• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

අනුර ප්‍රියදර්ශන යාපා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ලංකාවේ වනාන්තර ගහණය ඇත්තේ 29.2% ක් පමණයි.

ලංකදීප: 9 Dec 2020

True

Statement

ලංකාවේ වනාන්තර ගහණය ඇත්තේ 29.2% ක් පමණයි.

Fact check

ශ්‍රී ලංකාවේ වන ගහණය ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා කියන කතාව හරි

ශ්‍රී ලංකාවේ වන ආවරණය 29.2% ක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සිය ප්‍රකාශය තුළින් පවසා සිටී. මෙම ප්‍රකාශයේ නිරවද්‍ය භාවය තක්සේරු කිරීම සඳහා FactCheck මගින් ශ්‍රී ලංකා වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති නවතම දත්ත පරිශීලනය කොට ඇත. කෙසේ නමුත් කණගාටුවට කරුණ වන්නේ, දැනට පවතින ප්‍රකාශිත නවතම දත්ත අදාළ වන්නේ 2012 වර්ෂයට වීමයි (නිදර්ශකය 1 බලන්න). 

‘වන ආවරණය’ යන්නෙහි අර්ථ දැක්වීමට, ආරක්ෂිත ප්‍රදේශයන්හි භූමි භාගයන් හා අනෙකුත් රජයේ ඉඩම් සහ ගංගාධාර රක්ෂිතයන් තුළත්, එසේම පූජ්‍ය ස්ථාන, වතු හා වැවිලි ඉඩම් ඇතුළු විශාල පෞද්ගලික ඉඩම් තුළත් පිහිටි කඩොලාන ඇතුළු සියලුම ස්වභාවික වනාන්තර ඇතුළත් වේ. ඒ අනුව, 2012 වසරේදී වාර්තාගතව ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ වන ආවරණය 29.2% කි. මෙම ප්‍රතිශතය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ දැක්වෙන ප්‍රමාණයට ආසන්න වේ. එනම් එහි වෙනස 0.5% ක් පමණක් වේ. භූමිය පැතිර ඇති ප්‍රමාණය අනුව ගත් විට, 0.5% ක වෙනසක් යනු හෙක්ටයාර 32,000 ක පමණ ප්‍රමාණයකි. එනම්, දළ වශයෙන් එය කොළඹ දිස්ත්‍රික්කයෙන් අඩක් පමණ වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලබාගැනීමට ඇති නවතම දත්ත පැරණි වන අතර, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත සංග්‍රහයේ 40 වන වෙළුමෙහි, වන ආවරණය අඩුවීම සම්බන්ධයෙන් සංශෝධනය කරන ලද යාවත්කාලීන සංඛ්‍යාලේඛන ඇතුළත් වනු ඇතැයි අපේක්ෂිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරනු ලැබූ ප්‍රතිශත අගය 2012 වසරේ ලබාගැනීමට ඇති නවතම දත්ත හා ආසන්න වශයෙන් සමපාත වේ. එසේම 2021 වසරේ ප්‍රකාශයට පත්වීමට නියමිත යාවත්කාලීන සංඛ්‍යාලේඛන මගින් වන ආවරණයේ සුළු අඩුවීමක් පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එවිට එය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් ප්‍රතිශතයට තවතවත් ආසන්න වනු ඇත. එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපාගේ ප්‍රකාශය නිවැරදි වේ යැයි අපි වර්ගීකරණය කරමු.

මේ සම්බන්ධයෙන් යාවත්කාලීන සංඛ්‍යාලේඛන නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ විට, FactCheck මගින් මෙම විශ්ලේෂණය පුනරීක්ෂණය කෙරෙනු ඇත.

සටහන්:                                                                                                                              

"වන ආවරණය" යන්නෙහි වර්ගීකරණයට ඇතුළත් කරනු ලබන්නේ කුමන වර්ගයේ භූමීන්ද යන්න මත පදනම්ව, විවිධ ලැදියාව දක්වන පාර්ශවකරුවන් අතර වන ආවරණයේ ප්‍රමාණය සම්බන්ධයෙන් සැලකිය යුතු තරමින් විවිධාකාර වූ මතයන් දක්නට ලැබේ. උදාහරණයක් ලෙසින් ගතහොත්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් වනාන්තර අර්ථ දක්වා ඇත්තේ මෙසේයි: "හෙක්ටයාර 0.5 කට වැඩි ප්‍රමාණයක් තුළ 10% කට වැඩි වපසරියක පැතිරුණු තුරු හිස් ආවරණය (හෝ ඊට සමාන වෘක්ෂ පැතිරුම් ප්‍රමාණයක්) සහිත භූමි භාගයකි. එම වෘක්ෂයන්ට පරිණත වන විට එම ස්ථානයේ මීටර 5 ක පමණ අවම උසකට වැඩීමට හැකි විය යුතුය. වතු ඉඩම් සහ ස්වභාවික වනාන්තර ලෙසින් වනාන්තර තවදුරටත් උප කොටස් වලට බෙදා ඇත”. මෙම අර්ථ දැක්වීම ඔස්සේ, වතු ඉඩම්/වාණිජ වනාන්තර සහ රබර් වතු ද වන ආවරණයට ඇතුළත් කිරීමට අවකාශ ලැබේ. ඒ අනුව බැලූ විට, ශ්‍රී ලංකාවේ සමස්ත වන ආවරණය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 31.4ක ප්‍රතිශතයක් දක්වා ඉහළ යයි.


Sources

මූලාශ්‍ර: එදිරිසිංහ, ඊ. ආරියදාස, කේ. සහ චාන්දනී, ආර්., 'ශ්‍රී ලංකාවේ වන ආවරණ තක්සේරුව’ (Forest Cover Assessment in Sri Lanka), The Sri Lanka Forester (The Ceylon Forester), වෙළුම් අංක.34, ISSN 0258-624X (2012). පිටු අංක 1-12.


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION