Claim

බන්දුල ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
එම්. ඒ. සුමන්තිරන් මහතා මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ කල්තැබීමේ විවාදය කඩාකප්පල් කළේය.
ද අයිලන්ඩ්: 24 Oct 2018
Statement
එම්. ඒ. සුමන්තිරන් මහතා මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ කල්තැබීමේ විවාදය කඩාකප්පල් කළේය.
Fact check
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශය දෙයාකාරයකින් සාවද්‍ය වේ: වාර්තාව සම්බන්ධයෙන් වැරදි ය, භාෂාව සම්බන්ධයෙන් ද වැරදි ය.
ද අයිලන්ඩ් පුවත්පත බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කරන ලද පහත ප්‍රකාශය වාර්තා කරන ලදි:
2018 පෙබරවාරි මුලදී දෙමළ ජාතික සන්ධානයේ (TNA) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ කල්තැබීමේ විවාදය කඩාකප්පල් කළේය.
දෙමළ ජාතික සන්ධානය එම වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් නොමැතිව විවාදය ඉදිරියට ගෙන යෑම අසාධාරණ ය යන ස්ථාවරයෙහි සිටින ලද බවද පුවත්පත තවදුරටත් වාර්තා කර තිබුණි.
මෙම ප්‍රකාශයෙහි පා.ම. ගුණවර්ධන කරුණු දෙකක් ඉස්මතු කරයි:
(1) පා. ම. සුමන්තිරන් සඳහන් කරන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙනි;
(2) පා. ම. සුමන්තිරන් විසින් වාර්තාව දමිළ බසින් ඉල්ලා සිටින ලදි.
බන්දුල ගුණවර්ධන මහතාගේ මෙම ප්‍රකාශ නිවැරදිද?
පසුබිම
රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් ලෙස මෙම විවාදය ඉදිරිපත් වූයේ 2018 පෙබරවාරි 6 වෙනිදායි. ඒ බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ (PRECIFAC) අවසන් වාර්තාව නිකුත් වූවාට මසකට පසුවයි. මෙම විවාදයේ පරමාර්ථය වූයේ බැඳුම්කර වංචා වාර්තාව සහ බරපතල වංචා, දූෂණ විමර්ශණ ජනාධිපති කොමිසමේ (PRECIFAC) වාර්තාව යන දෙකම සාකච්ඡාවට ගැනීමයි.
ස්ථාවර නියෝගයන්ට අනුව ඕනෑම යෝජනාවක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නම් එය භාෂා තුනෙන්ම තිබිය යුතුවේ. කෙසේ වෙතත් ඉහත වාර්තා ලබා ගැනීමට හැකියාව ඇත්තේ ඉංග්‍රීසි බසින් පමණක් නම්, භාෂා තුනේම පරිවර්තනයන් සඳහා බලා නොසිට යෝජනාව පාර්ලිමේන්තුවෙහි විවාදයට ගැනීමට පෙර එකඟතාවයකට පැමිණ තිබුණි. විවාදය සිදුවන මොහොතේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉංග්‍රීසියෙන් තිබුණත්, බරපතල වංචා, දූෂණ විමර්ශණ ජනාධිපති කොමිසමේ (PRECIFAC) වාර්තාව තිබුණේ සිංහලෙන් පමණි.
2018 පෙබරවාරි 20 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ මෙම කල්තැබීමේ විවාදය සම්බන්ධයෙන් සඳහන් වී ඇත.
කරුණු පිරික්සීම
පහත දැක්වෙන හැන්සාඩ් වාර්තා උපුටා ගැනීම් වලින් දැක්වෙන පරිදි (රූප අංක 1 හා 2 බලන්න) පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් එම මොහොතේ ඉංග්‍රීසි බසින් පමණක් තිබුණු (දමිළ බසින් නොතිබුණු) බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පරිවර්තනය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු කර නැත. සුමන්තිරන් විසින් සරලවම දක්වා තිබුණේ බරපතල වංචා, දූෂණ විමර්ශණ ජනාධිපති කොමිසමේ (PRECIFAC) වාර්තාව (මෙය බැඳුම්කර කොමිසමේ වාර්තාවට හාත්පසින්ම වෙනස් වේ.) සිංහලෙන් පමණක් තිබීම නිසාවෙන් එම වාර්තාව පිළිබඳව විවාදයට දෙමළ ජාතික සන්ධානයට සහභාගී වීමට නොහැකි වන බව පමණි.
මේ අනුව, මන්ත්‍රී සුමන්තිරන් විසින් සඳහන් කළේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් වන බවට මන්ත්‍රී ගුණවර්ධන විසින් කරන ප්‍රකාශය සාවද්‍ය වේ.
තවදුරටත් පාර්ලිමේන්තුවේදී පා.ම.සුමන්තිරන් විසින් කරනු ලබන ප්‍රකාශයන්ගෙන් පැහැදිලිවම පෙනී යන්නේ බරපතල වංචා, දූෂණ විමර්ශණ ජනාධිපති කොමිසමේ (PRECIFAC) වාර්තාව තිබුණේ සිංහලෙන් පමණක් වීම නිසා ඔහු එය ඉංග්‍රීසි හෝ දමිළ භාෂාවන්ගෙන් පරිවර්තනය කොට ඉල්ලා සිටි බව මිස, විශේෂයෙන්ම දමිළ පරිවර්තනයක් ඉල්ලා නොසිටි බවයි. ඔහු තවදුරටත් පැහැදිලි කර සිටියේ, බැඳුම්කර කොමිසමේ වාර්තාවේ දමිළ පරිවර්තනයක් ඉල්ලා නොසිටීමට හේතුව එය ඒ වනවිටත් ඉංග්‍රීසි බසින් තිබීම බවයි.
එම නිසා පා.ම. සුමන්තිරන් විසින් වාර්තාවේ දමිළ පරිවර්තනයක් ඉල්ලා සිටි බවට පා.ම.බන්දුල ගුණවර්ධන විසින් කරනු ලැබූ ප්‍රකාශයද සාවද්‍ය වේ.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශයේ කරුණු දෙකම සාවද්‍ය ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ භාෂාව පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නගා නැත.ඔහු ප්‍රශ්න කරන්නේ බරපතල වංචා, දූෂණ විමර්ශණ ජනාධිපති කොමිසමේ (PRECIFAC) වාර්තාව පිළිබඳවයි. එහිදීද ඔහු මතු කරන ගැටළුව නම් එම වාර්තාව සිංහල බසින් පමණක් තිබීමයි. වාර්තාව දෙමළ බසින් තිබිය යුතු බවට සුමන්තිරන් මහතා පවසා නැත.
මෙම සියලු කරුණු සලකා බලා අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණවර්ධනගේ ප්‍රකාශය නිසැකවම සාවද්‍ය බවට වර්ගීකරණය කර ඇත.
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ කරුණු පැවසීමෙන් හා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මැදිහත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දයක් පවත්වා මෙම විවාදය කල් තැබීමට පියවර ගන්නා ලදි.
හැන්සාර්ඩ් වාර්තාවෙන් කළ උපුටා ගැනීම්:
Sources
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, හැන්සාඩ් වාර්තා, 2018 පෙබරවාරි 20 හැන්සාඩ් වාර්තාව: පිටු අංක 501- පිටු අංක 505
http://www.parliament.lk/uploads/documents/hansard/1519296250017564.pdf?fbclid=IwAR3kKFAJ4JfYfrqlp8581GcJv-vLh6YB1Ip_Qpi61aK6W_IIMSWiWdQCVGM
බැඳුම්කර කොමිසමේ වාර්තාව:
http://www.presidentsoffice.gov.lk/?p=4978&mdocs-cat=mdocs-cat-1&fbclid=IwAR2wXJJLWp8WgtlE3R2NwcnARW_CBdUDsYKMmttw9C9ivGuPuGSL0KNUHyk
බරපතල වංචා, දූෂණ විමර්ශණ ජනාධිපති කොමිසමේ (PRECIFAC) වාර්තාව:
http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/PCI%20Final%20Report%20Web%20Publish.pdf?fbclid=IwAR02wvhXR9ycEIl6xkSRd_ljcTnwwRmq-G9g2E2P5VULLGUL_4Z9lqjAKpM
http://www.parliament.lk/files/pdf/standing-orders-en.pdf?fbclid=IwAR3en2ZokbO7iMqrmB-Ealk1nlhGgb8nXmFfe_1gBObgU3IjEJay-ucCaiU