Claim

අනුර ප්‍රියදර්ශන යාපා
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.
දිවයින: 26 Oct 2018
Statement
දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.
Fact check
අනුර ප්‍රියදර්ශන යාපා: ජංගම දුරකථන බදු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ
2018 ඔක්‍තෝබර් 26 දින දිවයින පුවත්පත මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විසින් සිදු කරන ලද පහත ප්‍රකාශය වාර්තා කොට ඇත:
“දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.”
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන පරිශීලකයෙකු සිය සමස්ත දුරකථන බිල ලෙස රුපියල් 5,000 ක් ගෙවුවහොත්, එයින් රුපියල් 1,600 ක් බදු මුදල් ලෙස ගෙවන අතර, ඉතිරි රුපියල් 3,400 ක මුදල පරිශීලක ගාස්තු ලෙසින් ජංගම දුරකථන සේවා සමාගම වෙත ගෙවනු ලැබේ. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අදහස් කර සිටින්නේ පුද්ගලයෙකුගේ ජංගම දුරකථන ගාස්තුවෙන් 47.05%ක් බදු වන බවයි.
ජංගම දුරකථන බදු පිළිබඳව මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සත්‍යයක්ද?
ඔහුගේ ප්‍රකාශයේ නිරවද්‍යතාවය පිරික්සීම සඳහා අප විසින් රටේ විශාලතම විදුලි සංදේශ සේවා සපයන්නා වන ඩයලොග් ආයතනය මගින් ලබා දී ඇති ජංගම දුරකථන බදු පිලිබඳ දත්ත පරිශීලනය කොට ඇත.
අප විසින් 1 වගුව මගින් දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් උක්ත ප්‍රකාශය සිදුකළ කාල වකවානුව තුළ විවිධ ජංගම දුරකථන සේවා සඳහා වූ පරිශීලක ගාස්තු වෙනුවෙන් වූ බදු අනුපාතිකයනුයි.
1 වගුව මගින් දැක්වෙන පරිදි දුරකථන ඇමතුම් සහ වෙනත් අගය එකතු කළ සේවාවන් සඳහා වන බදු අනුපාතය 49.67% ක් වේ. එය සැබවින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කළ 47.05% ක අගයට ආසන්න ය.
කෙසේ වුවත් 1 වගුව මගින් වැඩිදුරටත් දැක්වෙන්නේ අනෙකුත් විවිධ සේවාවන් සඳහා වන බදු අනුපාතය 19.74% ක් පමණක් වන බවයි. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ ප්‍රතිශත අගයට වඩා ඉතා අඩු අගයක් වේ.
ඒ අනුව දුරකථන ඇමතුම් සහ වෙනත් අගය එකතු කළ සේවාවන්ට අමතරව සැපයෙන සේවාවන් සඳහා පරිශීලකයෙකු දුරකථන බිල ලෙසින් ගෙවන සෑම රුපියල් 5,000 ක් සඳහාම, බදු මුදල ලෙසින් ගෙවෙන්නේ රුපියල් 825 ක මුදලක් මිස රු. 1600ක් නොවේ.
මෙසේ ගත් විට අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍යයයි කිව හැක්කේ ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ දුරකථන ඇමතුම් හා අගය එකතු කළ සේවාවන් ලබා ගැනීමට නම් පමණි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා වන්නේ දුරකථන ඇමතුම් සහ අගය එකතු කළ සේවාවන් සඳහා පමණක් යැයි උපකල්පනය කළ නොහැක. දත්ත හුවමාරුව මත පදනම් වූ සේවාවන් සහ ජාත්‍යන්තර දුරකථන ඇමතුම් සඳහා ද ජංගම දුරකථනයන් බහුලව යොදා ගැනේ. මෙම තත්වය සැලකිල්ලට ගත් විට පරිශීලක ගාස්තු වෙත පැනවෙන බදු මුදල් ප්‍රතිශතය 47.05% ට වඩා අඩු වනු ඇත.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ බදු ප්‍රතිශතය ආසන්න වශයෙන් නිවැරදි වන්නේ එක් ආකාරයක ජංගම දුරකථන සේවාවක් සඳහා පමණක් වන බැවින්, එම ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් වර්ග කළ හැක.
වගුව 1: ජංගම දුරකථන සේවා වර්ගය අනුව අය කරන බදු ප්‍රතිශතය
Sources
ඩයලොග් වෙබ් අඩවිය, 2018 ඔක්තෝබර් 30 වනදාට අනුව: https://www.dialog.lk/tax