප්‍රදේශයන් “යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්” ලෙසින් සලකා තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි ඉහළම දිස්ත්‍රික් විරැකියා අනුපාතිකය 7.2% ක් වන අතර ඒ මඩකළපුවේයි. එසේම එහි බර තැබූ සාමාන්‍ය විරැකියා අනුපාතිකය 5.8% ක් වන අතර, මෙම සංඛ්‍යාවන් දෙකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ 10% ක අනුපාතිකය වඩා බොහෝ අඩුවේ. (විරැකියා අනුපාතිකය ඉතාම අඩු අගයක් දක්වන උතුරු පළාතේ ඇතැම් දිස්ත්‍රික්කයන් සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එහි ඇස්තමේන්තු ඇතැම් විට සංඛ්‍යාලේඛනමය වශයෙන් විශ්වාසදායක නොවිය හැකි බවයි. කෙසේ වුවත්, වඩා විශාල විරැකියා ඇස්තමේන්තු ඇති දිස්ත්‍රික්කයන් සම්බන්ධයෙන් එය එසේ නොවේ).

බර තැබූ ජාතික විරැකියා අනුපාතිකය වන්නේ 4.4% කි. යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයන්ට එදිරිව ගත් විට එහි 1.4% ක පරතරයක් තිබෙනා අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකශ කළ ප්‍රතිශත පරතරයෙන් භාගයකටත් අඩු අගයකි. ශ්‍රී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතිකයන් වාර්තා වන්නේ මාතර (7.5%), මාතලේ (7.4%) සහ හම්බන්තොට (7.3%) ප්‍රදේශයන්ගෙන් වේ. එනම් එම ප්‍රදේශ සියල්ලම යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති දිස්ත්‍රික්කයන්හි වාර්තා වී ඇති ඉහළම දිස්ත්‍රික් විරැකියා අනුපාතිකයන් ඉක්මවා ගොස් ඇත (නිදර්ශකය 1 බලන්න).

යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයන්හි විරැකියා අනුපාතිකය සහ එහි විෂමතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් විසින් ප්‍රකාශිත අගයයන්ට වඩා ඉතාමත් අඩු බැවින්, අපි ඔහුගේ ප්‍රකාශය සාවද්‍ය යැයි වර්ගීකරණය කරමු.

සටහන: විරැකියා අනුපාතිකයන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් කළ ප්‍රකාශයන් නිරවද්‍යතාවයෙන් බොහෝ ඈත වුවත්,  ශ්‍රම බල දායකත්වය සහ ඒක පුද්ගල රැකියා වැනි වෙනත් සංඛ්‍යාලේඛන ගත හොත් යුද්ධයෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්කයන් හි තත්වය ඉතා අයහපත් වේ. වැඩිදුර විස්තර සඳහා අපගේ සම්පූර්ණ FactCheck විශ්ලේෂණය වෙත පිවිසෙන්න. ප්‍රවේශය: www.factcheck.lk.

අමතර සටහන්:

යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන් වෙත විසමානුපාතික ලෙසින් බලපාන අවම ආර්ථික අවස්ථාවන් පිළිබඳ දර්ශකයක් ලෙසින් ගත් විට, විරැකියා අනුපාතිකයන් යනු ප්‍රමාණවත් දර්ශකයක් නොවිය හැක. රැකියා කරන හෝ රැකියා සොයන ප්‍රමාණය රැකියා කරන වයසේ සිටිනා ජනගහණයෙන් කෙතරම් කොටසක්ද යන්න ඇගයුම් කරනා ශ්‍රම බල දායකත්වය සහ ඒක පුද්ගල රැකියා ප්‍රමාණය මගින්, විවිධ දිස්ත්‍රික්ක වල ඇති ආර්ථික අවස්ථාවන් පිළිබඳ වඩාත් පුළුල් චිත්‍රයක් ලබාදේ.

රටේ අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව ගත් විට, යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන්හි අඩුම ශ්‍රම බල දායකත්ව අනුපාතයන් (LFP) සහ ඒක පුද්ගල රැකියාවන් සංඛ්‍යාවක් තිබේ. එනම්, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි බර තැබූ සාමාන්‍ය ශ්‍රම බල දායකත්ව අනුපාතය 45% ක් වන විට, රටේ ඉතිරි කොටසේ එය 53% ක් වේ. එනම් 8% ක විෂමතාවයකි. එසේම යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව ගත් විට රටේ අනික් කොටසේ පුද්ගලයින් 1,000 කට වැඩිපුර රැකියා 109 ක ප්‍රමාණයක් ඇත (එනම් සංසන්දනාත්මකව පුද්ගලයින් 1,000 කට රැකියා ප්‍රමාණය, 536 ට එදිරිව 427 ක් ලෙසිනි).

යුද්ධයෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්කයන්හි ජනතාව ආර්ථිකයට දායකත්වය දක්වන අනුපාතය මෙන්ම ඔවුන්ට ප්‍රවිශ්ට විය හැකි රැකියා අවස්ථාවන් ප්‍රමාණයද යන දෙකම රටේ ඉතිරි කොටස හා සන්සන්දනය කළ විට, එහි සැලකිය යුතු විෂමතාවයක් පවතී.

Sources

මූලාශ්‍ර:

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, Sri Lanka Labour Force Survey Annual reports 2019 (ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2019), 5 පරිච්ඡේදය, ප්‍රවේශය:  http://statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2019


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION