
FactCheck.lk විසින් ඉදිරිපත් කොට ඇති විශ්ලේෂණයන්හි නිරවද්‍යභාවය පිළිබඳව ගැටළු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, 2020 මැයි 29 වන දින ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හා ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කරයි. මෙසේ FactCheck.lk පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරන්නට යෙදුණත්, ගම්මන්පිල මහතා මේ වන තුරුත් අපගේ විශ්ලේෂණයන්හි නිරවද්‍යතාවය අභියෝගයට ලක් කිරීම සඳහා දත්ත හෝ කරුණු ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ තුළ හෝ සෘජුවම අප වෙත ඉදිරිපත් කොට නැත. අප විසින් FactCheck.lk ඔස්සේ ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති විශ්ලේෂණයන් නිවැරදි නොවේ යැයි ගම්මන්පිල මහතාට හැඟෙන්නේ නම්, FactCheck.lk වෙත ප්‍රසිද්ධ විවේචන එල්ල කරනු වෙනුවට අපගේ විශ්ලේෂණයන් සම්බන්ධයෙන් තමන්ට දැක්වීමට ඇති දත්ත හා තොරතුරු අප වෙත ඉදිරිපත් කරන මෙන් ඒ මහතාගෙන් අපි නැවතත් ඉල්ලා සිටිමු.
අපගේ විශ්ලේෂණයන් නිරවද්‍ය නොවේ යැයි වැටහේ නම්, FactCheck.lk තුළ ප්‍රතිචාර දැක්වීමට ලබාදී ඇති අයිතිය (Right of Reply) භාවිතා කරමින් ඒ සම්බන්ධයෙන් අපව දැනුවත් කරනා ලෙසට අප මින් පෙරද ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා ඇත (http://factcheck.lk/blog/factchecklk).
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල සම්බන්ධයෙන් මින් පෙර FactCheck.lk සිදුකළ විශ්ලේෂණයන් මෙතැනින්:
http://factcheck.lk/claim/udaya-gammanpila-13
http://factcheck.lk/claim/udaya-gammanpila-10
http://factcheck.lk/claim/udaya-gammanpila-7