Claim

බන්දුල ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට අනුව නිකුත් කර තිබෙන 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි.
දිවයින: 17 Oct 2018
Statement
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට අනුව නිකුත් කර තිබෙන 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි.
Fact check
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සියයට අනූ නවයක්ම සාවද්‍ය වේ.
"සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට අනුව නිකුත් කර තිබෙන 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි" යනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවට ඔක්‍තෝබර් 17 වන දින දිවයින පුවත්පත මගින් දක්වා තිබුණි.
ඔහුගේ ප්‍රකාශයේ වලංගුභාවය පිරික්සා බැලීම උදෙසා අප විසින් 2069/2 ගැසට් නිවේදනය පරිශීලනය කරන්නට යෙදිණි.
මෙම ගැසට් නිවේදනය මගින් නිෂ්පාදනයන් 3,539 ක් සඳහා පවතින තීරු බදු අනුපාතිකයන් ලැයිස්තුගත කොට ඇති අතර, ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙම එක් එක් නිෂ්පාදනයන් සඳහා වන නව තීරු බදු අනුපාතිකයන්ද ලබා දී ඇත.
මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන ආකාරයට නිෂ්පාදනයන් 3,509 ක් මේ වනවිටත් සම්පූර්ණයෙන්ම තීරු බදු රහිතව ආනයනය කළ හැකි අතර, එය නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කිසිදු වෙනසකට බඳුන් වී නොමැත. ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සම්පූර්ණයෙන්ම තීරු බදු වලින් නිදහස්ව ඇත්තේ නිෂ්පාදනයන් 30 ක් පමණි. මෙය බන්දුල ගුණවර්ධන විසින් ප්‍රකාශ කළ නිෂ්පාදනයන් සංඛ්‍යාවෙන් 1% කටත් අඩු ප්‍රමාණයකි.
එම නිසා ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසට නිෂ්පාදන 4,000 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම තීරු බදු වලින් නිදහස් වන්නේ යැයි බන්දුල ගුණවර්ධන විසින් කළ ප්‍රකාශය අතිශයින්ම සාවද්‍ය බවට වර්ගීකරණය කළ හැක.
Sources
අංක 2069/02 ගැසට් නිවේදනය: http://www.documents.gov.lk/files/egz/2018/5/2069-02_E.pdf